විදෙස්

රාහුල් ගාන්ධිට ඇප 

Published

on

මෝදි නාමයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් වසර 2ක සිරදඬුවමක් නියමව සිටින ඉන්දීය කොංග්‍රස නායක රාහුල් ගාන්ධිට ඇප හිමිව තිබේ.

සුරාට් අධිකරණයේ ගොනු කර තිබූ සාපරාධි අපහාස නඩුවට වරදකරු යැයි තීන්දු කරමින් එම අධිකරණය ලබා දුන් නියෝගයට එරෙහිව කොංග්‍රස් පක්ෂ ප්‍රධානී රාහුල් ගාන්ධි අද (3) ගුජරාට් අධිකරණය හමුවේ අභියාචනයක් ගොනු කළේය.

“හොරු සියලු දෙනාට පොදුවේ මෝදි නාමය තිබෙන්නේ කෙසේදැයි” මැතිවරණ රැළියකදී රාහුල් ගාන්ධි කළ ප්‍රකාශයක් හේතුවෙන් 2019 වසරේදී ගුජරාත් අමාත්‍ය පුර්නේෂ් මෝදි විසින් මෙම සාපරාධි අපහාස නඩුව ගොනු කර තිබිණ.

එම නඩුව විභාගයට ගනිමින් රාහුල් ගාන්ධි අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට අපහාස කර ඇති බව තීන්දු කළ සුරාට් අධිකරණය වසර දෙකක සිර දඬුවමක් නියම කරමින් එය දින 30 කාලයක් අත් හිටුවා ඇප ලබා දුන්නේය. ඔහුට අභියාචනා කිරීමට අවස්ථාව ලබා දීම සඳහා මෙසේ දඬුවම දවස් 30 ක කාලයක් අත්හිටුවන ලදී.

රාහුල් ගාන්ධිගේ සොයුරිය ප්‍රියංකා ගාන්ධි, කොංග්‍රස් පක්ෂය පාලනය කරනු ලබන ප්‍රාන්ත තුනේ මහ ඇමතිවරු රාහුල් ගාන්ධි සමඟ අභියාචනාධිකරණයට පැමිණ සිටියහ.

වසරේදී ඔහු ප්‍රකාශයක් කර තිබුණි.

රාහුල් ගාන්ධිගේ අභියාචනාව ලබන අප්‍රේල් 13 වනදා විභාගයට ගැනීමට නියමිතය.

Trending

Exit mobile version