Connect with us

විදෙස්

ජපානයෙන් අලුත් පළතුරක්

Published

on

ජපාන ගොවීන් පිරිසක් විසින් මෙතෙක් ලෝකයේ ජනතාව රස බලා නොතිබූ පළතුරක් එරට වෙළඳපොළට නිකුත් කරනු ලැබ ඇත.ප්‍රථම වරට වෙළඳපොළට නිකුත් කර ඇති මෙම පළතුර ලෙමන් පැණි කොමඩු ලෙස හඳුන්වනු ලබයි.

ලෙමන් සහ පැණි කොමඩු ශාකය එක් කිරීමෙන් මෙම දෙමුහුම් පළතුර නිපදවීමට ජපාන ගොවීන් සමත් වී ඇත.මෙම නව පළතුර ආහාරයට ගනු ලබන්නෙකුට ඇඹුල් රසයක් එක් වූ ගැඹුරු පැණි රසක් දැනෙන බව ජපාන ගොවීන් පවසයි.එය මින් පෙර කිසිවකු රසවිඳ නොතිබූ අද්විතීය රසයක් බව එම ගොවීන් පෙන්වා දී ඇත.

පෙනුමෙන් පැණි කොමඩු ගෙඩියක් වැනි ලෙමන් පැණි කොමඩු ගෙඩි වල අසාමාන්‍ය සුදක් තිබෙන බවත් එය පැණි කොමඩු ගෙඩියක් තරම් විශාල නොවන බවත් ජපාන ගොවීන් පවසයි.ලෙමන් පැණි කොමඩු ගෙඩියක් ජපාන වෙළඳපොළ තුළ ඇමෙරිකානු ඩොලර් 23.30 ක (ශ්‍රී ලංකා රුපියල් 7000 ක් පමණ ) මුදලකට මිල කර ඇත.

අගෝස්තු මාසය තෙක් සපෝරෝ නගරයේ වෙළඳපොළවල් තුළ ලෙමන් පැණි කොමඩු ගෙඩි ඇත්තේ 3800 පමණක් බවද ජපාන ගොවින් ප්‍රකාශ කර ඇත.

(ලංකාදීප)

විදෙස්

මෝටර් රථ 3000ක් සමග නැවක් ගිනිගනී

Published

on

By

ඇලස්කාවේ ඇලූටියන් දූපත් දාමයට ඔබ්බෙන් වූ මුහුදේ දී නෞව්කාවක් ගිනිගැනීමට ලක්ව තිබේ.

මෙම නෞව්කාව මගින් මෙක්සිකොව වෙත විදුලි මෝටර් රථ (Electric Vehicles) 800ක්  ඇතුළු වාහන 3,000ක් රැගෙන යමින් සිට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවන්හි දැක්වේ.

නෞකාවේ ඇති ගිනිනිවීමේ පද්ධතිය යොදාගනිමින් එහි කාර්ය මණ්ඩලය හදිසි ගිනිනිවීමේ ක්‍රියා පටිපාටි ආරම්භ කළත්, ඔවුන්ට ගින්න පාලනය කිරීමට නොහැකි වී තිබේ.

ඒ හේතුවෙන් නෞකාවේ කාර්ය මණ්ඩලයේ 22දෙදෙනෙකු නෞකාව අතහැර ජීවිත ආරක්ෂක බෝට්ටුමගින් ඉන් ඉවත් වී තිබේ.

එම කාර්ය මණ්ඩල සාමාජිකයින්ව උතුරු පැසිෆික් සාගරයේ ගමන්ගත් වෙළඳ නෞකාවක් විසින් බේරාගෙන ඇත.

Continue Reading

විදෙස්

ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානය ට්‍රම්ප්ගේ තීරණය හෙළාදකී (UPDATE)

Published

on

By

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් රටවල් කිහිපයක් සඳහා පැනවු තහනම ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානය හෙළාදැක තිබේ.

ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය පවසන්නේ ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ තීරණය අතිශයින්ම කුරිරු හා ජාතිවාදි තීරණයක් බවය.

ජාතිකත්වය මත පදනම්ව පුද්ගලයින් ඉලක්ක කර ගනිමින් මෙවැනි තහනමක් පැනවීම වෛරය පැතිරවීමක් ලෙස “හියුමන් රයිට් ෆස්ට්” සංවිධානය පෙන්වා දී තිබේ.

ජුනි මස 09වනදා සිට බලපැවැත්වෙන පරිදි ඇෆ්ගනිස්තානය, මියන්මාරය, ඉරානය, සෝමාලියාව, සුඩානය ඇතුලු රටවල් 12ක වැසියන් සඳහා අමෙරිකාවට ඇතුලුවීම තහනම් කරමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නියෝගයක් නිකුත් කර ඇති අතර ආරක්ෂක හේතූන් පදනම් කරගනිමින් මෙම පියවර ගන්නා බව ඔහු සඳහන් කර ඇත.


(පෙර පුවත 2025 ජූනි 05 ප.ව.8.37 )

රටවල් 12 කට ඇමරිකාවට ඇතුළුවීමට ට්‍රම්ප්ගෙන් තහනමක්

රටවල් 12 ක ජාතිකයින්ට එක්සත් ජනපදයට ඇතුළුවීම තහනම් කරමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අදාළ ලියවිලි සඳහා අත්සන් තබා තිබේ.

ඔහු පවසා ඇත්තේ “විදේශීය ත්‍රස්තවාදීන්ගෙන්” සහ අනෙකුත් ආරක්ෂක තර්ජන වලින් ආරක්ෂා වීම සඳහා මෙලෙස ක්‍රියා කළයුතු බවය.

එසේ තහනමට ලක් වු රටවල් වන්නේ ඇෆ්ගනිස්තානය, මියන්මාරය, චැඩ්, කොංගෝව, ඇක්වටෝරියල් ගිනියාව, එරිත්‍රියාව, හයිටි, ඉරානය, ලිබියාව, සෝමාලියාව, සුඩානය සහ යේමනයයි.

බුරුන්ඩි, කියුබාව, ලාඕසය, සියරා ලියොන්, ටෝගෝ, ටර්ක්මෙනිස්තානය සහ වෙනිසියුලාව යන තවත් රටවල් හතක පුද්ගලයින්ට ඇතුළුවීම අර්ධ වශයෙන් සීමා කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

සිය X ගිණුමේ වීඩියෝවක් පලකරමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ “අපට හානියක් වෙනවාට කැමැත්තෙන් සිටින පුද්ගලයින්ට අපගේ රටට ඇතුළු වීමට අපි ඉඩ දෙන්නේ නෑ,” යනුවෙනි.

එමෙන්ම ඔහු පවසා ඇත්තේ අදාළ ලැයිස්තුව සංශෝධනය විය හැකි බවත් එම ලැයිස්තුවට තවත් රටවල් එකතු විය හැකි බවත්ය.

මෙම ක්‍රියාමාර්ග 2025 ජුනි 09 වනදා සිට ක්‍රියාත්මක වීමට නියමිත අතර එම දිනයට පෙර නිකුත් කරන ලද වීසා අවලංගු නොකරන බව නියෝගයේ සඳහන් වේ.

ට්‍රම්ප් සිය පළමු ධුර කාලය තුළද බහුතර මුස්ලිම් රටවල් හතක සංචාරකයින් සඳහා තහනමක් ප්‍රකාශයට පත් කළ අතර, ට්‍රම්ප්ගෙන් පසු බලයට පත් වූ  හිටපු ජනාධිපති ජෝ බයිඩන් විසින් 2021 දී එම තහනම අවලංගු කළේය.

Continue Reading

පුවත්

RCB ජය සැමරුම අතර තෙරපීමකින් 11ක් මරුට

Published

on

By

මෙවර IPL ශූරයන් ලෙස කිරුළ පැළඳි රෝයල් චැලෙන්ජර්ස් බෙංගලූරු (RCB) කණ්ඩායමේ ජය සැමරුම සඳහා බෙගලූරුහිදී අද (04) සංවිධානය කර තිබූ සැමරුම් උත්සවයේ ඇති වූ තෙරපීමකින් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් තිබේ.

මෙම අනතුරෙන් තවත් 50කට අධික පිරිසක් තුවාල ලබා ඇති බව ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved