විදෙස්

ලොව වයස්ගතම පුද්ගලයා මියයයි

Published

on

ලොව වයස්ගතම පුද්ගලයා ලෙස සැලකෙන ප්‍රංශ ජාතික කන්‍යා සොයුරිය මියගොස් තිබේ.

මියයන විට ඇගේ වයස අවුරුදු 118ක් විය. තූලොන් නගරයේ ශාන්ත කැතරීන් සාත්තු නිවාසයක සිටි ඇය, නින්දේදී අවසන් හුස්ම හෙලූ බව විදෙස් වාර්තා වල දැක්වේ.

ලුසිල් රුන්දොන් ලෙස 1904 පෙබරවාරි 11 දා උපත ලැබූ ඇය, ආන්ඩ්‍රේ කන්‍යාසොයුරිය ලෙස 1944දී කතෝලික පල්ලියට එක්විය.

කාලයක් පුරාවටම යුරෝපයේ වයස්ගතම පුද්ගලයා ලෙස සිටි  ඇය ලොව වයස්ගතම පුද්ගලයා ලෙස ගිනස් පොතට එක්වූයේ පසුගිය අප්‍රේල් මාසයේදීය. ඒ, එතෙක් ලොව වයස්ගතම පුද්ගලයා වූ කේන් කනකා නම් ජපන් ජාතික කාන්තාව වසර 119ක් ආයු වළඳා මිය යාමෙන් අනතුරුවයි.

Trending

Exit mobile version