ජාතික රූපවාහිනියේ සභාපති හා අධ්‍යක්ෂ ජනරාල් තනතුරු දෙකම මේවනවිට හිස්ව ඇතැයි වාර්තා වේ.
ඒ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් නව සභාපතිවරයා ලෙස විධිමත් පත්වීමේ ලිපියක් එහි සභාපතිවරයා ලෙස නම් කර ඇති ප්‍රසාද් සමරසිංහ මහතාට හා දැනට සේවා කාලය අවසන්ව ඇති අධ්‍යක්ෂ ජනරාල් අසංග ජයලත් මහතාගේ සේවා කාලය දීර්ඝ නොකිරීම නිසාය.
අමාත්‍යවරයා රටින් බැහැරව සිටීම එම ලිපි ලබා නොදීමට හේතුවී තිබේ.
මේවන විට නව සභාපතිවරයාගේ පත් කිරීමට ජනාධිපතිවරයාගේ එකඟතාවය ලබා දී ඇතත්, ඔහු අදාළ පත් කිරීම බාර ගැනීමට උනන්දුවක් නැති බවද පැවසේ.
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් අසංග ජයලත් ගේ මාස හයක 6 ක සේවා කාලය අවසන් වී ඇති බැවින් හා ඔහුගේ සේවය තවදුරටත් දීර්ඝ කිරීම සඳහා අමාත්‍යංශ ලේකම් අනුෂ පැල්පිට විසින් සිය නිර්දේශය අමාත්‍යවරයා වෙත දැනටමත් යොමු කර ඇතැයි ද වාර්තා වේ.
ඇමතිවරයා විසින් අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස අසංග ජයලත් ගේ සේවය දීර්ඝ කිරීම හෝ නව අධ්‍යක්ෂ ජනරාල්වරයකු සංස්ථාව වෙත පත්කරන තෙක් සංස්ථාවේ කාර්යභාරය නිසි පරිදි පවත්වාගෙන යාම සඳහා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරෙහි වැඩ බැලීමට ජනමාධ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් (පාලන) ඊ. එම්. එස්. බී. ජයසුන්දර පත්කර තිබේ.
සබැදි පුවත්:
රූපවාහිනි ප්‍රවෘත්ති මණ්ඩලේ කචල්; හේතුව බන්දුලගේ පබ්ලිසිටි
රූපවාහිනියට ප්‍රසාද්; ලේක්හවුස් ඒකට කාරියවසම්; දෙන්නම බන්දුලගේ යාළුවෝ
අසංග ජයලත් රූපවාහිනී අධ්‍යක්ෂ ජනරාල් ධූරයට!
ටීවී රේටිං ක්‍රමය අක්‍රමවත් හා පක්ෂාග්‍රාහියි – අනූෂ පැල්පිට
රූපවාහිනියෙන් අජන්ත එළියට: නිපුන ඇතුළට
ඩොලර් එක නහුතෙට නැග්ගට රූපවාහිනියේ යූටියුබ් ආදායම එතනමයි!