විදෙස්

‘චන්ද්‍රයාන් 3’ සමග ඉන්දියාව ඉතිහාසගත වේ

Published

on

ඉන්දියාව විසින් අභ්‍යවකාශ ගත කරන ලද ‘චන්ද්‍රයාන් 3’ මෙහෙයුම අද (23) දිනයේදී සාර්ථක වූ අතර,  ඉන්දීය වෙලාවෙන් සවස 06.04ට සඳ මතට වික්‍රම් ලෑන්ඩරය ගොඩ බැස ඇත.

ඒ අනුව, සඳෙහි දක්‍ෂිණ ධ්‍රැවයට ගොඩබසින ලද පළමු අභ්‍යවකාශ මෙහෙයුම ලෙස ‘චන්ද්‍රයාන් 3’ ඉතිහාසගත වන අතර, සෝවියට් දේශය, ඇමෙරිකාව හා චීනයට පසුව සඳ මතට සාර්ථකව යානයක් ගොඩ බැස්ස වූ රට බවටද ඉන්දියාව පත්විය.

මේ සමග නිවේදනයක් නිකුත් කරමින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවසා තිබුණේ ඉන්දියාව සඳ මතට ගොස් සිටින බවයි.

වික්‍රම් ලෑන්ඩරය තුළ රෝද සයකින් සමන්විත Pragyaan රෝවර් යානය ඇති අතර, සියල්ල අපේක්ෂිත අයුරින් සිදුවුවහොත් දත්ත හා ඡායාරූප එකතු කරමින් මෙම යානය සඳ මත ගමන් කිරීමට නියමිතයි.

සදාකල් අන්ධකාරයේ පවතින චන්ද්‍රයාවේ අඳුරු ප්‍රදේශයේ ආවාට වල මිදුනු ජලය ඇති බව විද්‍යාඥයන් විශ්වාස කරයි.

Trending

Exit mobile version