Connect with us

පුවත්

මත්තේගොඩ පොලිසියේ නිලධාරීන් 11 හැවිරිදි දැරියකට කරදර කරලා!

Published

on

මත්තේගොඩ පොලිසිය තුළදී 11 හැවිරිදි දැරියක කෲර වධ හිංසනයන්ට භාජනය කිරීමක් සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කළ බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය, අධිකරණයට දන්වා සිටියේය.

රුපියල් ලක්ෂ 5ක පමණ රන් භාණ්ඩ සොරාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අදාළ දැරියගේ නැන්දා විසින් මත්තේගොඩ පොලිසිය වෙත පැමිණිල්ලක් කර තිබෙන බවත් එම පැමිණිල්ලට අදාළව 11 හැවිරිදි දැරිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයිද ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේය.

නමුත් පොලිසිය විසින් පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමේදී සටහන් කරන ලේඛනවල දැරියගේ තොරතුරු ඇතුළත් කර නොමැති බවද දන්වා සිටියේය.

එහිදී එක් පොලිස් නිලධාරියකු දැරියගේ නළල මිරිකා රන් භාණ්ඩ සොරකම් කළැයි  වරද භාරගන්නා ලෙස බල කර ඇතැයි කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත දන්වා සිටි ජාතික ළමා ආරක්ෂක අධිකාරිය, මෙම සිද්ධියට සම්බන්ධ නිලධාරීන් කවුරුන්ද යන්න සෙවීමට විමර්ශන කරන බව දන්වා සිටියේය.

රන් භාණ්ඩ සොරකම සිදුවන අවස්ථාවේදී  අදාළ දැරිය පාසලේ සිටි බවට, පන්නිපිටිය ප්‍රදේශයේ විදුහලකින් වාර්තාවක්ද ඉදිරිපත් කර ඇතැයි දන්වා සිටි ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නිලධාරීන්, මත්තේගොඩ පොලිසිය විසින් දැරිය සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු කැස්බෑව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත වාර්තා කර ඇතැයිද දන්වා සිටියේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස මහෙස්ත්‍රාත්වරයා ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත නියම කළේය.

පුවත්

අල්ලස් කොමිසමෙන් රනිල්ට දින දෙයි

Published

on

By

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එළැඹෙන 25 වැනිදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින එම කොමිසම දන්වා තිබේ.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධව සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය.

ඒ අනුව එළැඹෙන 25 වැනිදා පෙරවරු 09.30ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අල්ලස් කොමිසම දැනුම් දී තිබේ.

සබැඳි පුවත් :

අල්ලස් කොමිසමට කැඳවීම ගැන රනිල්ගෙන් නිවේදනයක්

Continue Reading

පුවත්

දේශබන්දුට අධිකරණයෙන් නියෝගයක්

Published

on

By

අධිකරණයෙන් ඇප ලබා පිටව යාමේදී අධිකරණ නියෝග කඩවන ආකාරයෙන් ක්‍රියාකිරීම සම්බන්ධයෙන් එළඹෙන අප්‍රේල් 25වනදා මාතර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස රාජකාරී අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට සහ ඔහුව අධිකරණයෙන් පිටතට රැගෙනයාමට භාවිත කළ මෝටර් රථයේ හිමිකරුට නියෝග කර තිබේ.

මාතර මහෙස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය ලබාදී තිබේ.

ඒ ඉකුත් අප්‍රේල් මස 10වනදා දේශබන්දු තෙන්නකෝන් ඇප ලබා මාතර මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයෙන් පිටව යාමේදී අධිකරණ නියෝග කඩ කර ඇති බවට නීතිපතිවරයා මෝසමක් මගින් අද (21) අධිකරණයට කළ කරුණු දැක්වීමෙන් අනතුරුවයි.

Continue Reading

පුවත්

මුළු ආණ්ඩුවක් එක්ක තනි මම රැම්බෝ වගේ (වීඩියෝ)

Published

on

By

මුළු ආණ්ඩුවක් සමඟම තමන් තනිව, සුප්‍රකට හොලිවුඩ් වීරයෙකු වන රැම්බෝ මෙන් සටනක නිරතව සිටින බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

පිල්ලෙයාන් රැදවුම්භාරයට ගනිමින්, ඉන් පසුව, පිල්ලෙයාන් හෙළිදරව්වක් සිද්ධ කලා යැයි කියමින් යම් කිසි පාර්ශ්වයක් අත්අඩංගුවට ගැනීමට රජය දියත් කර තිබුණු කුමන්ත්‍රණය, තමන් උපායශීලීව පිල්ලෙයාන් හමුවීමට යාම නිසා කඩාකප්පල් වූ බව ගම්මන්පිල මහතා විසින් පෙන්වා දෙනු ලබයි.

විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved