හොන්ඩුරාස් රාජ්‍යයේ කාන්තා බන්ධනාගාරයක ඊයේ (20) ඇති වූ ගැටුමකින් 41 දෙනෙකු මියගොස් ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි.
ප්‍රතිවාදී කල්ලි දෙකක් අතර ඇති වූ ගැටුමක් මීට හේතු වී ඇති බවත්, මෙහිදී එක් කල්ලියක් විසින් සිර මැදිරියකට ගිනි තබා ඇති බවත් පැවසේ.
සිද්ධියෙන් වාර්තා වූ මරණ බොහොමයක් සිදුව ඇත්තේ ගින්න හේතුවෙන් නමුත්, ඇතැමුන් මියගොස් ඇත්තේ වෙඩි වැදීමෙන් බව වාර්තා වේ. කෙසේවෙතත්, මෙලෙස මියගොස් ඇති සියල්ලම සිරකරුවන්ද යන්න පිළිබඳව මේ දක්වා නිශ්චිත ලෙස ප්‍රකාශ කර නැත.
තවද, තුවාල ලැබූ පුද්ගලයින් කිහිපදෙනෙකු රෝහල්ගත කර ද ඇත.
හොන්ඩුරාස් නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරිය විසින් හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත් කර තිබේ.