Connect with us

විදෙස්

කොවිඩ් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් නිවේදනයක්

Published

on

Covid-19 තවදුරටත් “ගෝලීය සෞඛ්‍ය හදිසි තත්ත්වයක්” නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) ප්‍රකාශ කරයි.

මෙම නිවේදනය සිදුකරන්නේ Covid-19 ගෝලීය සෞඛ්‍ය හදිසි තත්ත්වයක් බවට ප්‍රකාශ වී තුන් වසරකට පසුවයි.

බලධාරීන් පවසන්නේ 2021 ජනවාරි මාසයේදී සතියකට පුද්ගලයින් 100,000 කට වඩා වැඩිව පැවති කොවිඩ් මරණ අනුපාතය 2023 අප්‍රේල් 24 දිනය වන විට 3,500 කට වඩා අඩු වී ඇති බවයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා වන වෛද්‍ය ටෙඩ්‍රොස් ගෙබ්‍රෙයිසස් මහතා පවසා ඇත්තේ  නිල ඇස්තමේන්තුව අනුව කොවිඩ් වසංගතයෙන් මිලියන 07ක් පමණ මියගොස් තිබුණද, සත්‍ය සංඛ්‍යාව මිලියන 20කට පමණ විය හැකි බවයි.

කාලයක සිට මෙම තීරණය ඉතා හොඳින් සලකා බලා දත්ත හොඳින් විශ්ලේෂණය කිරීමෙන් පසුව ගත් තීරණයක් බවද ඔහු සඳහන් කළේය.

කෙසේවෙතත්, කොවිඩ් වෛරසයේ සැලකිය යුතු තර්ජනයක් ලෙස තවමත් පවතින බවද ඔහු අනතුරු ඇඟවීය.

පවතින තත්ත්වයේ වෙනසක් ඇතිවුවහොත් හදිසි තත්ත්වය නැවත ස්ථාපිත කළ හැකි බවද ඔහු පැවසීය.

“ඕනෑම රටකට මෙම අවස්ථාවේ කළ හැකි නරකම දෙය නම්, මෙම ප්‍රවෘත්තිය භාවිතා කර, සිය රටේ ආරක්‍ෂාව අඩු කිරීමට, එම රට විසින් ගොඩනඟා ඇති පද්ධති බිඳ දැමීමට හෝ Covid-19 ගැන කරදර වීමට කිසිවක් නැති බවට එහි ජනතාවට ඒත්තු ගැන්වීමට කටයුතු කිරීම,” යැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා වැඩිදුරටත් පවසා ඇත.

විදෙස්

ඉරානයෙන් ඇමරිකාවට රතු එළි

Published

on

By

අමෙරිකාව විසින් ඉරානයට එල්ල කළ ප්‍රහාර හමුවේ ඉරානය අමෙරිකාවට අනතුරු අඟවා තිබේ.

ඒ සිය රටට එල්ල කළ ප්‍රහාරයට එරෙහිව අමෙරිකාවට ප්‍රතිචාරයක් ලබා දෙන බව පවසමිනි.

ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකායේ ප්‍රකාශක ඊබ්‍රහිම් සොල්ෆගාරි පවසන්නේ එක්සත් ජනපදය විසින් සෘජුවම යුද්ධයට අවතීර්ණ වී ඇති බවත් ඔවුන් ඉරානයේ පූජනීය භූමිය උල්ලංඝනය කර ඇති බවය.

බලවත් සහ ඉලක්කගත මෙහෙයුම් හරහා එක්සත් ජනපදය බරපතළ, කණගාටුදායක සහ අනපේක්ෂිත ප්‍රතිවිපාකවලට මුහුණ දෙනු ඇති බවත් ඊබ්‍රහිම් පවසා තිබේ.

එමෙන්ම  ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ ට්‍රම්ප් යනු සූදුකාරයෙක් බවත් ඔහුට යුද්ධය ආරම්භ කළ හැකි වුවද යුද්ධය අවසන් කරනුයේ ඉරානය බවටය.

ඉරානයේ ඉස්ලාමීය විප්ලව ආරක්ෂක බලකාය යනු මින් වසර 40කට පෙර පිහිටුවන ලද එරට ඉස්ලාමීය ක්‍රමය ආරක්ෂා කිරීමට සහ නිත්‍ය සන්නද්ධ හමුදාවන්ට ප්‍රති බරක් සැපයීමටය.

එය ඉරානයේ ප්‍රධාන මිලිටරි දේශපාලනික සහ ආර්ථික බලවේගයක් බවට පත්ව ඇති අතර ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි සහ සහ තවත් බොහෝ ජ්‍යෙෂ්ඨ පුද්ගලයින් සමග සමීප සබඳතාද පවත්වයි.

විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත්තේ ඉස්ලාමීය විප්ලව ආරක්ෂක බළකාය සතුව ක්‍රියාකාරි භටයින් 190,000කට අධික පිරිසක් සිටින බට ඇස්තමේන්තු කර ඇති බවය.

එම බළකාය විදේශීය මෙහෙයුම් වන කුඩ්ස් බළකාය හරහා මිත්‍ර පාක්ෂික රජයන්ට සහ සන්නද්ධ කණ්ඩායම්වලට මුදල්, ආයුධ, තාක්ෂණය, පුහුණුව සහ උපදෙස් ලබා දෙනු ඇති බවද සඳහන් වේ.

Continue Reading

විදෙස්

සිරියානු පල්ලියක මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් ; 22ක් මරුට

Published

on

By

සිරියාවේ ඩැමැස්කස් හි පල්ලියකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 22 දෙනෙකු මිය ගොස් තවත් 63 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

ඉරිදා සවස දේව මෙහෙයක් අතරතුර පල්ලියේ දී පුද්ගලයෙකු විසින් මෙම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කර තිබේ. ඔහු පළමුව වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති අතර, පසුව මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කර ඇත.

සිරියාවේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය සඳහන් කර ඇත්තේ මෙම ප්‍රහාරකයා IS සටන්කාමීන් හා සම්බන්ධතා ඇති අයෙකු බවයි. කෙසේවෙතත්, මේ සම්බන්ධයෙන් IS සටන්කාමීන් මේ දක්වා ප්‍රතිචාර දක්වා නොමැත.

පල්ලිය ඇතුළත ඡායාරූප සහ වීඩියෝවල දැඩි ලෙස හානි වූ පූජාසනයක්, කැඩී ගිය වීදුරු හා ලේ පැල්ලම් සහිත බිත්ති  දිස්වෙන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

Continue Reading

විදෙස්

හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරාන පාර්ලිමේන්තුවෙන් අනුමැතිය

Published

on

By

අමෙරිකාව විසින් ඉරානයට එල්ල කළ ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරාන පාර්ලිමේන්තුව තීරණය කර ඇති බව ඉරාන රාජ්‍ය මාධ්‍ය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඉරාන පාර්ලිමේන්තුව විසින් අනුමත කර ඇති මෙම තීරණය ක්‍රියාවට නැංවීමේ අවසන් තීරණය ඉරාන උත්තරීතර කවුන්සිලය විසින් ගැනීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

ඉරානය ඇතුළු මැදපෙරදිග රටවල් තෙල් අපනයනය කරන්නේ මෙම ‘හෝමූස්’ සමුද්‍ර සන්ධිය හරහාය.

ලෝකයේ තෙල් ප්‍රවාහන කටයුතුවලින් වැඩි ප්‍රමාණයක් සිදුවන්නේ මෙම සමුද්‍ර සන්ධිය හරහා බැවින් මෙය ලොව ප්‍රධාන පෙළේ තෙල් ප්‍රවාහන මාර්ගයක් ලෙස සැලකේ.

හෝමූස් සමුද්‍ර සන්ධිය ලෝකයේ තෙල් ප්‍රවාහනයේ ඉතාම වැදගත් මාර්ගයක් වන අතර, ලෝකයේ සමස්ත බොරතෙල් වෙළඳාමෙන් 20% ත් 25% ත් අතර ප්‍රමාණයක් මෙම සමුද්‍ර සන්ධිය හරහා සිදු කෙරෙයි.

හෝමූස් සමුද්‍ර සන්ධිය පිහිටා ඇත්තේ ඉරානයට උතුරින් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට හා ඕමානයට දකුණිනි.

මැදපෙරදිග තෙල් නිපදවන රටවල් වන ඉරානය, ඉරාකය, කුවේට්, බහරේන්, කටාර්, එක්සත් අරාබි එමීර් සහ සවුදි අරාබියට අයත් නැව් ජාත්‍යන්තර මුහුදු සීමාවට පිවිසෙන්නේ මෙම කලාපය හරහාය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved