Connect with us

පුවත්

“ක්ෂේත්‍ර 4ක් ඔස්සේ ඉන්දු – ලංකා සබඳතා දියුණු කරන්න අපේක්ෂා කරනවා”

Published

on

ආහාර සුරක්ෂිතතාව, බලශක්ති සුරක්ෂිතතාව, මූල්‍ය සහයෝගිතාව සහ දිගු කාලීන ආයෝජන යන අංශ හතර ඔස්සේ තවදුරටත් ඉන්දු – ශ්‍රී ලංකා සබඳතාව ශක්තිමත් කිරීමට අපේක්ෂා කරන බව මෙරට ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා අද (23) පාර්ලිමේන්තුවේදී පැවසීය.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (23) පාර්ලිමේන්තුවේදී පැවති ශ්‍රී ලංකා ඉන්දීය පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ රැස්වීමක් ආමන්ත්‍රණය කරමින් මහකොමසාරිස්වරයා මේබව පැවසීය.

ශ්‍රී ලංකා ඉන්දීය පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය හරහා හුවමාරු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ඔස්සේ

දෙරට අතර සබඳතා තරකර ගැනීමේ වැදගත්කම පිළිබදව පෙන්වා දුන් කථානායකවරයා ඉන්දියාව ලබාදෙන සහය පිළිබද සිය කෘතවේදීත්වය පළ කළේය.

මෙහිදී ඉන්දීය විදේශ අමාත්‍ය – ආචාර්ය එස්. ජයශංකර් මහතා වීඩියෝ පණිවිඩයක් මගින් දැනුම් දුන්නේ මෙරට සංවර්ධන කටයුතු සදහා ඉන්දියාව තවදුරටත් සහය දක්වන බවයි.

ශ්‍රී ලංකා ඉන්දීය පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා ඇතුළු  සාමාජික මන්ත්‍රීවරු, අමාත්‍යවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු පිරිසක් ද පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ද මෙම අවස්ථාවට එක්ව සිටියහ. 

පුවත්

ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වෙයි

Published

on

By

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වී තිබේ.

88 හැවිරිදි වියේ පසුවූ පාප්වහන්සේ ස්වර්ගස්ථ වී ඇත්තේ, වතිකානයේ කාසා සැන්ටා මාර්තා හි පිහිටි උන්වහන්සේගේ නිවසේදීය.

ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙන් මාසයකට වැඩි කාලයක් රෝහල්ගතව සිටි ෆැන්සිස් පාප්වහන්සේ ඉන් අනතුරුව සුවය ලබා ආපසු පැමිණියේය.

ඊයේ (20) දිනයේ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ පැවැති පාස්කු දේව මෙහෙයටත් උන්වහන්සේ එක්වුණි.

Continue Reading

පුවත්

නොරොච්චෝලේ නවතා තිබූ ජනන යන්ත්‍රය යළි ක්‍රියාත්මකයි

Published

on

By

අවුරුදු උත්සව සමයේ පැවති අඩු ඉල්ලුම හේතුවෙන් නොරොච්චෝලේ විදුලි බලාගාරයේ අක්‍රීය කර තිබූ ජනන යන්ත්‍රය අද (21) උදෑසන 11ට නැවත ක්‍රියාත්මක කළ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

වර්තමානයේ පවතින ඉහළ බල ඉල්ලුමට අනුගතව ඒකක තුනම ක්‍රියාත්මක වෙමින් පවතින බව වැඩිදුරටත් දැනුම් දී තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා මේ බව දැනුම් දී ඇත.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාවේ වෙනසක්

Published

on

By

සිරි දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාව සංශෝධනය කර ඇති බව ශ්‍රී දළදා මාලිගාව මහජනතාව වෙත නිවේදනය ක‍රයි.

එම කාලවේලාව පැයකින් දීර්ඝ කර ඇති අතර සංශෝධිත නව කාල සීමාව වන්නේ පෙරවරු 11.00 සිට සවස 5.30 දක්වා ය.

දිවයිනේ නන්දෙසින් මහනුවරට පැමිණෙන බැතිමතුන්ගේ සංඛ්‍යාව වැඩි වී තිබීම මෙම කාල දිගුවට හේතුවයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved