චංග්’අ 6 යානය සාර්ථක ලෙස චන්ද්‍රයා මතුපිට ගොඩබැස ඇති බව චීනයේ ජාතික අභ්‍යවකාශ පාලනාධිකාරිය පවසයි.
මෙම යානය ජුනි 01වැනිදා බෙයිජිං වේලාවෙන් පෙ.ව. 06.23ට චන්ද්‍රයාගේ දක්ෂිණ ද්‍රැවයේ එයිට්කන් බේසමට ගොඩ බැස තිබේ.
මෙහි අරමුණ වන්නේ පළමු වරට චන්ද්‍රයාගේ මෙම ප්‍රදේශයේ පාෂාණ හා පස් සාම්පල රැස්කිරීමයි.
චන්ද්‍රයාගේ පෘථිවයට නොපෙනෙන පැත්තෙන් පාෂාණ සාම්පල රැස්කෙරෙන්නේ මානව ඉතිහාසයේ පළමු වරටයි.
යානය මැයි 03 වැනිදා අභ්‍යවකාශගත කිරීමෙන් අනතුරුව චංග්’අ 6 යානය චන්ද්‍රයා හා කක්ෂගත විය. චන්ද්‍රිකා ආධාරයෙන් නිසි ස්ථානයේ ගොඩබැස්සවූ මෙහි ලෑන්ඩර කොටස, දින දෙකක් පුරා සාම්පල රැස් කිරීමට නියමිතයි.
මෙහි තවත් විශේෂත්වයක් වන්නේ යුරෝපා අභ්‍යවකාශ ඒජන්සියේ මෙන්ම ප්‍රංශයේ හා ඉතාලියේ නිපදවූ තාක්ෂණික උපකරණද මෙම ලෑන්ඩරයට සවිකර තිබීමයි.