ඊශ්‍රායලය විසින් එල්ල කළ ප්‍රහාර හමුවේ ඉරානයද දැවැන්ත බැලස්ටික් මිසයිල හා ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ.
මේ හේතුවෙන් ජෙරුසලමේ පිපිරීමක් කිහිපයක් සිදුව ඇති බවත්, ඊශ්‍රායල අගනුවර වන ටෙල් අවිව්හි අහස උසට කළු දුමාරයක් නැඟී ඇති බවත් විදෙස් වාර්තා සඳහන් කරයි.ඊශ්‍රායල ආරක්ෂක හමුදාවන් විසින් ඊයේ (13) ඉරාන අගනුවර වන ටෙහරාන හා නටාන්ස් න්‍යෂ්ටික භූමිය ඇතුළු ප්‍රදේශ කිහිපයකට එල්ල කළ ගුවන් ප්‍රහාර මාලාවෙන් ඉරාන හමුදා ප්‍රධානීන් තිදෙනෙකු, විද්‍යාඥයින් හය දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, තවත් 300කට අධික පිරිසක් තුවාල ලැබීය.
මේ අතර, ඊශ්‍රායල – ඉරාන ගැටුම් හමුවේ සිය ගුවන් සීමා වසා දැමීමට ජෝර්දානය හා ඉරාකය තීරණය කර තිබේ.
ප්‍රංශ පුවත් සේවය වෙත අදහස් දක්වමින් ජෝර්දාන රාජධානි රජයේ ප්‍රකාශක – මොහොමඩ් මොමානී පවසා තිබුණේ කිසිඳු ගැටුමකදී ජෝර්දානය යුදභූමියක් නොවන බවත්, සිය ගුවන් අවකාශය අවභාවිතා කිරීමට ඉඩ ලබා නොදෙන බවත්ය.
ඉරාක පුවත් ඒජන්සියද වාර්තා කර තිබුණේ සිය ගුවන් අවකාශය වසා දමා එරට සියලු ගුවන්තොටුපලවල් වල ගුවන්ගමන් කටයුතු නවැත්වීමට ඉරාකයේ ප්‍රවාහන අමාත්‍යංශය තීරණය කර ඇති බවයි.