Connect with us

විදෙස්

කමලා හැරිස් ගේ තේරීම ටිම්

Published

on

අමෙරිකානු ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂිකා කමලා හැරිස් තම උප ජනාධිපති ලෙස තරග කරන පුද්ගලයා (Running Mate) ලෙස ටිම් වොල්ස් තෝරාගෙන ඇත.

මේ පිළිබඳ නිල වශයෙන් අද රාත්‍රියේදී නිවේදනය කෙරෙනු ඇති බව විදෙස් වාර්තා වල දැක්වේ.

කලින් ගුරුවරයෙකු වූ වෝල්ස්, මේ වන විට මිනසෝටා ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කරයි.

කෙසේවෙතත්, වොල්ස් යනු ‘භයානක ලිබරල් අන්තවාදීයෙකු’ බවයි ට්‍රම්ප් ගේ මාධ්‍ය මෙහෙයුම පවසන්නේ.

පුවත්

RCB ජය සැමරුම අතර තෙරපීමකින් 11ක් මරුට

Published

on

By

මෙවර IPL ශූරයන් ලෙස කිරුළ පැළඳි රෝයල් චැලෙන්ජර්ස් බෙංගලූරු (RCB) කණ්ඩායමේ ජය සැමරුම සඳහා බෙගලූරුහිදී අද (04) සංවිධානය කර තිබූ සැමරුම් උත්සවයේ ඇති වූ තෙරපීමකින් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් තිබේ.

මෙම අනතුරෙන් තවත් 50කට අධික පිරිසක් තුවාල ලබා ඇති බව ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි.

Continue Reading

විදෙස්

කැනඩාවේ සමූහ වෙඩි තැබීමක්

Published

on

By

කැනඩාවේ ටොරොන්ටෝ හි දී සමූහ වෙඩි තැබීමක් සිදුව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ වෙඩිතැබීමෙන් පුද්ගලයෙකු මියගොස් තවත් පුද්ගලයින් 5 දෙනෙකු තුවාල ලබා ඇති බවය.

එරට පොලීසිය සැකපළ කරන්නේ වෙඩි තැබීම සඳහා පුද්ගලයින් කිහිපදෙනෙකු පැමිණ ඇති බවටය. 

Continue Reading

විදෙස්

දකුණු කොරියානු නව ජනාධිපති දිවුරුම් දෙයි

Published

on

By

දකුණු කොරියානු ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ ලී ජේ-මියුන්ග් ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දී තිබේ.

සෝල්හි ජාතික සභාවේ පැවති සිය පදවි ප්‍රාප්ති උත්සවයේදී ඔහු මෙලෙස දිවුරුම් දුන් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

දකුණු කොරියාවේ පැවති ජනාධිපතිවරණයෙන් විපක්ෂය නියෝජනය කරමින් ඉදිරිපත් වූ ලී ජේ මියුන්ග් මෙලෙස ජයග්‍රහණය වාර්තා කළේය.

ඒ ආන්දෝලනාත්මක දකුණු කොරියානු ජනාධිපතිවරයාව දෝෂාභියෝගයකින් බලයෙන් පහකිරීමෙන් පසුව පැවති ජනාධිපතිවරණයෙන් අනතුරුවය.

ප්‍රකාශිත ඡන්දවලින්  49.31%ක වැඩි ප්‍රතිශතයක් දිනාගැනීමට ලී ජේ-මියුන්ග් සමත්වුණි.

ලී ජේ-මියුන්ග් ගේ ප්‍රතිවාදීන් ලෙස ජනාධිපතිවරණයට පාලක කොන්සර්වේටිව් පීපල් පවර් පක්ෂයේ කිම් මූන්-සූ සහ තවත් අපේක්ෂකයින් තිදෙනෙකු තරග කරනු ලැබීය.

ප්‍රතිවාදී කිම් මූන් සූ ලබාගෙන ඇති ඡන්ද ප්‍රතිශතය  41.30%කි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved