Connect with us

පුවත්

SIU ලොක්කා රට පනින්න යයි

Published

on

පොලිසියේ විශේෂ විමර්ශන අංශයේ (එස්.අයි.යූ) හි අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩී.එස්. වික්‍රමසිංහ මහතාට එල්ල වී තිබෙන බලපෑම් හා තර්ජන හේතුවෙන් ඔහු සිය පවුල සමඟ රට හැර යාම සඳහා ප්‍රබල විදේශීය රටකින් වීසා ලබාගෙන ඇතැයි සතිඅන්ත පුවත්පතක් වාර්තා කර තිබේ.

විශේෂ විමර්ශන අංශ අධ්‍යක්ෂවරයා තමන්ට එල්ල වී ඇති තර්ජන හා බලපෑම් නිසා පසුගියදා මෙතෙක් තමන් දැරූ පොලිස් විශේෂ විමර්ශන අධ්‍යක්ෂ තනතුරින් පර්යේෂණ හා සංවර්ධන අංශයේ ප්‍රධානියා ලෙස ස්ථාන මාරුවක්ද ලබාගෙන තිබිණි.

කෙසේවෙතත් පවත්නා තත්ත්වය අනුව ඔහු අද හෙටම සියලු තනතුරුවලින් ඉවත්ව විදේශගත වනු ඇති බව ප්‍රබල මානව හිමිකම් සංවිධානයක ප්‍රධානියෙක් පැවසූ බව එම පුවත්පත කියා සිටී.

පසුගිය කාලයේ මෙරට මහත් ආන්දෝලනයට ලක්වූ පාස්කු බෝම්බ ප්‍රහාරය ඇතුළු ප්‍රබල අපරාධ ගණනාවක් ගැන විමර්ශනය කළ ජ්‍යෙෂ්ඨ නිලධාරිවරයකු වන වික්‍රමසිංහ මහතා රට හැර යාමට තුඩු දුන් සිදුවීම් සම්බන්ධව ඉදිරියේදී ජාත්‍යන්තරයට පැමිණිලි කරන බවද මේ ගැන දේශයට කරුණු දැක්වූ මානව හිමිකම් සංවිධාන ප්‍රධානියා ප්‍රකාශ කළේය.‍

මූලාශ්‍රය – දේශය

ක්‍රීඩා

ඩිලන්ත, GT4 යුරෝපියානු මෝටර් රථ තරගාවලියේ ඉසව්වකින් 2වැනි තැනට

Published

on

By

ඉතාලියේ මිසානෝ ජාත්‍යන්තර මෝටර් රථ ධාවන පථයේ පැවැති GT4 යුරෝපියානු තරගාවලියේ ඒ.කැන්ටු සමග යුගල ධාවනයක නිරත වූ ඩිලන්ත මාලගමුව එහි දෙවෙනි ස්ථානය දිනා ගැනීමට සමත් විය.

මෙහි දෙවෙනි තරගයට සහභාගි වූ ඩිලන්තගේ මෝටර් රථය අනතුරකට ලක්වීම නිසා විනාඩි 15 කට තරගයෙන් ඉවත්ව සිටීමට සිදුවුණද යළි තරගයට එක්ව තරගය අවසන් කිරීමට ඩිලන්ත හා සහායක රියදුරුට හැකි විය.

මෙම තරගාවලියේ මීළඟ තරගය ජූනි 28 දා ස්පාහිදී පැවැත්වේ.

Continue Reading

පුවත්

බන්ධනාගාර නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගයක

Published

on

By

බන්ධනාගාර නිලධාරීන් අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර ඇති බව සමස්ත ලංකා බන්ධනාගාර නිලධාරීන්ගේ එකමුතුව පවසයි.

ඔවුන් සඳහන් කළේ අද (20) සිට ලබන බදාදා (22) දක්වා එම වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත වන බවයි.

රුපියල් 25,000ක වැටුප් වැඩිවීමක් ඉල්ලමින් බන්ධනාගාර නිලධාරීන් අදාළ වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත වන බව සඳහන්ය.

Continue Reading

පුවත්

ඩයනා ගැන විමර්ශනයට නීතිපතිගෙන් CIDයට උපදෙස්

Published

on

By

හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට එරෙහිව එල්ල වී ඇති අපරාධමය කරුණු සම්බන්ධයෙන් විමර්ශනය කරන ලෙසත් ඇයට එරෙහිව අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබේ.

බ්‍රිතාන්‍ය පුරවැසියකුව සිටියදී මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීම සම්බන්ධව විභාග වූ නඩුකරවල දී සහ විමර්ශනවල දී අනාවරණය වූ අපරාධමය කරුණු සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා ආකාරය පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා විසින් නීතිපතිවරයාගෙන් උපදෙස් විමසා සිටින ලදී.

ඩයනා ගමගේ මහත්මිය සම්බන්ධයෙන් අපරාධමය කරුණු කීපයක් අනාවරණයවී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා විසින් නීතිපතිවරයා වෙත දන්වා තිබුණි.

ව්‍යාජ ලේඛන ඉදිරිපත් කිරීම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම, මැතිවරණ නීති උල්ලංඝනය කරමින් කටයුතු කිරීම, ව්‍යාජ ලේඛන මුල් ලේඛන ලෙස ඉදිරිපත් කිරීම ඒ අතර විය.

ඩයනා ගමගේ මහත්මියට එරෙහිව විමර්ශනයක් සිදුකරන ලෙසත් ලැබෙන සාක්ෂි මත අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ චෝදනා ගොනු කරමින් ඇය අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved