Connect with us

ක්‍රීඩා

කරාතේ දෝ සම්මේලනයේ ලියාපදිංචිය අත්හිටුවයි

Published

on

කරාතේ දෝ ක්‍රීඩාව සඳහා ජාතික සංගමය වන ශ්‍රී ලංකා කරාතේ දෝ සම්මේලනයේ ලියාපදිංචිය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව එම සංගමයේ කටයුතු තාවකාලිකව තවදුරටත් සිදුකරගෙන යාම සඳහා 9 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත්කර ඇති බව එම ගැසට් නිවේදනයේ දැක්වේ.

ශ්‍රී ලංකා කරාතේ දෝ සම්මේලනයේ නිලවරණය පැවැත්වීම සඳහා එහි විශේෂ මහා සභා රැස්වීමක් කැඳවා නිලවරණ කමිටුවක් පත් කිරීම, නිලවරණය කැඳවීම හා පැවැත්වීම ක්‍රීඩා  සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා යටතේ සිදුකිරීමට බලය පවරන බවද ක්‍රීඩා අමාත්‍යවරයා නිකුත් කළ ගැසට් නිවේදනයේ සඳහන් වේ.

ක්‍රීඩා

හරීන්ගේ ගැසට් ජංජාලය ක්‍රීඩා පිටිය අවුල් ජාලයක් කරයි

Published

on

By

ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා විසින් හිටපු ක්‍රීඩා අමාත්‍යවරුන් වරින් වර නිකුත් කරන ලද සියලුම ගැසට් පත්‍ර අවලංගු වන ලෙස අලුතින් නිකුත් කළ ගැසට් පත්‍රය මේ වන විට ආන්දෝලනයට ලක්ව තිබේ. 

මේ අනුව විශේෂයෙන්ම හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් බලය අත් නොහැර දිගින් දිගටම ක්‍රීඩා සංගම් ප්‍රධාන නිලතල අරක් ගෙන සිටින නිලධාරීන්ට එසේ බලයේ සිටීමට නොහැකි වන ලෙස පනවා තිබූ නීති සියල්ල අහෝසි වී තිබීම විශේෂයෙන් කැපී පෙනේ. 

 නව ගැසට් පත්‍රය අනුව රොෂාන් රණසිංහ මහතා විසින් ප්‍රධාන නිලතල දරන නිලධාරීන්ට දෙවසරක කාල සීමාවන් දෙකකට පසු නැවත එක් වාරයකට එනම් වසර හතරකට පමණක් පනවා තිබූ කාල සීමාව වසර හතරක කාල සීමා දෙකකට එනම් වසර අටක් දක්වා දීර්ඝ කර තිබීම ක්‍රීඩා ක්ෂෙත්‍රයේ බොහෝ දෙනාගේ විවේචනයට හේතු වී තිබේ.

මේ අනුව බොහෝ ක්‍රීඩා සංගම් වල එලවා ගත නොහැකි අන්දමින් ඒවායේ චන්ද බලය අල්ලාගෙන සිටින කූඩැල්ලන් බඳු නිලධාරීන්ට වසර අටක් දක්වා බලයේ රැඳී සිටීමට හැකියාව ලැබෙනු ඇත. 

 මීට අමතරව දේශපාලනඥයකුට කිසිදු ක්‍රීඩා සංගමයක නිලයක් දැරිය නොහැකි බවට පනවා ඇති නව නියෝගය මතු දිනක මානව හිමිකම් කඩ වීම ගැන උසාවි යන තත්ත්වයකට යොමු වනු ඇතැයි වාර්තාවේ. 

 මීට පෙර මෙවැනිම දේශපාලනඥයන්ට තරග වැදිය නොහැකි ලෙස පනවන ලද නියෝගයකට එරෙහිව අර්ජුන රණතුංග මහතා මානව හිමිකම් නඩුවක් පවරා ඉන් ජයගත්තේය.

 රොෂාන් රණසිංහ මහතා විසින් පනවන ලද අවුරුදු 70 ට වැඩි අයකුට නිලතල වලට තරග වැදිය නොහැකි නීතියද හරින් ප්‍රනාන්දු ඇමතිවරයා විසින් මීට පෙර ඉවත් කරන ලදී.

Continue Reading

ක්‍රීඩා

චමරි හා ජයග්‍රාහී කාන්තා ක්‍රිකට් පිල දිවයිනට

Published

on

By

දකුණු අප්‍රිකාවේ පැවති විස්සයි විස්ස සහ එක් දින තරගාවලි දෙකම සහ ඩුබායි හි පැවති ලෝක කුසලාන විස්සයි විස්ස තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරඟ සියල්ල ද ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (09) අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ.

මෙම ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම මෙසේ යළිත් මෙරටට පැමිණියේ මාස දෙකක, ක්‍රිකට් තරඟ සංචාරයන් දෙකක් ජයග්‍රහණය කිරීමෙන් අනතුරුවය.

ගුවන් තොටුපොළේ දී අදහස් දැක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු මෙසේ පැවසීය .

“අපට මෙම ජයග්‍රහණය කිරීම සදහා කණ්ඩායමේ දක්ෂ යොවුන් ක්‍රීඩිකාවන් මෙන්ම ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන් ද විශාල සහයක් ලබා දුන්නා…. “

එළඹෙන ඔක්තෝබර් මාසයේ බංග්ලාදේශයේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට පෙර බටහිර ඉන්දීය කොදෙව් දූපත් කණ්ඩායම සමඟ තරගාවලියක් ද , ආසියානු කුසලාන විස්සයි විස්ස තරගාවලිය සහ අයර්ලන්තයේ ක්‍රිකට් තරගාවලි සංචාරයක් ද සදහා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහභාගී වීමට නියමිත බව ද ඇය පැවසුවාය .

Continue Reading

ක්‍රීඩා

හිටපු දැල්පන්දු නායිකාවකට තහනම් උත්තේජක චෝදනා!

Published

on

By

ශ්‍රී ලංකා උත්තේජක මර්ධන නියෝජිත ආයතනය මගින් සිදුකල තහනම් උත්තේජක පරීක්ෂණයකදී හිටපු දැල්පන්දු නායිකාවක් තහනම් උත්තේජක ලබාගත් බවට තහවුරු වී ඇතැයි වාර්තා වේ.

ටොරින්ටන් ශරීර සුවතා මධ්‍යස්ථානයේදී ජාතික දැල්පන්දු ක්‍රීඩිකාවන් ඉලක්ක කර සිදුකළ තහනම් උත්තේජක පරීක්ෂණයකදී මේ බව හෙළිව තිබේ.

එහිදි ක්‍රීඩිකාවන් දෙදෙනෙකු අහඹු ලෙස මෙම පරීක්ෂණයකට යොමුකර එක් ක්‍රීඩිකාවක් මාංශ පේශීන් වර්ධනයට සිදුකරනු ලබන ඇනබොලික් ස්ටොරයිඩ් නම් වූ තහනම් උත්තේජකය ලබා ගෙන ඇති බවට තහවුරුවී ඇතැයි පැවසේ.

මෙය ටෙස්ටෙස්ටරෝන් හෝමෝනයට සමාන මිනිසා විසින් නිෂ්පාදිත කෘතිම ස්ටොරයිඩටයක් ලෙස සැලැකේ.

අදාල පරීක්ෂණවල ප්‍රතිපළ ඊයේ (08) උදෑසන කටාර්හී පිහිටි උත්තේජක පාලන රසායනාගාරය විසින් නිකුත් කර ඇති අතර, එහිදි හිටපු නායිකාවගේ සාම්පලවල මෙම තහනම් උත්තේජකයේ සංගටක පැවති බව තහවුරු වී ඇත.

මේ අතර, ශ්‍රී ලංකා උත්තේජක මර්ධන ඒකකයේ ප්‍රධානී වෛද්‍ය ශිරෝමි පිලපිටිය මහත්මිය මාධ්‍යට පවසා ඇත්තේ මේ සම්බන්ධයෙන් විමර්ශණයක් සිදුකරනු ලබන බවත්, එසේම අද (09) දිනයේ ප්‍රකාශයක් නිකුත් කිරීමට කටයුතු සූදානම් කරන බවයි.

එමෙන්ම මේ සම්බන්ධව සිදුකරන පරීක්ෂණයේදී අදාල ක්‍රීඩිකාව වැරදිකරු වුවහොත් වසරක සිට වසර 4ක් දක්වා දැල් පන්දු ක්‍රීඩාව හා ඊට සම්බන්ධ කිසිදු කටයුත්තක් සිදු කල නොහැකි ආකාරයේ තහනමක් පැනවෙනු ඇති බවත් පැවසේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved