Connect with us

පුවත්

මහනුවර පෙරහරට දින නියම වෙයි

Published

on

කන්ද උඩරට ඓතිහාසික ඇසළ පෙරහැර අගෝස්තු මස 21 සිට 31 දක්වා සිදු සිදුකිරීමට නියමිතය.

ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ බහුකාර්ය ගොඩනැගිල්ලේ දී දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ ප්‍රධානත්වයෙන් අද (05) සිදු කෙරුණු පෙරහැර නැකත් එළිදැක්වීමේ රැස්වීමේදී ඒ බව ප්‍රකාශයට පත් කෙරුණි .

අගෝස්තු මස17 වැනි දින පෙරවරු 06.12ටයෙදෙන සුබ නැකතින් සිවු මහා දේවාලයන්හි කප් සිටුවා අභ්‍යන්තර පෙරහැර පැවැත්වීමෙන් අනතුරුව අගෝස්තු මස 21 වැනි දින ප්‍රථම කුඹල් පෙරහැර වීදි සංචාරය කිරීමට නියමිතය .

ප්‍රථම රන්දෝලි පෙරහැර අගෝස්තු මස 26 වැනි දින විදි සංචාරය කිරීමට නියමිත අතර අවසන් රන්දෝලි මහ පෙරහැර අගෝස්තු මස 30 වැනි නිකිණි පොහෝ දින වීදි සංචාරය කිරීමෙන් අනතුරුව ඊට පසු දින අගෝස්තු මස 31 වැනි දින දහවල් පෙරහැර වීදි සංචාරය කිරීමට නියමිතය .

මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චමිල් රත්නායක මහතා පවසා සිටියේමෙවර පෙරහැර නැරඹීම සඳහා අති විශාල ජනකායක් කන්ද උඩරටට පැමිණෙතැයි බලාපොරොත්තු වන බැවින් 6000කට ආසන්න පොලිස් නිලධාරීන් සංඛ්‍යාවක් ආරක්ෂාව සඳහා යෙදවීමට බලාපොරොත්තු වන බවයි. ත්‍රිවිධ හමුදාව සහ විශේෂ කාර්ය බලකාය මගින් ද අමතර ආරක්ෂාවක් යෙදවීමට බලාපොරොත්තු වන බව ද ඒ මහතා පැවසීය.

(අද)

පුවත්

අල්ලස් කොමිසමෙන් රනිල්ට දින දෙයි

Published

on

By

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එළැඹෙන 25 වැනිදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින එම කොමිසම දන්වා තිබේ.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධව සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය.

ඒ අනුව එළැඹෙන 25 වැනිදා පෙරවරු 09.30ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අල්ලස් කොමිසම දැනුම් දී තිබේ.

සබැඳි පුවත් :

අල්ලස් කොමිසමට කැඳවීම ගැන රනිල්ගෙන් නිවේදනයක්

Continue Reading

පුවත්

දේශබන්දුට අධිකරණයෙන් නියෝගයක්

Published

on

By

අධිකරණයෙන් ඇප ලබා පිටව යාමේදී අධිකරණ නියෝග කඩවන ආකාරයෙන් ක්‍රියාකිරීම සම්බන්ධයෙන් එළඹෙන අප්‍රේල් 25වනදා මාතර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස රාජකාරී අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට සහ ඔහුව අධිකරණයෙන් පිටතට රැගෙනයාමට භාවිත කළ මෝටර් රථයේ හිමිකරුට නියෝග කර තිබේ.

මාතර මහෙස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය ලබාදී තිබේ.

ඒ ඉකුත් අප්‍රේල් මස 10වනදා දේශබන්දු තෙන්නකෝන් ඇප ලබා මාතර මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයෙන් පිටව යාමේදී අධිකරණ නියෝග කඩ කර ඇති බවට නීතිපතිවරයා මෝසමක් මගින් අද (21) අධිකරණයට කළ කරුණු දැක්වීමෙන් අනතුරුවයි.

Continue Reading

පුවත්

මුළු ආණ්ඩුවක් එක්ක තනි මම රැම්බෝ වගේ (වීඩියෝ)

Published

on

By

මුළු ආණ්ඩුවක් සමඟම තමන් තනිව, සුප්‍රකට හොලිවුඩ් වීරයෙකු වන රැම්බෝ මෙන් සටනක නිරතව සිටින බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

පිල්ලෙයාන් රැදවුම්භාරයට ගනිමින්, ඉන් පසුව, පිල්ලෙයාන් හෙළිදරව්වක් සිද්ධ කලා යැයි කියමින් යම් කිසි පාර්ශ්වයක් අත්අඩංගුවට ගැනීමට රජය දියත් කර තිබුණු කුමන්ත්‍රණය, තමන් උපායශීලීව පිල්ලෙයාන් හමුවීමට යාම නිසා කඩාකප්පල් වූ බව ගම්මන්පිල මහතා විසින් පෙන්වා දෙනු ලබයි.

විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved