විදෙස්

යුක්‍රේනයේ අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍යවරයා මරුට

Published

on

යුක්‍රේනයේ කීව් අගනුවර සිදුවූ හෙලිකොප්ටර් අනතුරකින් එරට අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍යංශයේ ප්‍රධානියන් තිදෙනාම ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙම අනතුරෙන් එරට අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍යවරයා, එහි නියෝජ්‍ය අමාත්‍යවරයා හා රාජ්‍ය ලේකම්වරයා ඇතුළු පිරිසක් මෙලෙස මියගොස් තිබේ.

මුලින් විදෙස් වාර්තා වල දැක්වුනේ මෙම අනතුරෙන් පුද්ගලයන් 18 දෙනෙකු පමණ මියගොස් ඇති බවයි. පසුව මරණ සංඛ්‍යාව 14ක් බවට පසුව සංශෝධනය කෙරුණි.

එම වාර්තා වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ එරට කීව් අගනුවර ආසන්නයේ පිහිටි නගරයක් වන Brovary හි පෙරපාසලක් සහ නිවාස සංකීර්ණයක් ආසන්නයේ මෙම අනතුර සිදුව ඇති බවය.

මෙම අනතුරෙන් මියගිය අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍යවරයා, යුක්‍රේන් ජනපතිවරයාගේ දීර්ඝකාලීනතම දේශපාලන උපදේශකයෙකු ලෙස සැලකේ.

Trending

Exit mobile version