ඉන්දියානු දුම්රිය රියදුරු නොමැතිව කිලෝමීටර 70 කට වඩා ගමන් කරයි
චිප් ගල් ප්රවාහනය කරන දුම්රියක් රියදුරන් නොමැතිව කිලෝමීටර් 70කට වැඩි දුරක් ගමන් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට ඉන්දීය දුම්රිය දෙපාර්තමේන්තුව නියෝග කර තිබේ.
ඊයේ දිනයේදී ජම්මු කාෂ්මීර් ප්රාන්තය හා පන්ජාබ් ප්රාන්තය අතර දුම්රිය ස්ථාන 5ක පමණ දුරක් මෙම දුම්රිය ගමන් කර ඇත්තේ පැයට කි.මී. 100ක පමණ වේගයකිනි.
පන්ජාබ් ප්රාන්තයේ සිට ජම්මු කාෂ්මීර් ප්රන්තය දක්වා ගමන් කරමින් තිබුණු මෙම දුම්රියේ කාර්ය මණ්ඩලය මාරු කිරීමට කතුවා වලදී නවතා ඇත.
කෙසේවෙතත්, දුම්රිය රියදුරු හා සහයක දුම්රියෙන් බැස යාමෙන් අනතුරුව, බෑවුම් ප්රදේශයක නවතා තිබුණු මෙම දුම්රිය ඉබේ ගමන් කිරීමට පටන් ගෙන ඇත.
වහාම ක්රියාත්මක වූ දුම්රිය දෙපාර්තමේන්තු සේවකයන් දුම්රිය ගමන් කරන මාර්ගය පුරා ඇති හරස් මාර්ග වසා දමමින්, දුම්රිය මග හරහා කොටන් යොදමින් එහි වේගය පාලනය කර, අනතුරක් සිදුවීමට පෙර දුම්රිය නවත්වාගැනීමට සමත් වී තිබේ.