Connect with us

පුවත්

ඉන්දියාව කටුනායක ගුවන් තොටේදී ලංකාවේ නීතිය නැව්ව?

Published

on

කටුනායක ගුවන් තොටුපළ සංක්‍රමණික ගුවන් මගී පර්යන්තයේදී (Transit Passenger Terminal) ගුවන්  තොටුපළ ආරක්ෂක නිලධාරීන් විසින් උණ්ඩ පිරවූ පිස්තෝලයක් සමග අත්අඩංගුවට ගැණුන ඉන්දීය ගුවන්යානයක ආරක්ෂක නිලධාරීයා (Sky Marshall) අධිකරණයට ඉදිරිපත් නොකර මුදා හැරීම සම්බන්ධයෙන් නීති ක්ෂේත්‍රය තුළ කතා බහක් ඇතිව ඇතැයි වාර්තා වේ.

මෙසේ අත්අඩංගුවට පත්ව තිබුණේ කටුනායක සිට ඉන්දියාවේ චෙන්නායි බලා ඊයේ (06) දහවල් පිටත්ව යාමට නියමිතව තිබූ ඒ.අයි.-227 දරණ ඉන්දීය ගුවන්යානයේ සිටි ආරක්ෂක නිලධාරීයා (Sky Marshall) ය.

මොහු ඉන්දීය විශේෂ කාර්ය බලකායේ නිලධාරියකු බවද මේවන විට හෙළිව ඇත.එම සිද්ධිය හේතුවෙන් ගුවන්යානය පිටත්ව යාම පැය හතරකින් පමණ ප්‍රමාද වීමකට ලක්ව තිබිණි.

සෑම ගුවන්යානයකම මෙවැනි ආරක්ෂක නිලධාරීවරයෙකු ගුවන්යානයේ මගීන්ගේ සහ කාර්යය මණ්ඩලයේ ආරක්ෂාව පිණිස යොදවා සිටී. 

එහිදී එම ආරක්ෂක නිලධාරීවරයාට පිස්තෝලයක් භාවිතා කිරීමට රාජකාරී වරප්‍රසාදයක් තිබුණද, එම අවිය ගුවන්යානයෙන් පිටතට ගෙනයාමට හැකියාවක් නොමැත.

ආරක්ෂක නිලධාරීවරයාට ගුවන්යානයෙන් පිටතටයාමට අවශ්‍ය වූ විට පිස්තෝලය ගුවන්යානයේ ප්‍රධාන ගුවන් නියමුවා වෙත භාර දිය යුතුය.

මේ ආකාරයට ගිනි අවියක් සහිතව ගුවන්තොටුපළ තුළ දී අත්අඩංගුවට පත්වුවහොත් සැකකරු අධිකරණය වෙත ඉදිරිපත්කිරීම සිදු කළ යුතු අතර මීට පෙර ද මෙවැනිම සිදුවීම් කිහිපයක් පසුගිය මාසවලදී වාර්තා වී තිබේ.

එම සිදුවීම්වලදී ගුවන් ත‌ොටුපළ ආරක්ෂක අංශ විසින් අමෙරිකානු සහ රුසියානු ජාතිකයන් කිහිපදෙනෙකු අධිකරණය වෙත ඉදිරිපත්කිරීමට පියවර ගෙන තිබුණි.

කෙසේවුවද, මේ සිද්ධියේදී ඒලෙස නීතිය ක්‍රියාත්මක වී නොමැති අතර, දෙරටේ උසස් ආරක්ෂක ප්‍රධානීන් සහ තානාපතිකාර්යාල මැදිහත්වීමෙන් සිද්ධිය අධිකරණයට වාර්තා ‌නොකර ඉන්දීය විශේෂ කාර්යබලකායේ නිලධාරියකු මෙන්ම අදාළ ගුවන්යානයේ ආරක්ෂක නිලධාරියාව මුදාහැර ති‌බේ.

ඒ අනුව 05/06 දින දහවල් 01.35 ට ඉන්දියාවේ චෙන්නායි බලා පිටත්ව යාමට තිබු ඒ.අයි.- 272 දරන ගුවන්යාන කටුනායක ගුවන් තොටුපළින් පිටත්ව ගොස් ඇත්තේ පස්වරු 05.35 ටය.

මේ පිළිබඳව ඉන්දියාවෙන් ලැබෙන තොරතුරු අනුව මේ වනවිට මෙම සිද්ධියට භාජනය වූ ඉන්දීය ආරක්ෂක නිලධාරීවරයාගේ සියලු උසස්වීම් අත්හිටුවා මේ පිළිබඳව විමර්ශනයක් ආරම්භ කර ඇතැයි ද මාධ්‍ය වාර්තා කර ඇත.

පුවත්

අල්ලස් කොමිසමෙන් රනිල්ට දින දෙයි

Published

on

By

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එළැඹෙන 25 වැනිදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින එම කොමිසම දන්වා තිබේ.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධව සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය.

ඒ අනුව එළැඹෙන 25 වැනිදා පෙරවරු 09.30ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අල්ලස් කොමිසම දැනුම් දී තිබේ.

සබැඳි පුවත් :

අල්ලස් කොමිසමට කැඳවීම ගැන රනිල්ගෙන් නිවේදනයක්

Continue Reading

පුවත්

දේශබන්දුට අධිකරණයෙන් නියෝගයක්

Published

on

By

අධිකරණයෙන් ඇප ලබා පිටව යාමේදී අධිකරණ නියෝග කඩවන ආකාරයෙන් ක්‍රියාකිරීම සම්බන්ධයෙන් එළඹෙන අප්‍රේල් 25වනදා මාතර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස රාජකාරී අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට සහ ඔහුව අධිකරණයෙන් පිටතට රැගෙනයාමට භාවිත කළ මෝටර් රථයේ හිමිකරුට නියෝග කර තිබේ.

මාතර මහෙස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය ලබාදී තිබේ.

ඒ ඉකුත් අප්‍රේල් මස 10වනදා දේශබන්දු තෙන්නකෝන් ඇප ලබා මාතර මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයෙන් පිටව යාමේදී අධිකරණ නියෝග කඩ කර ඇති බවට නීතිපතිවරයා මෝසමක් මගින් අද (21) අධිකරණයට කළ කරුණු දැක්වීමෙන් අනතුරුවයි.

Continue Reading

පුවත්

මුළු ආණ්ඩුවක් එක්ක තනි මම රැම්බෝ වගේ (වීඩියෝ)

Published

on

By

මුළු ආණ්ඩුවක් සමඟම තමන් තනිව, සුප්‍රකට හොලිවුඩ් වීරයෙකු වන රැම්බෝ මෙන් සටනක නිරතව සිටින බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

පිල්ලෙයාන් රැදවුම්භාරයට ගනිමින්, ඉන් පසුව, පිල්ලෙයාන් හෙළිදරව්වක් සිද්ධ කලා යැයි කියමින් යම් කිසි පාර්ශ්වයක් අත්අඩංගුවට ගැනීමට රජය දියත් කර තිබුණු කුමන්ත්‍රණය, තමන් උපායශීලීව පිල්ලෙයාන් හමුවීමට යාම නිසා කඩාකප්පල් වූ බව ගම්මන්පිල මහතා විසින් පෙන්වා දෙනු ලබයි.

විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved