Connect with us

විදෙස්

චීනයේ නිෂ්පාදිත පළමු දේශීය වාණිජ මගී ගුවන් යානයේ මංගල ගමන සාර්ථකයි

Published

on

චීනයේ නිෂ්පාදනය කරන ලද පළමු දේශීය වාණිජ මගී ගුවන් යානය අද (28) සිය පළමු වාණිජ ගුවන්ගමන සාර්ථක ලෙස නිම කර තිබේ.

C919 ලෙස නම් කර ඇති මෙම යානය, ෂැංහායි සිට බෙයිජිං අගනුවර දක්වා මගීන් 130කට වැඩි පිරිසක් සමගින් පියාසර කර තිබුණි.

වසර ගණනාවක් පුරා සිදුකළ පර්යේෂණ, සංවර්ධන සහ පරීක්ෂණවලින් අනතුරුව මෙම යානය ගුවන් ගත කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම යානය, චීනයේ Commercial Aviation Corporation of China (Comac) විසින් නිෂ්පාදනය කර ඇත.

පුවත්

කටාර්හි අමෙරිකානු කඳවුරු ඉලක්ක කර ඉරානයෙන් ප්‍රහාරයක් (UPDATE)

Published

on

By

කටාර් අගනුවර වන දෝහා අසල පිපිරීම් ඇසුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, එක්සත් ජනපදය කටාර් අගනුවර වන දෝහාවල ඇති අමෙරිකානු හමුදා කඳවුර අසල මෙම පිපිරීම් හඩ ඇසුණු බවය.

මේ අතර ඉරානයේ ඉස්ලාමීය ආරක්ෂක බළකාය පවසා ඇත්තේ, කටාර්හි අමෙරිකානු අල් උඩෙයිඩ් ගුවන් කඳවුර ඉලක්ක කර ගනිමින් පලිගැනීමේ මිසයිල ප්‍රහාරයක් දියත් කළ බවය.

තවද ඉරාකයේ අමෙරිකානු කඳවුරු ඉලක්ක කර ගනිමින් මිසයිල මෙහෙයුමක් ආරම්භ කර ඇති බවද ඉරානයේ තස්නීම් ප්‍රවෘත්තී ඒජන්සිය වාර්තා කර තිබේ.

———————

(පෙර පුවත : පස්වරු 10.44 – 2025/06/23 )

කටාර් රාජ්‍ය සිය ගුවන් අවකාශය තාවකාලිකව වසා දමයි

කටාර් රාජ්‍යය තම ගුවන් කලාපයේ ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවන බව එරට විදේශ අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.

පවතින යුධමය තත්ත්වය හේතුවෙන්  මෙම තීරණය ගත් බව  එරට විදේශ අමාත්‍යාංශය නිවේදනය කර ඇත.

ඒ අනුව කටාර් හි හමාඩ් ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පියාසර කිරීමට නියමිත සියලු ගුවන් යානා ඒ ආසන්න වෙනත් ගුවන්තොටුපොළ වෙත පියාසර කෙරෙනු ඇත.

මේ අතර කටාර්හි පිහිටා ඇති මැදපෙරදිග විශාලතම අමෙරිකානු හමුදා කඳවුර වන අල් උඩෙයිඩ් ගුවන් කඳවුර වෙත ඉරාන ප්‍රහාරයක් එල්ලවීමේ අවදානමක් මතුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

විදෙස් මාධ්‍ය වාර්තාකර ඇත්තේ, එම කඳවුර තුළ අමෙරිකානු පුරවැසියන් 8,000ක් පමණ වාසය කරන බවය.

මේ අතර කටාර්හි සිටින අමෙරිකා එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය පුරවැසියන්ට දැනුම් දීමක් සිදුකර තිබේ.

එම දැනුම්දීම මගින් අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ, නැවත දැනුම් දෙන තුරු එම ස්ථානවල රැඳී සිටින ලෙසය.

Continue Reading

විදෙස්

ඉරානයෙන් ඇමරිකාවට රතු එළි

Published

on

By

අමෙරිකාව විසින් ඉරානයට එල්ල කළ ප්‍රහාර හමුවේ ඉරානය අමෙරිකාවට අනතුරු අඟවා තිබේ.

ඒ සිය රටට එල්ල කළ ප්‍රහාරයට එරෙහිව අමෙරිකාවට ප්‍රතිචාරයක් ලබා දෙන බව පවසමිනි.

ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකායේ ප්‍රකාශක ඊබ්‍රහිම් සොල්ෆගාරි පවසන්නේ එක්සත් ජනපදය විසින් සෘජුවම යුද්ධයට අවතීර්ණ වී ඇති බවත් ඔවුන් ඉරානයේ පූජනීය භූමිය උල්ලංඝනය කර ඇති බවය.

බලවත් සහ ඉලක්කගත මෙහෙයුම් හරහා එක්සත් ජනපදය බරපතළ, කණගාටුදායක සහ අනපේක්ෂිත ප්‍රතිවිපාකවලට මුහුණ දෙනු ඇති බවත් ඊබ්‍රහිම් පවසා තිබේ.

එමෙන්ම  ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ ට්‍රම්ප් යනු සූදුකාරයෙක් බවත් ඔහුට යුද්ධය ආරම්භ කළ හැකි වුවද යුද්ධය අවසන් කරනුයේ ඉරානය බවටය.

ඉරානයේ ඉස්ලාමීය විප්ලව ආරක්ෂක බලකාය යනු මින් වසර 40කට පෙර පිහිටුවන ලද එරට ඉස්ලාමීය ක්‍රමය ආරක්ෂා කිරීමට සහ නිත්‍ය සන්නද්ධ හමුදාවන්ට ප්‍රති බරක් සැපයීමටය.

එය ඉරානයේ ප්‍රධාන මිලිටරි දේශපාලනික සහ ආර්ථික බලවේගයක් බවට පත්ව ඇති අතර ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි සහ සහ තවත් බොහෝ ජ්‍යෙෂ්ඨ පුද්ගලයින් සමග සමීප සබඳතාද පවත්වයි.

විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත්තේ ඉස්ලාමීය විප්ලව ආරක්ෂක බළකාය සතුව ක්‍රියාකාරි භටයින් 190,000කට අධික පිරිසක් සිටින බට ඇස්තමේන්තු කර ඇති බවය.

එම බළකාය විදේශීය මෙහෙයුම් වන කුඩ්ස් බළකාය හරහා මිත්‍ර පාක්ෂික රජයන්ට සහ සන්නද්ධ කණ්ඩායම්වලට මුදල්, ආයුධ, තාක්ෂණය, පුහුණුව සහ උපදෙස් ලබා දෙනු ඇති බවද සඳහන් වේ.

Continue Reading

විදෙස්

සිරියානු පල්ලියක මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් ; 22ක් මරුට

Published

on

By

සිරියාවේ ඩැමැස්කස් හි පල්ලියකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 22 දෙනෙකු මිය ගොස් තවත් 63 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

ඉරිදා සවස දේව මෙහෙයක් අතරතුර පල්ලියේ දී පුද්ගලයෙකු විසින් මෙම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කර තිබේ. ඔහු පළමුව වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති අතර, පසුව මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කර ඇත.

සිරියාවේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය සඳහන් කර ඇත්තේ මෙම ප්‍රහාරකයා IS සටන්කාමීන් හා සම්බන්ධතා ඇති අයෙකු බවයි. කෙසේවෙතත්, මේ සම්බන්ධයෙන් IS සටන්කාමීන් මේ දක්වා ප්‍රතිචාර දක්වා නොමැත.

පල්ලිය ඇතුළත ඡායාරූප සහ වීඩියෝවල දැඩි ලෙස හානි වූ පූජාසනයක්, කැඩී ගිය වීදුරු හා ලේ පැල්ලම් සහිත බිත්ති  දිස්වෙන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved