තුර්කියට සහ සිරියාවට බලපෑ ප්‍රබල භූ කම්පනයෙන් මියගිය පුද්ගලයන් ගණන 11,000 ඉක්මවා තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කර ඇති පරිදි තුර්කියෙන් මරණ 8,574ක් සහ සිරියාවෙන් මරණ 2,662ක් වාර්තා වී ඇත.
කෙසේවෙතත් සිරියාවේ භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව පිළිබඳ නිශ්චිත සංඛ්‍යාලේඛන ලබාගැනීම දුෂ්කර වී ඇති බව ද වාර්තා වෙයි.
සුන්බුන් අතර සිරවූවන් මුදාගැනීම සඳහා සෝදිසි මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකය.