විදෙස්

කතුන් 11 ලක්ෂයක් සුක්කානම අතට ගිනියි!

Published

on

මෙරට ලියාපදිංචි එක්කෝටි විසි හත් ලක්ෂයකට අධික රියැදුරු බලපත්ලාභීන් අතරින් එකොළොස් ලක්ෂ විසි දෙදහස් හාරසිය දහඅට දෙනකු කාන්තාවන් බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතරින් බර වාහන පැදවිය හැකි කාන්තාවන් දෙදහස් අසූ දෙදෙනකු සිටින බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ රියැදුරු බලපත් කොමසාරිස් වසන්ත ආරියරත්න පැවසීය.

2010 වසරේ දෙසැම්බර් 31 වන විට මෙරට කාන්තාවන් විසිතුන් දහස් හාරසිය අසූ අට දෙනකු පමණක් රියැදුරු බලපත් ලබාගෙන තිබුණත් 2020 දෙසැම්බර් 31 දක්වා වන දශකයක කාලය තුළ කාන්තාවන් රියැදුරු බලපත්‍ර ලබාගැනීමේ වර්ධනයක් පෙන්නුම් කර තිබේ.

මෙම දශකයක කාලය තුළ පමණක් නව ලක්ෂ හතළිස් තුන්දහස් හත්සිය හතළිස් නව දෙනකු රියැදුරු බලපත් ලබාගෙන ඇතැයිද මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.

මේ තොරතුරු හෙළිව ඇත්තේ කාන්තාවන් රියැදුරු බලපත් ලබාගැනීමේ ප්‍රවණතාව සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීමේ පනත යටතේ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයාගෙන් කළ තොරතුරු විමසුමකට අනුවය.

(අරුණ)

Trending

Exit mobile version