Connect with us

විදෙස්

යුක්‍රේන, බෙලාරුස් හා රුසියානු සිවිල් ක්‍රියාධරයන්ට නොබෙල් සාම ත්‍යාගය

Published

on

වසර 2022 නොබෙල් සාම ත්‍යාගය බෙලරුසියානු මානව හිමිකම් ක්‍රියාකාරියෙකුට හා යුක්‍රේන හා රුසියානු මානව හිමිකම් සංවිධාන දෙකක් වෙත හිමිවී තිබේ.

ඒ අනුව බෙලරුසියාවේ Ales Bialiatski සහ රුසියාවේ ‘මෙමෝරියල්’ හා යුක්‍රේනයේ ‘සෙන්ටර් ෆෝ සිවිල් ලිබටීස්’ යන මානව හිමිකම් සංවිධාන වෙත නොබෙල් සාම ත්‍යාගය හිමිවන බව නෝවේජියානු නොබෙල් කමිටුව අද (07) නිවේදනය කර තිබුණි.

යුද අපරාධ, මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ බලය අනිසි ලෙස භාවිතා කිරීම් වාර්තා කිරීම සඳහා ඔවුන්ගේ කැපී පෙනෙන උත්සාහයන් ඇගයීමට නොබෙල් සාම ත්‍යාගය ඔවුන්ට පිරිනමන බව නොබෙල් කමිටුව පවසයි.

Continue Reading

පුවත්

RCB ජය සැමරුම අතර තෙරපීමකින් 11ක් මරුට

Published

on

By

මෙවර IPL ශූරයන් ලෙස කිරුළ පැළඳි රෝයල් චැලෙන්ජර්ස් බෙංගලූරු (RCB) කණ්ඩායමේ ජය සැමරුම සඳහා බෙගලූරුහිදී අද (04) සංවිධානය කර තිබූ සැමරුම් උත්සවයේ ඇති වූ තෙරපීමකින් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් තිබේ.

මෙම අනතුරෙන් තවත් 50කට අධික පිරිසක් තුවාල ලබා ඇති බව ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි.

Continue Reading

විදෙස්

කැනඩාවේ සමූහ වෙඩි තැබීමක්

Published

on

By

කැනඩාවේ ටොරොන්ටෝ හි දී සමූහ වෙඩි තැබීමක් සිදුව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ වෙඩිතැබීමෙන් පුද්ගලයෙකු මියගොස් තවත් පුද්ගලයින් 5 දෙනෙකු තුවාල ලබා ඇති බවය.

එරට පොලීසිය සැකපළ කරන්නේ වෙඩි තැබීම සඳහා පුද්ගලයින් කිහිපදෙනෙකු පැමිණ ඇති බවටය. 

Continue Reading

විදෙස්

දකුණු කොරියානු නව ජනාධිපති දිවුරුම් දෙයි

Published

on

By

දකුණු කොරියානු ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ ලී ජේ-මියුන්ග් ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දී තිබේ.

සෝල්හි ජාතික සභාවේ පැවති සිය පදවි ප්‍රාප්ති උත්සවයේදී ඔහු මෙලෙස දිවුරුම් දුන් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

දකුණු කොරියාවේ පැවති ජනාධිපතිවරණයෙන් විපක්ෂය නියෝජනය කරමින් ඉදිරිපත් වූ ලී ජේ මියුන්ග් මෙලෙස ජයග්‍රහණය වාර්තා කළේය.

ඒ ආන්දෝලනාත්මක දකුණු කොරියානු ජනාධිපතිවරයාව දෝෂාභියෝගයකින් බලයෙන් පහකිරීමෙන් පසුව පැවති ජනාධිපතිවරණයෙන් අනතුරුවය.

ප්‍රකාශිත ඡන්දවලින්  49.31%ක වැඩි ප්‍රතිශතයක් දිනාගැනීමට ලී ජේ-මියුන්ග් සමත්වුණි.

ලී ජේ-මියුන්ග් ගේ ප්‍රතිවාදීන් ලෙස ජනාධිපතිවරණයට පාලක කොන්සර්වේටිව් පීපල් පවර් පක්ෂයේ කිම් මූන්-සූ සහ තවත් අපේක්ෂකයින් තිදෙනෙකු තරග කරනු ලැබීය.

ප්‍රතිවාදී කිම් මූන් සූ ලබාගෙන ඇති ඡන්ද ප්‍රතිශතය  41.30%කි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved