තායිලන්තයේ දිවා සුරැකුම් මධ්‍යස්ථානයක සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයන් 34ක් මියගොස් ඇතැයි වාර්තා වේ.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මේ අතර දරුවන් 20 දෙනෙකුද සිටින බවත්, ඇතැම් දරුවන් වයස 2ක පමණ වන බවත්ය.
පිහියක් හා තුවක්කුවක් අතැතිව Nong Bua Lamphu පළාතේ පිහිටි මෙම ළමා සුරැකුම් මධ්‍යස්ථානයකට කඩා වැදුනු සැකකරු, ප්‍රහාරටෙන් පසුව සියදිවි හානි කරගෙන ඇතැයිද වාර්තා වේ. තායිලන්ත පොලිසිය පවසන අන්දමට ඔහු හිටපු පොලිස් නිලධාරියෙකු වන අතර, මත්ද්‍රව්‍ය චෝදනා මත පසුගිය වසරේදී ඔහුගේ වැඩ තහනම් කර ඇත.
මේ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන මෙන් තායිලන්ත අගමැතිවරයා නියම කර තිබේ.