Connect with us

පුවත්

මගී ප්‍රවාහන ත්‍රීරෝද රථ වල ඉන්ධන කෝටාව දෙගුණ කරයි

Published

on

වෘත්තීය මගී ප්‍රවාහන ත්‍රී රෝද රථ සඳහා සතියකට ලීටර් 05ක්ව පැවති ඉන්ධන කෝටාව ලීටර් 10ක් දක්වා වැඩි කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී ඇත.

එහි පළමු අදියර ලෙස බස්නාහිර පළාතේ වෘත්තීය ත්‍රී රෝද රථ ලියාපදිංචිය නොවැම්බර් 01 වැනිදා සිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා සහ වෘත්තීය ත්‍රී රෝද රථ සංගම් අතර ජනාධිපති කාර්යාලයේ දී අද (24) පැවැති සාකච්ඡාවේදී මෙම කරුණු අනාවරණය විය.

ඒ අනුව නොවැම්බර් 06 වැනිදා සිට බස්නාහිර පළාත තුළ සියළුම මගී ප්‍රවාහන ත්‍රීරෝද රථ සඳහා සතියකට ඉන්ධන ලීටර 10ක ප්‍රමාණයක් ලබාදීම සිදු කෙරේ.

දිවයිනේ අනෙකුත් පළාත් තුළ මගී ප්‍රවාහන ත්‍රීරෝද රථ ලියාපදිංචි කිරීම නොවැම්බර් 06 වැනිදා සිට 13 වැනිදා දක්වා සිදු කෙරෙන අතර, ඉන්පසුව එම ත්‍රී රෝද රථවලට ද නව ඉන්ධන කෝටාව ලබාදීමට සැලසුම් කර තිබේ.

දැනට ශ්‍රී ලංකාව තුළ ත්‍රී රෝද රථ දස ලක්ෂ අසූ දහසක් පවතින අතර, එයින් වෘත්තිමය මගී ප්‍රවාහන ත්‍රී රෝද රථ ලක්ෂ හතරක් පමණ පවතින බව ත්‍රී රෝද රථ සංගම් පවසයි.

මගී ප්‍රවාහන ත්‍රී රෝද රථ ලක්ෂ තුනක් පමණ මේ වන විට ශ්‍රී ලංකා පොලීසියේ ලියාපදිංචි කර තිබෙන අතර, නොවැම්බර් 13 වැනිදා වන විට සමස්ත දිවයිනම ආවරණය වන පරිදි මගී ප්‍රවාහන ත්‍රී රෝද රථ ලියාපදිංචිය සිදු කිරීමට නොහැකි වුවහොත් ආරම්භයක් වශයෙන් පොලීසියේ ලියාපදිංචි  ත්‍රීරෝද රථ සඳහා ඉන්ධන කෝටාව නිකුත් කිරීමට ද මෙම සාකච්ඡාවේදී තීරණය කෙරිණි.

මේ සම්බන්ධයෙන් පළාත් ආණ්ඩුකාරවරු හා  පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරියේ නිලධාරීන් කඩිනමින් දැනුවත් කිරීමට ද නියමිතය.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර,  ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය යන මහත්වරු ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

පුවත්

ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වෙයි

Published

on

By

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වී තිබේ.

88 හැවිරිදි වියේ පසුවූ පාප්වහන්සේ ස්වර්ගස්ථ වී ඇත්තේ, වතිකානයේ කාසා සැන්ටා මාර්තා හි පිහිටි උන්වහන්සේගේ නිවසේදීය.

ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙන් මාසයකට වැඩි කාලයක් රෝහල්ගතව සිටි ෆැන්සිස් පාප්වහන්සේ ඉන් අනතුරුව සුවය ලබා ආපසු පැමිණියේය.

ඊයේ (20) දිනයේ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ පැවැති පාස්කු දේව මෙහෙයටත් උන්වහන්සේ එක්වුණි.

Continue Reading

පුවත්

නොරොච්චෝලේ නවතා තිබූ ජනන යන්ත්‍රය යළි ක්‍රියාත්මකයි

Published

on

By

අවුරුදු උත්සව සමයේ පැවති අඩු ඉල්ලුම හේතුවෙන් නොරොච්චෝලේ විදුලි බලාගාරයේ අක්‍රීය කර තිබූ ජනන යන්ත්‍රය අද (21) උදෑසන 11ට නැවත ක්‍රියාත්මක කළ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

වර්තමානයේ පවතින ඉහළ බල ඉල්ලුමට අනුගතව ඒකක තුනම ක්‍රියාත්මක වෙමින් පවතින බව වැඩිදුරටත් දැනුම් දී තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා මේ බව දැනුම් දී ඇත.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාවේ වෙනසක්

Published

on

By

සිරි දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාව සංශෝධනය කර ඇති බව ශ්‍රී දළදා මාලිගාව මහජනතාව වෙත නිවේදනය ක‍රයි.

එම කාලවේලාව පැයකින් දීර්ඝ කර ඇති අතර සංශෝධිත නව කාල සීමාව වන්නේ පෙරවරු 11.00 සිට සවස 5.30 දක්වා ය.

දිවයිනේ නන්දෙසින් මහනුවරට පැමිණෙන බැතිමතුන්ගේ සංඛ්‍යාව වැඩි වී තිබීම මෙම කාල දිගුවට හේතුවයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved