නව ප්‍රභේදයක් වාර්තා නොවුන ද චීනයේ ශීඝ්‍ර කොවිඩ් ව්‍යාප්තියක් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
ඇතිවී තිබෙන තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතයින් පසුගිය දා චීන බලධාරීන් මුණගැසුණි.
එහිදී චීනයේ රෝග පාලන සහ වැළක්වීමේ මධ්‍යස්ථානය පෙන්වා දී ඇත්තේ, මේ වනවිට ව්‍යාප්ත වන්නේ ඔමික්‍රෝන් වෛරසයේ අනුප්‍රභේදයක් පමණක් බවයි.
නමුත් චීනය කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව සහ මරණ සංඛ්‍යාව සැබෑ දත්තවලට වඩා පහළ අගයකින් වාර්තා කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි තත්ත්ව පිළිබඳ අධ්‍යක්ෂ මයික් රයන් පවසා ඇත.
මේ වන විට චීනයෙන් පැමිණෙන සංචාරකයන් හට කොවිඩ් පරීක්ෂණ වාර්තා පෙන්වීම අනිවාර්ය කිරීමට ඇමෙරිකාව ඇතුළු රටවල් කිහිපයක් පියවර ගෙන ඇත. කෙසේවෙතත්, ඊයේ (04) දිනයේදී නිවේදනයක් නිකුත් කරමින් නවසීලන්ත සෞඛ්‍ය අමාත්‍යවරිය වන අයේෂා වැරල් පවසා තිබුණේ චීනයේ සිට පැමිණෙන සංචාරකයින් හට සෘණාත්මක COVID-19 පරීක්ෂණයක් ඉදිරිපත් කිරීමට අවශ්‍ය නොවන බවයි.