විදෙස්

කෲරත්වයෙන් බැහැරව ආගමික චාරිත්‍ර ඉටුකරන්න රොබෝ අලියෙක් අරන්!

Published

on

දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ කෝවිලක් තම චාරිත්‍ර වාරිත්‍ර පැවැත්වීම සඳහා රොබෝ අලියෙකු යොදාගෙන ඇත.

මෙලෙස රොබෝ අලියෙකු යොදාගෙන ඇත්තේ ත්‍රිසූර් දිස්ත්‍රික්කයේ ඉරිංජාදප්පිලි ශ්‍රී ක්‍රිෂ්ණා කෝවිල විසිනි.

මෙම පියවර ගෙන ඇත්තේ උත්සව සඳහා සජීවී සතුන් භාවිතා කිරීම නැවැත්වීම සඳහා සිදුකළ මුලපිරීමක් වශයෙනි.

මෙම රොබෝ අලි ආකෘතිය පරිත්‍යාග කර ඇත්තේ People for Ethical Treatment of Animals (PETA) ඉන්දියාවේ සහ නිළි Parvathy Thiruvothu විසිනි.

“සත්ත්ව කෲරත්වයෙන් තොරව” උත්සව පැවැත්වීමට මෙය උපකාර වනු ඇතැයි ඔවුන්ගේ බලාපොරොත්තුවයි.

දම්වැල් දමා, සරසන ලද අලි ඇතුන්, කේරළයේ ආගමික උත්සවවල ප්‍රධාන තැනක් ගන්නා අතර, ඉන්දියාවේ සිටින හීලෑ අලින්ගෙන් 1/5ක් පමණ සිටින්නේ මෙම ප්‍රාන්තයේය.

පසුගිය සතියේදී සත්ත්ව අයිතීන් පිළිබඳ පර්යේෂණ මධ්‍යස්ථානය කේරළ ප්‍රධාන අමාත්‍යවරයාට ලිපියක් යොමුකරමින් පවසා තිබුණේ වසර 2018 – 2023 කාලය අතරදී එම ප්‍රාන්තයේ සිටි හීලෑ අලින් 138ක් මියගොස් ඇති බවයි.

වසර ගණනාවක් පුරාවට, සත්ත්ව සුභසාධන ක්‍රියාකාරීන්ද මෙම සතුන් ඉරණම පිළිබඳව කනස්සල්ල පළ කර ඇත.

Trending

Exit mobile version