පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් හා හිටපු විදේශ කටයුතු ඇමති – ශාහ් මහ්මුද් කුරෙෂි දෙදෙනාව ලක්ෂ 10 ක් බැගින් වූ ඇප බැඳුම්කරයක් මත නිදහස් කිරීමට පාකිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණය අද (22) නියෝග කළේය.
ඛාන් මහතා විසින් රාජ්‍යතාන්ත්‍රික ලියවිල්ලක් යළි භාර නොදීම් සම්බන්ධයෙන් එරට ෆෙඩරල් පරීක්ෂණ ඒජන්සිය (FIA) විසින් එල්ල කළ චෝදනාවක් සම්බන්ධයෙන් මෙම නඩුව පැවැත්වුණි.
සර්දාර් තරික් මසූඩ්, අතාර් මිනාල්ලා සහ සයිඩ් මන්සූර් අලි ෂා යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ තරීක් ඊ ඉන්සාෆ් පක්ෂය ගොනු කරනු ලැබූ පෙත්සමක් විභාගයට ගත් අවස්ථාවේ එම විනිසුරුවරුන් විසින් මෙම නියෝගය නිකුත් කළේය.
නඩුවට ඇප නියම වුවත් ඔහු අග්‍රාමාත්‍ය ධුරය හොබවද්දී වෙනත් රටවල රාජ තාන්ත්‍රිකයන්ගෙන් ලැබුණු ත්‍යාග විකිණීම සම්බන්ධයෙන් චෝදනා ලැබ වරදකරු වී වසර 3 ක සිර දඬුවමක් නියම වී සිටින නිසාත් තවත් චෝදනා ගණනාවකට ඔහුට එරෙහිව වරෙන්තු නිකුත් වී තිබීම නිසාත් ඉම්රාන් ඛාන් නිදහස් වන දිනයක් ප්‍රකාශ කර නොහැකි බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර ඇත.