Connect with us

විදෙස්

සඳ ගමන ප්‍රමාද වන බවට නාසා වෙතින් නිවේදනයක්

Published

on

ගගනගාමීන් නැවත සඳ වෙත යැවීමේ සැලසුම් (NASA’s Artemis program) තවදුරටත් ප්‍රමාද කරන බව, එක්සත් ජනපද අභ්‍යවකාශ ඒජන්සිය වන නාසා නිවේදනය කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් නාසා ඒජන්සිය සඳහන් කරන්නේ 2026 දී සඳ මතට ගොඩබෑමේ සැලසුම්ගත මෙහෙයුම 2027 වසර තෙක් සිදු නොවන බවය.

මීට අමතරව, 2025 සැප්තැම්බර් මාසයේදී ගගනගාමීන් සඳ වටා පියාසර කිරීමට නියමිතව තිබූ ‘පාත්ෆයින්ඩර් මෙහෙයුම’ (pathfinder mission) ද 2026 වසරේ අප්‍රේල් මාසයට පෙර සිදු නොවනු ඇති බව සඳහන්ය.

විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ, මෙම ප්‍රමාදයන්ට හේතුව චන්ද්‍ර මෙහෙයුම් දෙකේදීම ගගනගාමීන්ගේ නිවහන වන ඔරියන් අභ්‍යවකාශ යානයෙ හි ගැටළු සමඟ සම්බන්ධ වන බවය.

එනම්, පරීක්ෂණ පියාසැරියෙන් අනාවරණය වුණු කැප්සියුලයේ තාප ආවරණයේ ගැටලු විසඳීමට කාලයක් අවශ්‍ය වන බව වැඩිදුරටත් සඳහන්ය.

විදෙස්

මෙක්සිකෝහි වෙඩි තැබීමකින් 12ක් මරුට

Published

on

By

මෙක්සිකෝවේ ගුවානාජුවාටෝ ප්‍රාන්තයේ පෙරේදා (24) පැවති ආගමික උත්සවයක් අතරතුර සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

වෙඩි තැබීමෙන් තවත් පුද්ගලයින් 20කට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලබා ඇත.

වෙඩි තැබීම ආරම්භ වන අවස්ථාවේ ශාන්ත ජෝන් බැප්ටිස්ට් සැමරුම වෙනුවෙන් ජනතාව වීදියේ නටමින් සහ මත්පැන් පානය කරමින් සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

මෙක්සිකානු ජනාධිපති ක්ලෝඩියා ෂයින්බෝම් ප්‍රකාශ කර ඇත්තේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන බවය.

Continue Reading

විදෙස්

රුසියානු ගුවන් ප්‍රහාරවලින් 17ක් මියගොස්  200කට වැඩි පිරිසක් තුවාල ලබයි

Published

on

By

ගිනිකොනදිග යුක්‍රේනයට එල්ල වූ රුසියානු ගුවන් ප්‍රහාරවලින් පුද්ගලයින් 17 දෙනෙකු මියගොස් තිබේ.

විදෙස් වාර්තා සඳහන් කළේ, මෙම ප්‍රහාරයෙන් පාසල්, රෝහල් සහ මගී දුම්රියකට හානි සිදුව ඇති බවය.

ප්‍රහාරවලින් තවත් 200කට වැඩි පිරිසක් තුවාල ලැබූ බව යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පවසා තිබේ.

විදෙස් වාර්තා සඳහන් කළේ, ඊසානදිග සුමි නගරයේ සිදු වූ තවත් ප්‍රහාරවලින් කුඩා දරුවෙකු ඇතුළු තවත් තිදෙනෙකු මිය ගොස් ඇති බවය.

නෙදර්ලන්තයේ පැවති නේටෝ සමුළුවට යුක්‍රේන ජනාධිපතිවරයා පැමිණි අවස්ථාවේදී මෙම ප්‍රහාරය එල්ල වී ඇති බව සඳහන්ය.

ආරක්ෂක විධිවිධාන සහ රුසියාවට තවදුරටත් සම්බාධක පැනවීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා සමුළුව අතරතුරදී වොලොදිමීර් සෙලෙන්ස්කි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවීමට නියමිත බව වාර්තා වේ.

Continue Reading

පුවත්

සටන් විරාම ගිවිසුම උල්ලංඝනය කරමින් ඉරානයෙන් ඊශ්‍රායලට මිසයිල (UPDATE)

Published

on

By

ඉරාන – ඊශ්‍රායල යුද්ධය සඳහා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යෝජනා කළ සටන් විරාම ගිවිසුම ඉරානය කඩ කර ඇතැයි වාර්තා වේ.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ සටන් විරාම ගිවිසුම ක්‍රියාත්මක වන කාල සීමාවේදී ඉරානය විසින් ඊශ්‍රායලයේ ප්‍රදේශ කිහිපයක් ඉලක්ක කර බැලස්ටික් මිසයිල ප්‍රහාරයක් දියත් කර ඇති බවය.

මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා පවසා ඇත්තේ සටන් විරාම ගිවිසුම උල්ලංඝනය කර ඉරානය සිදුකළ පහරදීමට එරෙහිව ප්‍රති ප්‍රහාර එල්ල කිරීමට ඊශ්‍රායලය සූදානම් බවය.

ඒ අනුව ඉරානය විසින් සටන් විරාම ගිවිසුම උල්ලංඝනය කිරීමට එරෙහිව බලගතු ප්‍රචාරයක් දක්වන ලෙස තමන් ඊශ්‍රායල හමුදාවට උපදෙස් ලබා දුන් බවද ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස් පැවසීය.


(පෙර පුවත : පස්වරු 1.08 – 2025/06/24 )

ඊශ්‍රායලය සහ ඉරානය සටන් විරාමයට එකඟ වෙයි

ඊශ්‍රායලය සටන් විරාමයට එකඟ වූ බව එරට අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු විසින් තහවුරු කර තිබේ.

ඒ එරට අග්‍රාමාත්‍ය කාර්යාලය හරහා නිවේදනයක් නිකුත් කරමින්.

මේ අතර,,ඉරාන රාජ්‍ය රූපවාහිනිය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ සටන් විරාමය ආරම්භ වී ඇති බවයි.

ඉරානය සහ ඊශ්‍රායලය අතර, සටන් විරාමය  ක්‍රියාත්මක බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය Truth Social සමාජ මාධ්‍යයෙහි සටහනක් තබමින් පවසා තිබූ පසුබමක ෙදෙරට එම සටන් විරාමයට එකඟතාවය පළ කර තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved