Connect with us

විදෙස්

තායිලන්තයේ වෙඩිතැබීමකින් දරුවන් ඇතුළු 34ක් මරුට

Published

on

තායිලන්තයේ දිවා සුරැකුම් මධ්‍යස්ථානයක සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයන් 34ක් මියගොස් ඇතැයි වාර්තා වේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මේ අතර දරුවන් 20 දෙනෙකුද සිටින බවත්, ඇතැම් දරුවන් වයස 2ක පමණ වන බවත්ය.

පිහියක් හා තුවක්කුවක් අතැතිව Nong Bua Lamphu පළාතේ පිහිටි මෙම ළමා සුරැකුම් මධ්‍යස්ථානයකට කඩා වැදුනු සැකකරු, ප්‍රහාරටෙන් පසුව සියදිවි හානි කරගෙන ඇතැයිද වාර්තා වේ. තායිලන්ත පොලිසිය පවසන අන්දමට ඔහු හිටපු පොලිස් නිලධාරියෙකු වන අතර, මත්ද්‍රව්‍ය චෝදනා මත පසුගිය වසරේදී ඔහුගේ වැඩ තහනම් කර ඇත.

මේ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන මෙන් තායිලන්ත අගමැතිවරයා නියම කර තිබේ.

Continue Reading

විදෙස්

රටවල් 12 කට ඇමරිකාවට ඇතුළුවීමට ට්‍රම්ප්ගෙන් තහනමක්

Published

on

By

රටවල් 12 ක ජාතිකයින්ට එක්සත් ජනපදයට ඇතුළුවීම තහනම් කරමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අදාළ ලියවිලි සඳහා අත්සන් තබා තිබේ.

ඔහු පවසා ඇත්තේ “විදේශීය ත්‍රස්තවාදීන්ගෙන්” සහ අනෙකුත් ආරක්ෂක තර්ජන වලින් ආරක්ෂා වීම සඳහා මෙලෙස ක්‍රියා කළයුතු බවය.

එසේ තහනමට ලක් වු රටවල් වන්නේ ඇෆ්ගනිස්තානය, මියන්මාරය, චැඩ්, කොංගෝව, ඇක්වටෝරියල් ගිනියාව, එරිත්‍රියාව, හයිටි, ඉරානය, ලිබියාව, සෝමාලියාව, සුඩානය සහ යේමනයයි.

බුරුන්ඩි, කියුබාව, ලාඕසය, සියරා ලියොන්, ටෝගෝ, ටර්ක්මෙනිස්තානය සහ වෙනිසියුලාව යන තවත් රටවල් හතක පුද්ගලයින්ට ඇතුළුවීම අර්ධ වශයෙන් සීමා කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

සිය X ගිණුමේ වීඩියෝවක් පලකරමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ “අපට හානියක් වෙනවාට කැමැත්තෙන් සිටින පුද්ගලයින්ට අපගේ රටට ඇතුළු වීමට අපි ඉඩ දෙන්නේ නෑ,” යනුවෙනි.

එමෙන්ම ඔහු පවසා ඇත්තේ අදාළ ලැයිස්තුව සංශෝධනය විය හැකි බවත් එම ලැයිස්තුවට තවත් රටවල් එකතු විය හැකි බවත්ය.

මෙම ක්‍රියාමාර්ග 2025 ජුනි 09 වනදා සිට ක්‍රියාත්මක වීමට නියමිත අතර එම දිනයට පෙර නිකුත් කරන ලද වීසා අවලංගු නොකරන බව නියෝගයේ සඳහන් වේ.

ට්‍රම්ප් සිය පළමු ධුර කාලය තුළද බහුතර මුස්ලිම් රටවල් හතක සංචාරකයින් සඳහා තහනමක් ප්‍රකාශයට පත් කළ අතර, ට්‍රම්ප්ගෙන් පසු බලයට පත් වූ  හිටපු ජනාධිපති ජෝ බයිඩන් විසින් 2021 දී එම තහනම අවලංගු කළේය.

Continue Reading

පුවත්

RCB ජය සැමරුම අතර තෙරපීමකින් 11ක් මරුට

Published

on

By

මෙවර IPL ශූරයන් ලෙස කිරුළ පැළඳි රෝයල් චැලෙන්ජර්ස් බෙංගලූරු (RCB) කණ්ඩායමේ ජය සැමරුම සඳහා බෙගලූරුහිදී අද (04) සංවිධානය කර තිබූ සැමරුම් උත්සවයේ ඇති වූ තෙරපීමකින් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් තිබේ.

මෙම අනතුරෙන් තවත් 50කට අධික පිරිසක් තුවාල ලබා ඇති බව ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි.

Continue Reading

විදෙස්

කැනඩාවේ සමූහ වෙඩි තැබීමක්

Published

on

By

කැනඩාවේ ටොරොන්ටෝ හි දී සමූහ වෙඩි තැබීමක් සිදුව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ වෙඩිතැබීමෙන් පුද්ගලයෙකු මියගොස් තවත් පුද්ගලයින් 5 දෙනෙකු තුවාල ලබා ඇති බවය.

එරට පොලීසිය සැකපළ කරන්නේ වෙඩි තැබීම සඳහා පුද්ගලයින් කිහිපදෙනෙකු පැමිණ ඇති බවටය. 

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved