Connect with us

විදෙස්

‘දුප්පතාගේ බැංකුකරුට’ බංග්ලාදේශයේ සිර දඬුවම්

Published

on

බංග්ලාදේශයේ අධිකරණයක් විසින් එරට කම්කරු නීති උල්ලංඝණය කිරීම හේතුකොට ගෙන නොබෙල් ත්‍යාගලාභී මුහම්මද් යූනුස්ට හයමසක සිර දඬුවමක් පනවා ඇත.

නඩුව දේශපාලන පළිගැනීමක් බව මහාචාර්ය යුනුස්ගේ ආධාරකරුවන් පවසයි.

මේ ප්‍රශංසනීය ආර්ථික විද්‍යාඥයාත්, ඔහු විසින් ආරම්භ කෙරුණු සමාගමක් වන ග්‍රාමීන් ටෙලිකොම්හි ඔහුගේ සගයන් තිදෙනෙකුත්, එහි සේවකයන් සඳහා සුබසාධන අරමුදලක් නිර්මාණය කිරීමට අපොහොසත්වීම සම්බන්ධයෙන් වරදකරුවන් බවට තීන්දු විය.

සිව්දෙනාම වරද ප්‍රතික්ෂේප කරන අතර, අභියාචනාවන් විභාගවන තෙක් ඇප ලබා සිටිති.

“මාගේ නීතීඥවරුන් අධිකරණයේ දී ඒත්තූ ගැන්වූ පරිදි මට එරෙහි මේ තීන්දුව සියලු නීතිමය පූර්වාදර්ශ වලට සහ තර්කයන්ට පටහැනි ය,” මහාචාර්ය යූනුස් තීන්දුවෙන් පසුව නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.

” අසාධාරණත්වයට එරෙහිව සහ ප්‍රජාතන්ත්‍රවාදය මෙන්ම සෑම පුරවැසියෙකුගේම මානව හිමිකම් වෙනුවෙන් එක් හඬින් කථා කරන ලෙස මම බංග්ලාදේශ ජනතාවගෙන් ඉල්ලා සිටිමි.”

ජාත්‍යන්තර වශයෙන් “දිළින්දන්ගේ බැංකුකරු” ලෙස ප්‍රසිද්ධ 83 හැවිරිදි මහාචාර්ය යූනුස්, මිලියන ගණනක් ජනයාට දරිද්‍රතාවෙන් මිදීමට උපකාරවන පුරෝගාමී ක්ෂුද්‍ර මූල්‍ය ණය පද්ධතියක් ස්ථාපනය කිරීමේ ගෞරවය ලබයි.

ඔවුන්ගේ පුරෝගාමී මෙහෙවර වෙනුවෙන්, 2006 දී මහාචාර්ය යූනුස්ට සහ ඔහුගේ ග්‍රාමීන් බැංකුවට නොබෙල් සාම ත්‍යාගය ප්‍රදානය කෙරිණි.

ඔහුගේ නීතීඥයෙකු වන අබ්දුල්ලා අල් මාමුන් තීන්දුව ගැන සාකච්ඡා කරමින් බීබීසීයට මෙසේ පැවසීය: “ඒක පෙර නොවූ විරූ තීන්දුවක්. නඩුව සම්බන්ධයෙන් නිසි නීතිමය ක්‍රියාවලිය අනුගමනය කළේ නෑ වගේම, ඒ කටයුතු ඉතාම කඩිනමින් සිද්ධ කළා.”

ඔහු මෙසේ ද පැවසීය: “සම්පූර්ණ අරමුණ වුණේ ඔහුගෙ ජාත්‍යන්තර ප්‍රතිරූපයට හානි කරන එක. අපි මේ තීන්දුවට එරෙහිව අභියාචනා ඉදිරිපත් කරනවා.”

මහාචාර්යවරයාට එරෙහිව කම්කරු නීති උල්ලංඝණය කිරීම සහ අයුතු ලාභ ප්‍රයෝජන සැලසීම සම්බන්ධයෙන් තවත් චෝදනා 100කට අධික සංඛ්‍යාවක් එල්ල වී ඇති බව ඔහුගේ නීතීඥයින් පවසයි.

අග්‍රාමාත්‍ය හසීනා ෂෙයික් වරක් මහාචාර්ය යූනුස් දිළිඳු ජනතාවගේ “ලේ උරාබොන්නෙකු” ලෙස හඳුන්වාදී ඇති අතර, ඔහුගේ ග්‍රාමීන් බැංකුව අසාධාරණ ලෙස අධික පොළී අය කරන බවට චෝදනාකර තිබේ.

එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරුවෙකු ලෙස කටයුතු කරන, මානව හිමිකම් පිළිබඳ සංවිධානයක් වන ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්හි හිටපු ප්‍රධානී අයිරින් ඛාන් සඳුදා තීන්දුව ප්‍රකාශ කිරීමේ අවස්ථාව සඳහා පැමිණ සිටියා ය. මෙසේ වරදකරු කිරීම “යුක්තියේ සරදමක්” බව ඇය AFP ප්‍රවෘත්ති ඒජන්සියට පැවසුවා ය.

අගෝස්තු මාසයේ දී, මහාචාර්ය යූනුස්ට “හිංසා කිරීම” නතර කරන ලෙස ගෝලීය දැවැන්තයින් 170 දෙනෙකුට අධික පිරිසක් හසීනාගෙන් ඉල්ලා තිබුණි.

අමෙරිකාවේ හිටපු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන්, වර්ජින් සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ රිචඩ් බ්‍රැන්සන් සහ U2 සංගීත කණ්ඩායමේ ප්‍රධාන ගායක බොනෝ ඇතුළු පිරිසක් අත්සන් තැබූ ඉහත සඳහන් ලිපියෙන්, මහාචාර්ය යූනුස්ට එරෙහිව ක්‍රියාත්මක වන “අඛණ්ඩ අධිකරණමය හිරිහැර” නතර කරන ලෙස ඉල්ලා තිබුණි.

මහාචාර්ය යූනුස්ට එරෙහිව ක්‍රියාත්මක වන නීතිමය ක්‍රියාමාර්ග ඇගැයීම සඳහා ජාත්‍යන්තර විශේෂඥයින් සාදරයෙන් පිළිගන්නා බව හසීනා පැවසුවා ය.

හසීනා සහ මහාචාර්ය යූනුස් අතර ගැටුමට තුඩු දුන්නේ කුමක්දැ යි පැහැදිලි නැතත්, වරක් ඔහු බලයේ සිටින අවාමි ලීගයට ප්‍රතිවාදී ලෙස දේශපාලන පක්ෂයක් පිහිටුවීමට සිතූ නිසා ආණ්ඩුව ඔහු අපකීර්තියට පත් කිරීමට තැත් කරන බව, ආර්ථික විද්‍යාඥයාගේ ආධාරකරුවන් කියා සිටියි.

(බීබීසී සිංහල)

විදෙස්

ටෙක්සාස් හි ගංවතුර නිසා මරණ සංඛ්‍යාව තවත් ඉහළට

Published

on

By

අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයට බලපෑ හදිසි ගංවතුර තත්ත්වය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 24ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ටෙක්සාස් ප්‍රාන්තයේ ග්වාඩලූප් ගඟ දිගේ ජල මට්ටම ඉහළ යෑමෙන් ඇති වූ මෙම ගංවතුර නිසා තවත් බොහෝ පිරිසක් අතුරුදහන් වී ඇත.

Continue Reading

විදෙස්

අමෙරිකානු තීරුබදු අනුපාත අද සිට ලිපි මගින් එක් එක් රටට

Published

on

By

තීරුබදු විරාමය ජූලි 9 වන දින අවසන් වීමට පෙර, තම පරිපාලනය රටවල්වලට යටත් වන තීරුබදු අනුපාත පිළිබඳව දැනුම් දෙමින් ලිපි යවන බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ.
 
ඔහු පවසා සිටියේ අද (04) සිට එම ලිපි යැවීම ආරම්භ කරන බවය.
 
වියට්නාමය සමඟ බදාදා ප්‍රකාශයට පත් කරන ලද වෙළඳ ගිවිසුමකට අමතරව “තවත් ගිවිසුම් කිහිපයක්” අත්සන් කිරීමට අපේක්ෂා කරන බව ද  ජනපතිවරයා විසින් සඳහන් කර ඇත.

Continue Reading

විදෙස්

මගී නෞකාවක් පෙරළි සිව්දෙනෙකු මියගොස් 38ක් අතුරුදහන්

Published

on

By

ඉන්දුනීසියානු බාලි දූපත අසල පුද්ගලයින් 65 දෙනෙකු රැගත් මගී නෞකාවක් ගිලී යාමෙන් මේ වන විට සිව්දෙනෙකු මියගොස් 38 දෙනෙකු අතුරුදහන් වී 23 දෙනෙකු දිවි ගලවා ගෙන ඇති බව වාර්තා වේ.

නැගෙනහිර ජාවා හි බන්යුවන්ගි වරායෙන් ඊයේ (02) බාලි බලා මෙම මගී නෞකාව පිටත්ව ගොස් ඇත.

ගමන ආරම්භ කර පැය භාගයකට පමණ පසු මෙම නෞකාව පෙරළි ගිලී ගොස් ඇති සඳහන් වේ.

බෝට්ටුවේ මගීන් 53 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 12 දෙනෙකු සිට ඇති අතර එම නෞකාවේ ට්‍රක් රථ 14ක් ඇතුළුව රථ වාහන 22 ක් ද තිබී ඇති බව වාර්තා වේ.

අතුරුදහන් වූවන් සෙවීමේ කටයුතු සිදුවෙමින් පවතින නමුත් අයහපත් කාලගුණය හේතුවෙන් දැඩි බාධා එල්ල වී බව සඳහන් වේ.

දූපත් 17,000 කට වඩා වැඩි දූපත් සමූහයක් වන ඉන්දුනීසියාවේ මෙම මගී නෞකා සාමාන්‍ය ප්‍රවාහන ක්‍රමයක් වන අතර, ප්‍රමාණවත් ජීවිතාරක්ෂක උපකරණ නොමැතිව මෙම නෞකා යාත්‍රා කරන අතර දැරිය නොහැකි තරමට බර පටවා ගැනීම හේතුවෙන් අනතුරු බහුලව සිදු වන බව සඳහන් වේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved