පාකිස්තානය විසින් අප්‍රේල් මාසය තුළදී මේ දක්වා එරට නීතිවිරෝධීව රැඳී සිටි ඇෆ්ගන් ජාතිකයන් 19,500 කට වැඩි පිරිසක් පිටුවහල් කර ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.
අප්‍රේල් මස 30දාට පෙර පාකිස්තානයෙන් පිටව යන ලෙස එරට බලධාරීන් සිදුකර ඇති දැනුම් දීම මත මේ වනවිට 80,000ක් පමණ මේ දක්වා එරටින් පිටව ගොස් ඇතැයි වාර්තා වේ.
දිනකට ඇෆ්ගන් පවුල් 700ක් – 800ක් පමණ පාකිස්තානයෙන් මෙලෙස පිටුවහල් කෙරෙන බව තලෙයිබාන් බලධාරීන් පවසා ඇත.
බීබීසී ලෝක සේවය වාර්තා කර ඇත්තේ ඉදිරි මාස කිහිපය තුළ මෙලෙස පිටුවහල් කරන පිරිස මිලියන 02ක් දක්වා ඉහළ යා හැකි බවයි.
තලෙයිබාන් බලධාරීන් හා සාකච්ඡා පැවැත්වීමට පකිස්තානු විදේශ අමාත්‍ය – ඉෂාක් ඩාර් ඊයේ දින කාබුල් වෙත ගොස් තිබුණු අතර, එහිදී ඇෆ්ගනිස්තාන් විදේශ අමාත්‍යවරයා වන අමීර් ඛාන් මුත්තකිද මෙම පිටුවහල් කිරීම් පිළිබඳව “ගැඹුරු කනස්සල්ල” පළ කර තිබුණි.
මෙලෙස පිටුවහල් කෙරුනු ඇතැම් ඇෆ්ගන් ජාතිකයන් පවසා ඇත්තේ යුද ප්‍රහාර හේතුවෙන් සිය දෙමාපියන් පාකිස්තානයට පළා යාමෙන් අනතුරුව තමන් පාකිස්තානයේ උපත ලැබුවන් බවයි.
2021 දී ඇෆ්ගනිස්තානය තලේබාන් ආදිපත්‍යය යටතට පත්වීමෙන් අනතුරුව පාකිස්තානයට පළාගිය 700,000 ක් පමණ ජනකායක් ඇතුළුව, මිලියන 3.5 කට අධික ඇෆ්ගන් ජාතිකයින් පිරිසක් පාකිස්තානයේ ජීවත් වන බව එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සිය පවසයිත
ඔවුන්ගෙන් අඩකට අධික පිරිසක් නීත්‍යානුකූල ලිපිලේඛන ද නොමැතිව නීතිවිරෝධීව සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇස්තමේන්තු කරයි.