අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැනවූ තීරුබදු නියෝග යළි තාවකාලිකව බලාත්මක කිරීමට එරට ෆෙඩරල් අභියාචනාධිකරණයෙන් ඊයේ (29) අවසර හිමි වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
ඒ අනුව මෙම හදිසි බලතල නීතිය යටතේ තීරුබදු එකතුකිරීම තවදුරටත් සිදුකරගෙන යාමට ට්‍රම්ප් පරිපාලනයට අවසර හිමිවිය.
මෙම බදු ප්‍රතිත්තිය අත්හිටුවීමේ නියෝගයක් අමෙරිකානු වාණිජ අධිකරණයක් විසින් ඊයේ (29) නිකුත්කර තිබුණි.
මෙම නියෝගය ලබාදෙමින් වාණිජ අධිකරණය සඳහන් කළේ, එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් කොංග්‍රසයට අනෙකුත් රටවල් සමග වාණිජ්‍යය නියාමනය කිරීමට සුවිශේෂී බලයක් ලබා දී ඇති බවයි.
ඒ හේතුවෙන් එක්සත් ජනපද ආර්ථිකය ආරක්ෂා කිරීම සඳහා ජනාධිපතිවරයාගේ හදිසි බලතල මගින් එම බලය ඉක්මවා යා නොහැකි බවය.
ධවල මන්දිරය විසින් ක්‍රියාත්මක කරන ලද හදිසි නීතියක් මගින් ජනාධිපතිවරයාට සෑම රටකටම පාහේ තීරුබදු පැනවීමට ඒකපාර්ශ්වික බලයක් ලබා නොදෙන බවද ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් විසින් වැඩිදුරටත් තීන්දුකර තිබුණි.
කෙසේ වෙතත් ට්‍රම්ප් පරිපාලනය විසින් එම නියෝගය ඉදිරිපත්කර විනාඩි කිහිපයක් ඇතුළත එරට ෆෙඩරල් අභියාචනාධිකරණයට මෙම අභියාචනය ඉදිරිපත් කර ඇත.