Connect with us

විදෙස්

ඇන්ටාක්ටිකාවේ පෙන්ග්වින් පැටව් 10,000ක් පමණ මියගිහින්!

Published

on

ඇන්ටාක්ටික් මහද්වීපයේ මුහුදු අයිස් දිය වීමක් හේතුවෙන් එහි සිටි පෙන්ග්වින් පැටවුන් 10,000ක් පමණ මියගොස් ඇති බව විද්‍යාඥයන් පවසයි.

පසුගිය වසර අගදී සිදුවී ඇති මෙම විනාශය චන්ද්‍රිකා මගින් පටිගත කර ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ එම්පරර් පෙන්ග්වින් විශේෂයට අයත් පැටවුන්ය.

මෙම පැටවුන්ගේ සාගරයේ පිහිනීමට අවශ්‍ය ජලය නොරැඳෙන (water) පිහාටු වර්ධනය කිරීමට ඔවුන්ගේ කොලනිය (රැළ) සිටි ප්‍රදේශයේ මුහුදු අයිස් දියවී කැඩී ගොස් ඇත. ඒ අනුව, මෙම පැටවුන් දියේ ගිලී හෝ සීතලට ගල්වී මියයන්නට ඇතැයි විද්‍යාඥයන් අනුමාන කරයි.

කාබන් විමෝචනය ඉහළ යාමත් සමග ගෝලීය උෂ්ණත්වයද ඉහළ යාම හේතුවෙන් පෘථිවියේ ඇති අයිස් තට්ටු දිගින් දිගටම දියවෙමින් යන අතර,  මේ හේතුවෙන් මෙම ශතවර්ෂය අවසන් වන විට ලොව සිටින එම්පරර් පෙන්ග්වින් කොලනි 90%ක් වඳ වී යනු ඇතැයි විද්‍යාඥයන් පුරෝකථනය කර තිබේ.

විදෙස්

ටෙක්සාස් හි ගංවතුර නිසා මරණ සංඛ්‍යාව තවත් ඉහළට

Published

on

By

අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයට බලපෑ හදිසි ගංවතුර තත්ත්වය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 24ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ටෙක්සාස් ප්‍රාන්තයේ ග්වාඩලූප් ගඟ දිගේ ජල මට්ටම ඉහළ යෑමෙන් ඇති වූ මෙම ගංවතුර නිසා තවත් බොහෝ පිරිසක් අතුරුදහන් වී ඇත.

Continue Reading

විදෙස්

අමෙරිකානු තීරුබදු අනුපාත අද සිට ලිපි මගින් එක් එක් රටට

Published

on

By

තීරුබදු විරාමය ජූලි 9 වන දින අවසන් වීමට පෙර, තම පරිපාලනය රටවල්වලට යටත් වන තීරුබදු අනුපාත පිළිබඳව දැනුම් දෙමින් ලිපි යවන බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ.
 
ඔහු පවසා සිටියේ අද (04) සිට එම ලිපි යැවීම ආරම්භ කරන බවය.
 
වියට්නාමය සමඟ බදාදා ප්‍රකාශයට පත් කරන ලද වෙළඳ ගිවිසුමකට අමතරව “තවත් ගිවිසුම් කිහිපයක්” අත්සන් කිරීමට අපේක්ෂා කරන බව ද  ජනපතිවරයා විසින් සඳහන් කර ඇත.

Continue Reading

විදෙස්

මගී නෞකාවක් පෙරළි සිව්දෙනෙකු මියගොස් 38ක් අතුරුදහන්

Published

on

By

ඉන්දුනීසියානු බාලි දූපත අසල පුද්ගලයින් 65 දෙනෙකු රැගත් මගී නෞකාවක් ගිලී යාමෙන් මේ වන විට සිව්දෙනෙකු මියගොස් 38 දෙනෙකු අතුරුදහන් වී 23 දෙනෙකු දිවි ගලවා ගෙන ඇති බව වාර්තා වේ.

නැගෙනහිර ජාවා හි බන්යුවන්ගි වරායෙන් ඊයේ (02) බාලි බලා මෙම මගී නෞකාව පිටත්ව ගොස් ඇත.

ගමන ආරම්භ කර පැය භාගයකට පමණ පසු මෙම නෞකාව පෙරළි ගිලී ගොස් ඇති සඳහන් වේ.

බෝට්ටුවේ මගීන් 53 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 12 දෙනෙකු සිට ඇති අතර එම නෞකාවේ ට්‍රක් රථ 14ක් ඇතුළුව රථ වාහන 22 ක් ද තිබී ඇති බව වාර්තා වේ.

අතුරුදහන් වූවන් සෙවීමේ කටයුතු සිදුවෙමින් පවතින නමුත් අයහපත් කාලගුණය හේතුවෙන් දැඩි බාධා එල්ල වී බව සඳහන් වේ.

දූපත් 17,000 කට වඩා වැඩි දූපත් සමූහයක් වන ඉන්දුනීසියාවේ මෙම මගී නෞකා සාමාන්‍ය ප්‍රවාහන ක්‍රමයක් වන අතර, ප්‍රමාණවත් ජීවිතාරක්ෂක උපකරණ නොමැතිව මෙම නෞකා යාත්‍රා කරන අතර දැරිය නොහැකි තරමට බර පටවා ගැනීම හේතුවෙන් අනතුරු බහුලව සිදු වන බව සඳහන් වේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved