Connect with us

පුවත්

නාමල් ඇතුළු මන්ත්‍රීවරුන් 4කට පැනවූ විදෙස් ගමන් තහනම ඉවතට

Published

on

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නාමල් රාජපක්ෂ, සී.බී.රත්නායක, සංජීව එදිරිමාන්න, සම්පත් අතුකෝරල සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාලන ලේකම් රේණුක පෙරේරාට එරෙහිව පනවා තිබූ විදෙස් ගමන් තහනම සම්පූර්ණයෙන් ඉවත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ අද නියෝග කර තිබේ.

පසුගිය වසරේ මැයි 09දා අරගලකරුවන්ට පහරදීම සම්බන්ධයෙන් වන නඩුව කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය සිදුකර තිබේ.

මෙම මන්ත්‍රීවරුන් අදාල සිද්ධියේ සැකකරුවන් ලෙස නම් කර නොමැති බවට ඔවුන්ගේ නීතිඥවරුන් කළ ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා, ආගමන විගමන පාලකවරයාට මෙම නියෝගය නිකුත් කළේය.

තවද, පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලකට එරෙහිව පනවා ඇති විදෙස් ගමන් තහනම ද මාස දෙකක කාලයක් සඳහා මුදා හැරීමට කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

පුවත්

අභියාචනාධිකරණ‍යට  නව  සභාපතිවරයෙක් සහ විනිසුරුවරු දෙදෙනෙක්

Published

on

By

නව අභියාචනාධිකරණ සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ නලින් රොහාන්ත අබේසුරිය මහතා අද (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ.

මේ අතර මහාධිකරණ විනිසුරු, දොන් ෆ්‍රැන්සිස් හතුරුසිංහ ගුණවර්ධන සහ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය කාන්ත මද්දුම පටබැඳිගේ යන මහත්වරු  නව අභියාචනාධිකරණ විනිසුරුවරුන් ලෙස අද (19) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්හ.

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

Continue Reading

පුවත්

දුමින්ද දිසානායක යළි රිමාන්ඩ් (UPDATE)

Published

on

By

හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා එළඹෙන 26 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ, ඔහුව අද (19) ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව.

හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ තිබී රන් ආලේපිත ගිනිඅවියක් සොයාගැනීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් දුමින්ද දිසානායක මහතා මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණි.


(පෙර පුවත 2025 ජූනි 19 පෙ.ව.10.41 )

දුමින්ද අධිකරණයට

රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා අද (19) ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන විත් තිබේ.

හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ තිබී රන් ආලේපිත ගිනිඅවියක් සොයාගැනීමේ සිද්ධියට අත්අඩංගුවට ගෙන මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

ඉන්දීය සුපිරි නළු මෝහන්ලාල් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට (වීඩියෝ)

Published

on

By

ඉන්දීය සිනමාවේ සුපිරි නළු මොහාන්ලාල් මීට සුළු මොහොතකට පෙර ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට පැමිණ තිබේ.

මීට දින කිහිපයකට පෙර ශ්‍රී ලංකාවට පැමිණි මෙම සුපිරි නළුවා අද පාර්ලිමේන්තු සභාවාරය පැවැත්වෙන අතරතුර කථානායක ගැලරියට පැමිණ තිබේ.

නියෝජ්‍ය කථානායකවරයා විසින් ඔහුගේ පැමිණීම සඳහන් කරමින් උණුසුම්ව පිළිගන්නා බව සඳහන් කරන ලදී.

ඔහුගේ මෙම පැමිණීම සියලු දෙනාගේ අවධානය දිනා ගැනීමට සමත්විය.

වීඩියෝ – Voice tube

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved