පුවත්

නාමල් ඇතුළු මන්ත්‍රීවරුන් 4කට පැනවූ විදෙස් ගමන් තහනම ඉවතට

Published

on

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නාමල් රාජපක්ෂ, සී.බී.රත්නායක, සංජීව එදිරිමාන්න, සම්පත් අතුකෝරල සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාලන ලේකම් රේණුක පෙරේරාට එරෙහිව පනවා තිබූ විදෙස් ගමන් තහනම සම්පූර්ණයෙන් ඉවත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ අද නියෝග කර තිබේ.

පසුගිය වසරේ මැයි 09දා අරගලකරුවන්ට පහරදීම සම්බන්ධයෙන් වන නඩුව කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය සිදුකර තිබේ.

මෙම මන්ත්‍රීවරුන් අදාල සිද්ධියේ සැකකරුවන් ලෙස නම් කර නොමැති බවට ඔවුන්ගේ නීතිඥවරුන් කළ ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා, ආගමන විගමන පාලකවරයාට මෙම නියෝගය නිකුත් කළේය.

තවද, පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලකට එරෙහිව පනවා ඇති විදෙස් ගමන් තහනම ද මාස දෙකක කාලයක් සඳහා මුදා හැරීමට කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

Trending

Exit mobile version