විදෙස්

කොවිඩ්වලින් පසු චීනය, විදෙස් සංචාරකයන්ට විවෘත වෙයි

Published

on

කොවිඩ් ගෝලීය වසංගතය හේතුවෙන් විදේශික සංචාරකයන් හට පනවා තිබූ සීමා ඉවත් කිරීමට චීනය පියවර ගෙන තිබේ.

ඒ අනුව, හෙට (15) දිනයේ සිට සියලු කාණ්ඩ වල වීසා බලපත්‍ර නිකුත් කිරීමට අරඹන බව එරට විදේශ කටයුතු අමාත්‍යංශය විසින් සිදුකළ නිවේදනයක දැක්වේ.

චීනය මේ අයුරින් විදෙස් සංචාරකයන් හට සිය දේශසීමා විවෘත කරන්නේ කොවිඩ් වසංගතය ආරම්භ වී තෙවසරකට පසුවයි.

2020 මාර්තු 28 දින සිය දේශසීමා වැසීමට පෙර නිකුත් කරන ලද වලංගු වීසා බලපත්‍ර මාර්තු 15 සිට පිළිගැනෙනු ඇති බවත්, කෲස් නෞකා සඳහා හයිනෑන් දූපතට හා ෂැංහායි නුවරට වීසා රහිත ප්‍රවේශය යළි ආරම්භ වීමට නියමිත බවත් විදෙස් වාර්තා වල දැක්වේ.

තවද, හොංකොං සහ මකාව් සිට සංචාරක කණ්ඩායම්වලට වීසා රහිත ඇතුළුවීමට අවසර දෙන අතර, වෙනත් රටවල පවතින චීන කොන්සියුලර් කාර්යාල වලින් වීසා අයැදුම්පත් සැකසීම නැවත ආරම්භ කරනු ඇත.

මේ අතර, චීන පුරවැසියන්ටද සංචාරක කණ්ඩායම් ලෙස රටවල් 60ක සංචාරය කිරීමටද අවස්ථාව හිමිවේ. මීට පෙර, ඔවුන්ට සංචාරය කිරීමට හැකිවූයේ රටවල් 20ක් අතර පමණි.

Trending

Exit mobile version