උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ හත්‍රාස් දිස්ත්‍රික්කයේ පැවති හින්දු ආගමික උත්සවයක් අතරතුරදී ඇති වූ තදබදයෙන් මියගිය ගණන 121ක් දක්වා ඉහළ ගොස් ඇති බව ඒජන්සි වර්තා සඳහන් කරයි.
මියගිය පිරිසෙන් බහුතරයක් කාන්තාවන්ය.
ආගමික උත්සවය අවසන් වීමත් සමග පැමිණ සිටි පිරිස එකවර පිටවීමට උත්සාහ කිරීමේ දී මෙම තදබදය ඇතිව තිබෙන බව වාර්තා වේ.
මේ සමබන්ධයෙන් වහාම පරීක්ෂණයක් සිදුකරන ලෙස උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ මහ ඇමති යෝගි ආදිත්‍යනාත් මහතා නියෝග කර තිබේ.