Connect with us

පුවත්

බැරිකේඩ් සටන්කාමිත්වය හා මාධ්‍යවේදය

Published

on

තරිඳු උඩුවරගෙදර පුද්ගලයෙකු හැටියට මතභේදාත්මක චරිතයකි. එය ඔහු රාවයේ වාර්තාකරුවකු වූ කාලයේ සිටම එසේය. නමුත් මෙදා ඔහුගේ ඒ ආවේනික අවුල ගැන කතා කිරීමට පෙර, පොලීසිය ඔහුව අත් අඩංගුවට ගැනීම හා අත් අඩංගුවට ගත් අකාරය ගැන නිශ්චිත කරුණක් කිව යුතුය. කවර හේතුවක් සඳහා වූවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමේ විනයානුකූල පිළිවෙතක් පොලීසියට තිබිය යුතුය. අත්අඩංගුවට ගනු ලබන්නාට සැළකිය යුතු ශිෂ්ට, විනීත පිළිවෙතක් පොලීසියට තිබිය යුතුය. එය පාතාලයින්ගේ ඇණකොටා ගැනීමක් ලෙස සමාජය හමුවේ ප්‍රදර්ශනය නොවන්නක් විය යුතුය.

තරිඳු අත්අඩංගුවට ගැනීම විශේෂයෙන් හෙළා දැකිය යුත්තේත්, ඊට විරුද්ධ විය යුත්තේත් එවැනි කිසිත් නොවුනු නිසාය.

තරිඳුගේ මාධ්‍්‍ය භාවිතය හා දේශපාලන සටන්කාමිත්වය ගැන මගේ කියවීම කෙටියෙන් මෙවැනිය.

ගාලුමුවදොර #GotaGoHome විරෝධය කාලයේ සිට තරිඳුගේ මා දුටු අවුල වූයේ, ඔහු සිද්ධි ආවරණය කිරීමේ මාධ්‍්‍ය වගකීම හා තමන් නොපිළිගන්නා, තමන් විරුද්ධවන කාරණයකදී පුරවැසි මැදිහත්වීම අතර පැහැදිලි වෙනසක් ඇතැයි නොපිළිගැනීමය.

ඔහු එවැනි විරෝධයන්හි අනෙකුන් ඉදිරියේ වඩාත්ම ගෝසාකාරී විරෝධයේ නියෝජිතයෙකු වීමේ උත්සාහයක් පෙන්වන්නෙකි. එයට ඇති අයිතිය මාධ්‍්‍ය ආවරණයකදී මාධ්‍්‍යවේදියෙකුට ඇති අයිතිය නොවේ. එයට ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කෙරෙන මූලික මානව හිමිකම් වන සංවිධානයවීමේත් තනිව හෝ සාමුහිකව අදහස් ප්‍්‍රකාශ කිරීමේත් අයිතිය ය.

එහෙත් තරිඳු හැමවිටම උත්සාහ කරන්නේ ඒ මූලික අයිතිය වෙනුවෙන් දැඩිව සිට ගැනීම වෙනුවට, ඔහු මාධ්‍්‍යවෙදියකු යැයි සිද්ධි ආවරණය කිරීමේ නිදහස යටතේ ආරක්ෂාවීමට ය. එය විරෝධතාවලට හවුල්වන, යුක්තිය සාධාරණත්වය වෙනුවෙන් තම ආරක්ෂාව කැප කරන අනෙක් සටන්කාමීන්ට නොමැති ආවරණයකට මුවා වෙන දෙබිඩි, වංක පිළිවෙතකි.

එසේ වූවත් විරෝධතාකරුවකු අත් අඩංගුවට ගත යුත්තේ තරිඳු අත් අඩංගුවට ගත් අශිෂ්ට ක්‍රමයට නෙවෙන්නේ යැයි මම නැවත කියමි. එනිසා මේ අත් අඩංගුවට මා විරුද්ධ වන්නේ තරිඳු වෙනුවෙන් නොව, බැරිකේඩ් ඉදිරියේ වුවද අදහස් ප්‍රකාශ කිරීමට, පුරවැසියනට ඇති අයිතිය වෙනුවෙනි.

පුවත්

කෙහෙළිය පවුලටම අධිචෝදනා

Published

on

By


මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ, දියණියන් තිදෙනා හා බෑනාට එරෙහිව අල්ලස් කොමසම අද (26) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කළේය.

චෝදනා 43ක් යටතේ මෙම අධිචෝදනා ගොනුකර තිබේ.

Continue Reading

පුවත්

බූස්සේ ගෙල වැලලාගත් රැඳවියෙක් මරුට

Published

on

By

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ අපරාධකරුවන් රඳවා සිටින සිරමැදිරියක රඳවා සිටි රැඳවියෙකු අද (26) දහවල් ගෙල වැලලාගෙන තිබේ.

සිරමැදිරියේ ගෙල වැලලාගෙන සිටියදී නිලධාරීන් විසින් ඔහුව මුදාගෙන රෝහල්ගත කර තිබේ.

රැඳවියා ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර රෝහල්ගත කිරීමෙන් පසු ඔහු මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ බිම්සර අමල් නමැති කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවද වාර්තා වේ.

Continue Reading

පුවත්

සජින් වාස්ට නිකුත් කළ වරෙන්තුව ආපසු කැඳවයි

Published

on

By

රුපියල් ලක්ෂ 369ක ආදායම් බදු මුදල් ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් ගොනුකර තිබූ නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා, අද (26) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වීමෙන් පසු ඔහුට නිකුත් කර තිබූ වරෙන්තුව ආපසු කැඳවීමට නියම කර ඇත.

සැකකාර සජින් වාස් ගුණවර්ධන මහතා තම නීතිඥවරයා මාර්ගයෙන් අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල හමුවට ඉදිරිපත් විය.

මහේස්ත්‍රාත්වරයා විසින් වරෙන්තුව ආපසු කැඳවීමට නියම කර, සැකකරු රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප හතරක් මත මුදා හැරීමට නියෝග කරන ලදී.

සබැඳි පුවත්

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved