Connect with us

පුවත්

ආරක්ෂක ප්‍රදර්ශනය – 2022 ස‍දහා ලංකාවෙන් ඉහළ පෙළේ නියෝජිත පිරිසක්

Published

on

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වය යටතේ යුධ සහ නාවික හමුදා නිලධාරීන් ඇතුළු තිදෙනෙකුගෙන් සමන්විත නිල නියෝජිත පිරිසක් වසර දෙකකට වරක් පැවැත්වෙන ඉන්දියාවේ ප්‍රමුඛතම ප්‍රදර්ශනයක් වන ආරක්ෂක ප්‍රදර්ශනය 2022 සඳහා සහභාගී වීම වෙනුවෙන් මේ දිනවල ඉන්දියානු සංචාරයක නිරත වේ.

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමා විසින් 2022 ඔක්තෝබර් මස 19 වන දින ගුජරාටයේ ගාන්ධි නගර්හිදි මෙම ප්‍රදර්ශනය විවෘත කරන ලදී. පසුගිය වසරක කාලය තුළදී අග්‍රාමාත්‍ය මෝදි මැතිතුමා විසින් සමාරම්භ කරන ලද අවස්ථාවකට ශ්‍රී ලංකා අමාත්‍යවරයකු සහභාගී වන දෙවන අවස්ථාව මෙය වේ. 2021 ඔක්තෝබර් මස කුෂිනගර් ජාත්‍යන්තර ගුවන් තොටුපළ විවෘත කිරීමේ අවස්ථාවට ද ශ්‍රී ලංකා අමාත්‍යවරුන් සහභාගී වූහ.

ආරක්ෂක ප්‍රදර්ශනයේ දී අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ආරක්ෂක ක්ෂේත්‍රය තුළ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින සහයෝගීතාවය අගය කළේය. ආරක්ෂක ප්‍රතිපත්තිය තහවුරු කිරීමෙහි ලා ආරක්ෂක කර්මාන්ත පදනමෙහි වැදගත්කම අවධාරණය කළ එතුමා අංශ පහ පුරාම නවීන යුධ කර්තව්‍යයන්හි පරිවර්තනයෙහි ස්වභාවය ගැඹුරින් වටහා ගැනීම සඳහා ආරක්ෂක ප්‍රදර්ශනය 2022 මනා මාවතක් නිර්මාණය කරන දෙන බව සඳහන් කළේය.

“Make in India, Make for the World” දැක්ම සාක්ෂාත් කරගැනීම මෙන්ම ආරක්ෂක ක්ෂේත්‍රය තුළ ස්වයං යැපීමක් තහවුරු කිරීම සඳහා ඉන්දියාවේ ආරක්ෂක ක්ෂේත්‍රයේ වර්ධනය වන ශක්තීන් විදහා දැක්වෙන ආරක්ෂක ප්‍රදර්ශනය විශාලතම ආරක්ෂක ප්‍රදර්ශනය වේ. යුධ උපකරණ සහ සන්නද්ධ හමුදාවන්ගේ, රාජ්‍ය ආරක්ෂක ක්ෂේත්‍රයේ සහ කර්මාන්තයේ කුසලතා සහ හැකියාවන් ප්‍රදර්ශනය කරමින් පැවති සජීවී වැඩසටහන් ද මෙහිදී සංවිධානය කර තිබිණ.

අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා 2022 ඔක්තෝබර් 17 වන දින ඉන්දියාවේ ආරක්ෂක සහ සංචාරක කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය අජේ භාත් මහතා ද හමු විය. ආරක්ෂක ක්ෂේත්‍රය සඳහා ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහය දැක්වීමට ඉන්දියාව සූදානම් බව අමාත්‍ය භාත් මහතා මෙහිදී සහතික විය. ශ්‍රී ලංකා නියෝජිත පිරිස සහ ආරක්ෂක අමාත්‍යතුමා, ආරක්ෂක ලේකම්තුමා, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීතුමා සහ ත්‍රවිධ හමුදාපතිවරුන් සමඟ සුහද කතාබහක නිරත වූහ.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ආරක්ෂක ක්ෂේත්‍රෙය් ද්විපාර්ශවික සබඳතා විවිධ අංශ ඔස්සේ පැතිර පවතී. කොවිඩ් 19 වසංගතය විසින් මතුකළ අභියෝග හමුවේ වුවද දෙරට අතර ඉහළ පෙළේ අන්තර් ක්‍රියාවන් අඛණ්ඩව පැවැත්විණ. SLINEX නාවික අභ්‍යාසය සහ මිත්‍ර ශක්ති යුධ අභ්‍යාසය සෑම වසරකම පැවැත්වෙන අතර එය වසරක ශ්‍රී ලංකාවේ ද ඊළඟ වසරේ දී ඉන්දියාවේ ද පැවැත්වේ. මත්ද්‍රව්‍ය සහ මිනිස් ජාවාරම වැනි පොදු ආරක්ෂක අභියෝගයන්ට මුහුණ දීමේ දී දෙරට හමුදාවන් සමීප සහයෝගයකින් කටයුතු කරයි. කොළඹ ආරක්ෂක පර්ෂදය කලාපීය මට්ටමින් මෙවැනි අභියෝගයන් ජය ගැනීම සඳහා ප්‍රධාන ආරක්ෂක වේදිකාවක් බවට පත් වී ඇත. ශ්‍රී ලංකාවේ සමුද්‍රීය ආවේක්ෂණ හැකියාවන් ඉහළ නැංවීම සඳහා පළමු ඩෝනියර් සමුද්‍රීය නිරීක්ෂණ ගුවන් යානය 2022 අගෝස්තු මස 15 වන දින ඉන්දියාව විසින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට තිළිණ කරන ලද අතර ඒ සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ද සහභාගී විය.

අත්දැකීම් බෙදා හදා ගැනීම සහ කුසලතා සංවර්ධනය ශක්තිමත් සහෝදරත්වයකින් හෙබි සහ අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රතිලාභදායි ඉන්දු – ශ්‍රී ලංකා ආරක්ෂක සහයෝගීතාවය අප දෙරටට පොදු ආරක්ෂාව ඉහළ නැංවීමෙහි ලා අතිශය වැදගත් කුළුණක් වී ඇත. ජාතික ආරක්ෂක විද්‍යාලය (NDC) ඇතුළු හමුදා ආයතන දශක ගණනාවක් පුරා ශ්‍රී ලංකා හමුදාවන්ගේ ප්‍රමුඛතම තේරීම වී ඇති අතර එවන් ආයතන ශ්‍රී ලංකාව සඳහා හමුදා නායකයන් රැසක් බිහි කර ඇත. ඉන්දියාව ශ්‍රී ලංකාවේ අභ්‍යාසලාභීන් සඳහා වසරකට අවස්ථාවන් 1500 – 1700ක් පමණ වෙන් කරන අතර ඒ සඳහා වැය කරන මුදල ඉන්දියානු රුපියල් මිලියන 500 – 550ක් (ඇමරිකානු ඩොලර් මිලියන 6කට අධික) පමණ වේ. එසේම, මහජන නැගිටීම් වලට මුහුණ දීම වැනි විවිධ ක්ෂේත්‍රයන් හි විශේෂීකරණය වූ පුහුණු වැඩසටහන් සඳහා ශ්‍රී ලංකාවේ මිත්‍රශීලී හමුදාවන් ඉන්දියානු හමුදා නිලධාරීන්ට සත්කාරකත්වය ලබා දී ඇත.

මහා පරිමාණ පරිසර හානි වැළැක්වීම, කඩිනමින් ද්‍රව වෛද්‍ය ඔක්සිජන් සහ අවශ්‍ය වෙනත් ද්‍රව්‍ය සැපයීම සහ කොවිඩ් 19 වසංගත සමයේ දී ශ්‍රී ලංකා හමුදාවන්ගේ සහය ඇතිව ඉන්දියානුවන් 700ක් පමණ නැවතත් මව්රටට ගෙනයාම වැනි මානුෂීය කර්තව්‍යයන් සඳහා ද දෙරට හමුදා සහයෝගයෙන් කටයුතු කරයි. ‍

අසල්වාසී රාජ්‍යයන් දෙක අතර අනාගතයට යොමු වූ සහයෝගීතාවය ඉන්දියාවේ “අසල්වැසියා ප්‍රථමයෙන්” යන ප්‍රතිපත්තිය සහ කලාපයේ සැමට ආරක්ෂාව සහ වර්ධනය (SAGAR) යන දැක්ම අවධාරණය කරයි. අන්‍යෝන්‍ය සුබ සිද්ධිය උදෙසා මෙන්ම කලාපයේ සාමය, ආරක්ෂාව සහ ස්ථාවරත්වය ඉහළ නැංවීම සඳහා ශ්‍රී ලංකාව සමඟ බහු ආංශීය සහයෝගීතාවය ශක්තිමත් කිරීමට ඉන්දියාව තවදුරටත් කටයුතු කරනු ඇත.

පුවත්

උතුරු කොරියාවට සයිබර් ප්‍රහාරයක්

Published

on

By

උතුරු කොරියාවේ අන්තර්ජාල සම්බන්ධතාව පැය කිහිපයක් පුරාවට හදිසියේ බිඳ වැටීමට මෙතෙක් නිෂ්චිත හේතුවක් අනාවරණය වී නැතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

උතුරු කොරියාවේ අද (07) අන්තර්ජාල සම්බන්ධතාවය පැය කිහිපයක් පුරා හදිසියේ බිඳ වැටීමකට ලක්වුණු අතර මේ හේතුවෙන් රජයේ වෙබ් අඩවි සහ නිල ප්‍රවෘත්ති සේවාවන් වෙත ප්‍රවේශයට සම්පූර්ණයෙන්ම ඇනහිට තිබුණි.

කෙසේ වෙතත් උතුරු කොරියාවේ අන්තර්ජලය සහ තාක්ෂණ යටිතල පහසුකම් නිරීක්ෂණය කරනු ලබන පර්යේෂකයින් යෝජනා කර ඇත්තේ එය සයිබර් ප්‍රහාරයකට වඩා අභ්‍යන්තර ගැටළුවක් විය හැකි බවය.

මෙම අන්තර්ජාල සම්බන්ධතාව ඇනහිටීමත් සමග උතුරු කොරියාවේ ප්‍රධාන නිල ප්‍රවෘත්ති සේවා, විදේශ අමාත්‍යංශය සහ ජාතික ගුවන් සේවය වන එයාර් කොරියෝ ඇතුළු ප්‍රධාන වෙබ් අඩවි ගණනාවක ප්‍රවේශය අවහිර වූ අතර එය එරට වේලාවෙන් දහවල් දක්වා පැවැති බවද වාර්තා වේ.

උතුරු කොරියාව ලොව වඩාත්ම දැඩි ලෙස පාලනය කරන ලද අන්තර්ජාල පද්ධතිවලින් සමන්විත රටක් වන අතර එයට ඕනෑම ආකාරයක මාර්ගගත සන්නිවේදනයකට ප්‍රවේශයද ඇතුළත් වේ.

සාමාන්‍ය ජනතාවට ප්‍රවේශය ඇත්තේ රජය විසින් පිහිටුවන ලද අන්තර් ජාලයකට පමණක් වන අතර එය පුළුල් ගෝලීය ජාලයකට සම්බන්ධ වී නොමැත. 

කෙසේ නමුත් රජයේ සහ ප්‍රභූ කිහිප දෙනෙකුට පමණක් විවෘත අන්තර්ජාල සම්බන්ධතාවක් හිමිව ඇත.

මේ අතර විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ උතුරු කොරියාව පසුගිය වසරවලදී සයිබර් ප්‍රහාර හේතුවෙන් ඇතිවූ බවට සැක කෙරෙන විශාල අන්තර්ජාල ඇනහිටීම්ද අත්විඳ ඇති බවය.

Continue Reading

පුවත්

ලංකාවට නො ආ රට හරක්ට ගෙවූ කෝටි 211 නිලධාරීන්ට ගෙවන්න නියෝගයක්

Published

on

By

ග්‍රාමීය ආර්ථික අමාත්‍යාංශය කිරි ගවයන් 15000ක් ආනයනය කිරීමට අදාළව ගෙවන ලද කෝටි 211 ක  මුදලක් අය කරගැනීමට කටයුතු නොකිරීම හේතුවෙන් සිදුවූ පාඩුව එම කටයුත්තට දායක වූ සියලු බලධාරීන්ගෙන් අය කරගැනීමට කටයුතු කරන ලෙස  ජාතික විගණන කාර්යාලය නිර්දේශ කර ඇත.

විගණන ප්‍රධානීන් එම නිර්දේශය කර ඇත්තේ කිරි ගවයන් ආනයනය කිරීමේදී සිදුවී ඇතැයි පැවසෙන දූෂණ වංචා සහ අක්‍රමිකතා පිළිබඳව සොයා බැලීමට කෙරුණු විගණනයට අදාල විශේෂ විගණන වාර්තාවෙනි.

මෙම පාඩුව සඳහා දායක වූ සියලු දෙනාටම දැඩි නීතිමය හා විනය ක්‍රියාමාර්ග ගත යුතු බවටද විගණන ප්‍රධානීන් නිර්දේශ කර ඇත.

කිරි ගවයන් ආනයනයට පෙර ගෙවන ලද රුපියල් කෝටි 175 කට ආසන්න අත්තිකාරම් මුදල සහ ණය මුදලින් කොටසක් සහ  ඊට අදාල පොලිය මෙම මූල්‍ය පාඩුවට  ඇතුළත් වන බව ජාතික විගණන කාර්යාලය පවසයි.

මූලික කාර්යභාරය  ඉටුකිරීමෙන් තොරව සහ විගණන අංශ ලබා දී තිබූ  නිර්දේශ නොතකා හරිමින්  කිරි ගවයන් ආනයනයට මෙසේ අත්තිකාරම් මුදල් නිදහස් කර තිබූ බවත්  එම මුදල් පසුගිය වසරේ දෙසැම්බර් මස 31 වැනිදා වන විටද අය කරගෙන නොතිබූ බවත් වාර්තාවේ දැක්වේ.

කිරි ගවයන් නොගෙන්වා මෙපමණ ඵලදායි නොවන වියදමක් දරා තිබියදී කිරි ගොවීන්ට සහන සැලසීම සඳහා හදිසි අවස්ථා අරමුදලින් රුපියල් කෝටි තිහක් වෙන් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය අපේක්ෂා කර තිබූ බවද විශේෂ විගණන වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

(ලංකාදීප)

Continue Reading

පුවත්

ලංකාව දුන් පොරොන්දු ඉටුකරනවාදැයි බලන්න IMF දෙවැනියා ලංකාවට

Published

on

By

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලයේ මීළඟ රැස්වීමට පෙර විදුලිය මිල වැඩි කිරීම ඇතුළු ශ්‍රී ලංකා ආණ්ඩුව පොරොන්දු වූ ගිවිසුමේ කරුණු ඉටුවේදැයි දැනගැනීම පිණිස විශේෂ සාකච්ඡාවක් සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ, ගීතා ගෝපිනාත් මහත්මිය සහ ආසියානු කලාපීය අධ්‍යක්ෂ ක්‍රිෂ් සිරිනිවාසන් මහතා ලබන සතියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. 

ගෝපිනාත් මහත්මිය මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරියට පමණක් දෙවැනි වන ප්‍රධාන නිලධාරිනියයි.

මෙම ඉහළ පෙළේ දූත පිරිස ශ්‍රී ලංකා මහ බැංකුව සහ ජනාධිපතිවරයා සමඟ විශේෂ සාකච්ඡා වට දෙකකට සහභාගි වනු ඇතැයි දැනගන්නට තිබේ.

විදුලිය මිල සූත්‍රයක් ක්‍රියාත්මක කිරීම ඇතුළු මීට පෙර ඇති කරගත් කාර්ය මණ්ඩල එකඟතා ඉටුකිරීම සම්බන්ධව මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ මතය දැනගැනීම ඔවුන්ගේ ශ්‍රී ලංකා සංචාරයේ ප්‍රධාන අරමුණ බවද සඳහන්ය.

(දේශය)

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved