Connect with us

විදෙස්

ප්‍රංශයේ පිහි ඇනුමකින් දරුවන් ඇතුළු 5කට තුවාල

Published

on

ගිනිකොන දිග ප්‍රංශයේ ඇල්ප්ස් කඳු වලට ආසන්න ඇනසි නගරයේ සිදුවූ පිහි ප්‍රහාරයකින් වැඩිහිටියෙකු හා තවත් කුඩා දරුවන් සිවුදෙනෙකු තුවාල ලබාද ඇතැයි වාර්තා වේ. මෙලෙස තුවාල ලැබූ දරුවන් වසර අවුරුදු තුනක පමණ පසුවේ. දරුවෙන් දෙදෙනෙකු හා තුවාල ලැබූ වැඩිහිටියා බරපතල තුවාල ලබා රෝහල් ප්‍රතිකාර ලබා සිටියි.

මෙම ප්‍රහාරය සිදුකර ඇත්තේ සරණාගතභාවය අපේක්ෂාවෙන් සිටින 45 හැවිරිදි සිරියානු ජාතිකයෙකු විසින් බව විදෙස් වාර්තා සඳහන් කරයි.

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් ප්‍රකාශ කර ඇත්තේ මෙම ප්‍රහාරයෙන් සමස්ථ ජාතියම කම්පනයට පත්ව ඇති බවයි.

(බීබීසී)

විදෙස්

පුටින් චීනයේ නිල සංචාරයක

Published

on

By

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් චීනයේ නිල සංචාරයක් ආරම්භ කර තිබේ.

චීන ජනපති ෂී ජින්පිං මහතාගේ ආරාධනයෙන් රුසියානු ජනාධිපතිවරයා මැයි 16-17 දින වලදී මෙලෙස නිල සංචාරයක නිරත වනු ඇත.

චීන හා රුසියානු ජනාධිපතිවරුන් විසින් ද්වීපාර්ශ්වික සබඳතා, විවිධ ක්ෂේත්‍ර වල සහයෝගීතාවය මෙන්ම පොදු අවධානයට ලක්වන ජාත්‍යන්තර සහ කලාපීය ගැටළු වැනි කරුණු ගැන සාකච්ඡා කිරීමට නියමිත බව චීනයේ විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශක වාං වන්බින් මහතා පවසයි.

Continue Reading

පුවත්

ඉම්රාන් ඛාන්ට ඇප

Published

on

By

සිර දඬුවම් ලබා සිටින පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට එරෙහිව පවතින තවත් එක් නඩුවක් සම්බන්ධයෙන් ඔහුට ඇප නියමවී තිබේ.

ඒ ඉඩම් වංචාවක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව එල්ල වී තිබූ චෝදනාවකට අදාළවය.

හිටපු අගමැති ඛාන් පාකිස්තානයේ අගමැතිව සිටි කාලයේ දී නීති විරෝධී උපකාර සඳහා ත්‍යාග වශයෙන් දේපොළ වෙළෙඳාම්කරුවෙකු ලබාදුන් ඉඩම් සම්බන්ධයෙන් ඔහුට චෝදනා ගොනු වී තිබුණි.

හිටපු අගමැති ඛාන් ඉස්ලාමාබාද් අධිකරණය හමුවේ ඇප ඉල්ලුම් කළේ එම චෝදනා ප්‍රතික්ෂේප කරමිනි.

පසුගිය අගෝස්තු මාසයේ සිට සිරගතව සිටින හිටපු අගමැතිවරයාට මෙලෙස ඇප නියම වුවත් තවත් නඩු දෙකකට අදාළව ඔහුට සිර දඩුවම් නියමව පවතින හෙයින් සිරගතව සිටින අගමැතිවරයාට මෙම ඇප හිමිවීම හරහා තවදුරටත් නිදහස් නොවනු ඇත.

Continue Reading

පුවත්

දැන්වීම් පුවරුවක් කඩා වැටී 14 දෙනෙකු මරුට

Published

on

By

ඉන්දියාවේ මුම්බායි නගරයේ විශාල දැන්වීම් පුවරුවක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 14 දෙනෙකු මියගොස් තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කලේ, මුම්බායි නගරය හරහා හමා ගිය තද සුළං තත්ත්වයත් සමග මෙම දැන්වීම් පුවරුව කඩා වැටී ඇති බවය.

එහිදී තවත් පුද්ගලයින් 60කට අධික පිරිසක් තුවාල ලබා තිබේ.

ඉන්ධන පිරවුම්හලක් අසල සවිකර තිබූ දැන්වීම් පුවරුවක් මෙසේ කඩා වැටී ඇති අතර අනතුරෙන් වාහන රැසකට ද දැඩි අලාභහානි සිදුව ඇති බව වාර්තා වේ.

අදාළ දැන්වීම් පුවරුව නීත්‍යානුකූළ අවසරයක් ලබාගෙන සවිකර ඇත්ද යන්න සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙස මහාරාෂ්ට ප්‍රධාන අමාත්‍යවරයා නියෝග කර තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved