Connect with us

විදෙස්

ලොස් ඇන්ජලිස් ලැව්ගින්න පාලනයට බාධා

Published

on

අමෙරිකාවේ ලොස් ඇන්ජලිස්හි හටගෙන ඇති දරුණු ලැව්ගින්න පාලනය කිරීමට බාධා මතුව තිබේ.

ඒ, ගින්න නිවීම සඳහා ජලය හිඟ වීමත් සමගින් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. හදිසි ආපදාවකදී භාවිත කිරිමට ඔවුන් රැස්කර තිබූ ජලය අවසන් වී ඇතැයි සදහන් වේ.

එක් ප්‍රදේශයක පමණක් ලැව්ගින්න පාලනයට ජල ගැලුම් මිලියන 01 ක් මේ වන විටත් භාවිත කර ඇති බවයි ලොස් ඇන්ජලීස් ගිනි නිවන දෙපාර්තමේන්තුව පවසයි.

අධික ඉල්ලුම මධ්‍යයේ වුවද කඩිනමින් ගින්න නිවීමට අවශ්‍ය ජලය සොයාගත් බවද ඔවුන් පවසා තිබේ.

ලොස් ඇන්ජලීස් ඉතිහාසයේ වඩාත් විනාශකාරීම ලැව්ගින්න ලෙස සැලකෙන මෙම ලැව්ගිනි තත්ත්වය හේතුවෙන් මේ වන විටත් ලක්ෂ 15කට වැඩි පිරිසකට විදුලිබල පහසුකම් අහිමි වී ඇත.

විනාශ වී ඇති භූමි අක්කර ප්‍රමාණය 26,000කි.

පුද්ගල මරණ 05ක් ද මේ වන විට වාර්තා වී තිබේ. සිය වාසස්ථානවලින් ඉවත් කර ඇති පිරිස ලක්ෂයකට අධිකය.

කෙසේවෙතත් මේ වන විට ගින්න දරුණු ලෙස පැතිර යාම පාලනය කර ඇතැයි වාර්තා වේ.

විදෙස්

අමෙරිකානු තීරුබදු අනුපාත අද සිට ලිපි මගින් එක් එක් රටට

Published

on

By

තීරුබදු විරාමය ජූලි 9 වන දින අවසන් වීමට පෙර, තම පරිපාලනය රටවල්වලට යටත් වන තීරුබදු අනුපාත පිළිබඳව දැනුම් දෙමින් ලිපි යවන බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ.
 
ඔහු පවසා සිටියේ අද (04) සිට එම ලිපි යැවීම ආරම්භ කරන බවය.
 
වියට්නාමය සමඟ බදාදා ප්‍රකාශයට පත් කරන ලද වෙළඳ ගිවිසුමකට අමතරව “තවත් ගිවිසුම් කිහිපයක්” අත්සන් කිරීමට අපේක්ෂා කරන බව ද  ජනපතිවරයා විසින් සඳහන් කර ඇත.

Continue Reading

විදෙස්

මගී නෞකාවක් පෙරළි සිව්දෙනෙකු මියගොස් 38ක් අතුරුදහන්

Published

on

By

ඉන්දුනීසියානු බාලි දූපත අසල පුද්ගලයින් 65 දෙනෙකු රැගත් මගී නෞකාවක් ගිලී යාමෙන් මේ වන විට සිව්දෙනෙකු මියගොස් 38 දෙනෙකු අතුරුදහන් වී 23 දෙනෙකු දිවි ගලවා ගෙන ඇති බව වාර්තා වේ.

නැගෙනහිර ජාවා හි බන්යුවන්ගි වරායෙන් ඊයේ (02) බාලි බලා මෙම මගී නෞකාව පිටත්ව ගොස් ඇත.

ගමන ආරම්භ කර පැය භාගයකට පමණ පසු මෙම නෞකාව පෙරළි ගිලී ගොස් ඇති සඳහන් වේ.

බෝට්ටුවේ මගීන් 53 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 12 දෙනෙකු සිට ඇති අතර එම නෞකාවේ ට්‍රක් රථ 14ක් ඇතුළුව රථ වාහන 22 ක් ද තිබී ඇති බව වාර්තා වේ.

අතුරුදහන් වූවන් සෙවීමේ කටයුතු සිදුවෙමින් පවතින නමුත් අයහපත් කාලගුණය හේතුවෙන් දැඩි බාධා එල්ල වී බව සඳහන් වේ.

දූපත් 17,000 කට වඩා වැඩි දූපත් සමූහයක් වන ඉන්දුනීසියාවේ මෙම මගී නෞකා සාමාන්‍ය ප්‍රවාහන ක්‍රමයක් වන අතර, ප්‍රමාණවත් ජීවිතාරක්ෂක උපකරණ නොමැතිව මෙම නෞකා යාත්‍රා කරන අතර දැරිය නොහැකි තරමට බර පටවා ගැනීම හේතුවෙන් අනතුරු බහුලව සිදු වන බව සඳහන් වේ.

Continue Reading

විදෙස්

“දින 60ක සටන් විරාමයකට ඊශ්‍රායලය එකඟයි” – ට්‍රම්ප්

Published

on

By

ගාසා තීරයේ දින 60ක සටන් විරාමයක් සඳහා ඊශ්‍රායලය අවශ්‍ය කොන්දේසිවලට එකඟ වී ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ.

විදෙස් වාර්තා සඳහන් කරන්නේ යෝජිත දින 60ක සටන් විරාමය අතරතුර, යුද්ධය අවසන් කිරීම සඳහා සියලු පාර්ශවයන් සමඟ කටයුතු කරන බව ඔහු පවසා ඇති බවය.

කෙසේවෙතත් ඩොනල්ඩ් ට්‍රම්ප් කොන්දේසි මොනවාද යන්න විස්තර නොකර සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබා ඇත.

සටන් විරාමය සඳහා මැදිහත් වූ කටාර් සහ ඊජිප්තුව මෙම අවසාන යෝජනාව ඉදිරිපත් කරනු ඇති බව විදෙස් වාර්තා පවසයි.

හමාස් සංවිධානය මෙම යෝජනා පිළිගැනීම යහපත් ප්‍රවනතාවක් බව අමෙරිකානු ජනාධිපතිවරයා පවසා ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved