Connect with us

විදෙස්

ට්‍රම්ප් නිදහස්

Published

on

අමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ලෙස තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප්ට “කොන්දේසි විරහිතව නිදහස් කිරීමේ” දඬුවමක් නියම කර තිබේ. 

ඔහුට සිරගත කිරීමේ කාලය සහ දඩයක් ඉතිරි කරමින් විනිසුරුවරයා මෙම තීන්දුව නිකුත් කර ඇත.

ට්‍රම්ප් නිව් යෝර්ක් උසාවියේ නඩු විභාගයට පළමවරට පෙනීසිටි අතර ඒ සඳහා ඔහු වීඩියෝ සබැඳියක් උපයෝගී කර ගන්නා ලදී . ඔහුගේ නීතීඥවරයා සමඟ වාඩි වී ගල්ගැසුනු මුහුණකින් පෙනී සිටිමින් ට්‍රම්ප් පවසා ඇත්තේ මෙය විහිළුසහගත නඩු විභාගයක් බවය. විනිසුරු ලබා දුන් තීන්දුවට එරෙහිව අභියාචනා කරන බවත් නඩු විභාගයෙන් පසු සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් තබමින් ට්‍රම්ප් පවසා තිබේ.

නඩු පැවරීම කළ පාර්ශවයද කිසිදු සිර දඬුවමක් , පරිවාසයක් හෝ දඩයක් ඉල්ලා නැත. ඒ අනුව යමින් විනිසුරුවරයාද තීන්දු කර ඇත්තේ එල්ල වූ සියලු චෝදනාවලට ඩොනල්ඩ් ට්‍රම්ප් වරදකරු වූවත්, ඔහුව නිදහස් කරන බවය.

මෙය “භයානක අත්දැකීමක්” වූවත් තමන් “සම්පූර්ණයෙන්ම නිර්දෝෂී” බව ට්‍රම්ප් එහිදී පවසා තිබේ.

තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරු මර්චන් මෙය “අසාමාන්‍ය නඩුවක්” ලෙස හඳුන්වා ඇති නමුත් ඊට විශාල අවධානයක් ලැබුණු බවයි පවසා ඇත .
නමුත් මෙයත් සාමාන්‍ය අධිකරණ ක්‍රියාදාමයන් සහිත වූවක් බව ඔහු අවධාරණය කර ඇති බව සඳහන්ය .

පසුගිය මැයි මාසයේදී, වැඩිහිටි චිත්‍රපට තරුවක් වන ස්ටෝමි ඩැනියෙල්ස් වෙත ගෙවූ මුදල් පිළිබඳ ව්‍යාජ ලේඛන සකස් කිරීම පිළිබඳ ඩොනල්ඩ් ට්‍රම්ප් අපරාධ චෝදනා 34 කට වරදකරු විය. එහි තීන්දුව ඊයේ (10) ප්‍රකාශයට පත් කෙරුණි. ඒ අනුව, අමෙරිකානු ඉතිහාසයේ, අපරාධ චෝදනා 34කට වරදකරු වූ ඩොනල්ඩ් ට්‍රම්ප් ලබන 20 වනදා අමෙරිකානු ජනාධිපති ධූරයේ වැඩ භාරගනු ඇත.

විදෙස්

බ්‍රිතාන්‍ය රජයෙන් දැඩි තීරණයක්

Published

on

By

බ්‍රිතාන්‍ය රජය සංක්‍රමණිකයන් සඳහා වීසා ප්‍රතිපත්ති දැඩි කිරීමට තීරණය කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රැකියා වීසා යටතේ බ්‍රිතාන්‍යයට පැමිණෙන පිරිස සීමා කිරීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.

නව ප්‍රතිපත්ති ඇතුළත් “ඉමිග්‍රේෂන් වයිට් පේපර්” නම් ලේඛනය අද (12) එරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

පුහුණු ශ්‍රමිකයින්ට වීසා ලබාදීමේදී ඔවුන්ගේ උසස් අධ්‍යාපන සුදුසුකම්වලට වැඩි අවධානය යොමු කර ඇති අතර, නුපුහුණු ශ්‍රමිකයින් එරටට ගෙන්වීම සීමා කිරීමට බ්‍රිතාන්‍ය රජය තීරණය කර ඇත.

එසේම, නුපුහුණු ශ්‍රමිකයින් බඳවා ගැනීමේදී යම් කාලසීමාවකට යටත්ව බඳවා ගැනීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.

විදෙස් ශ්‍රමිකයින් යොදවා ගන්නා කර්මාන්ත හඳුනාගෙන, එම කර්මාන්තවලට පමණක් ඔවුන් අනුයුක්ත කිරීමේ වැඩපිළිවෙළක් හඳුන්වාදීමට ද නියමිතය.

Continue Reading

පුවත්

ඉන්දියාව – පාකිස්තානය සටන් විරාමයකට එකඟ වෙයි

Published

on

By

ඉන්දියාව සහ පාකිස්තානය වහාම පූර්ණ සටන් විරාමයකට එකඟ වී ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනලඩ් ට්‍රම්ප් මහතා නිවේදනය කර තිබේ.

‘Truth Social’ සමාජ මාධ්‍ය වේදිකාවේ සටහනක් තබමින් ඔහු මේ බව පවසා ඇත.

මෙම සටන් විරාමට ඉන්දීය වේලාවෙන් අද ප.ව. 5.00ට ඇරඹුනු බව එරට විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් – වික්‍රම් මිස්රි මහතා පවසා ඇත.මේ අතර, ඉන්දීය විදේශ කටයුතු ඇමති එස්. ජයිශංකර් මහතා හා පකිස්තානු නියෝජ්‍ය අගමැති – ඉෂාක් ඩර් මහතා ද මේ බව තහවුරු කරමින් ප්‍රකාශ නිකුත් කර තිබේ.

Continue Reading

ක්‍රීඩා

සතියකට පසු IPL යළිත්? (Update)

Published

on

By

හදිසියේ අත්හිටුවනු ලැබූ ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලිය එලෙස අත්හිටුවනු ලැබුවේ සතියක කාලයකට පමණක් බව නිවේදනයක් නිකුත් කරමින් ඉන්දීය ක්‍රිකට් ආයතනය (BCCI) පවසයි.

ඉන්දියාව සහ පාකිස්තානය අතර පවතින යුද අවදානම හේතුවෙන් මෙම තරගාවලිය අත්හිටුවීමට අද (9) හදිසි තීරණයක් ගෙන තිබුණි.

ඒ අනුව තරගාවලියේ නව කාලසටහන සහ ස්ථාන පිළිබඳ වැඩිදුර යාවත්කාලීන කිරීම් අදාළ බලධාරීන් සහ කණ්ඩායම් හිමිකරුවන් සමග සාකච්ඡා කර තත්ත්වය පිළිබඳ පුළුල් තක්සේරුවකින් පසුව දැනුම්දෙන බව BCCI වැඩිදුරටත් පවසයි.

මේ අතර මේ දිනවල පැවැත්වෙන පාකිස්තාන සුපර් ලීග් (PSL) තරගාවලියද මෙම යුද අවදානම හේතුවෙන් අතරමග නතරකර තිබේ.

තරගාවලියේ ඉතිරි තරග එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට පාකිස්තාන ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත.


(පෙර පුවත 2025 මැයි 09 ප.ව.12:57)

IPL අත්හිටුවයි

ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලිය අත්හිටුවීමට එහි තරග සංවිධායකයින් තීරණය කර තිබේ.

ඉන්දියාව සහ පාකිස්තාන දේශසීමා ආසන්නයේ ඇතිවී තිබෙන යුද උණුසුම මධ්‍යයේ මෙම තීරණය ගෙන ඇති බව ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කළේය. 

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved