විදෙස්

එ.ජා ආරක්ෂක කවුන්සිලය, ගාසා තීරයේ සටන් විරාමයක් ඉල්ලයි

Published

on

වහාම ක්‍රියාත්මක වන පරිදි ගාසා තීරයේ සටන් විරාමයක් ක්‍රියාත්මක විය යුතු බව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය ඉල්ලා තිබේ.

ඔවුන් පවසා ඇත්තේ සියලුම ප්‍රාණ ඇපකරුවන් වහාම සහ කොන්දේසි විරහිතව නිදහස් කළ යුතු බවයි.

පසුගිය ඔක්තෝබරයේදී ගාසා තීරයේ සටන් ඇවිලීමෙන් අනතුරුව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය විසින් සටන් විරාමයක් ඉල්ලූ පළමු අවස්ථාව මෙයයි.

මේ පිළිබඳ යෝජනාව සඳහා පැවති ඡන්ද විමසීමේදී ඇමෙරිකාව ඡන්දය ප්‍රකාශ නොකළ අතර, අනෙකුත් සාමාජිකයන් 14 දෙනාම එයට සහය දෙමින් ඡන්දය ප්‍රකාශ කර ඇත.

කෙසේවෙතත්, ඇමෙරිකාව විසින් මෙහිදී සිය වීටෝ බලයද පාවිච්චි කර නොතිබීමද විශේෂත්වයකි.

කෙසේවෙතත්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයට පත් කර ඇති ඇමෙරිකානු නියෝජිත – ජෝන් කර්බි පවසා තිබුණේ මෙම යෝජනාව සම්මත වීමට ඉඩදුන්නද, ඇමෙරිකාවේ ප්‍රතිපත්තිය වෙනස් වී ඇති බව එමගින් පිළිඹිබු නොවන බවයි. ඔහු පෙන්වා දී ඇත්තේ සටන් විරාමයක් වෙනුවෙන් ඇමෙරිකාව සහය පළ කළද, එම යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ නොකළේ එම යෝජනාව මගින් හමාස් සංවිධානය හෙළා නොදැකීම හේතුවෙන් බවයි.

Trending

Exit mobile version