Connect with us

පුවත්

මහව – අනුරාධපුරය අතර දුම්රිය සංඥා පද්ධතියකට ගිවිසුමක්

Published

on

මහව සිට අනුරාධපුරය දක්වා කිලෝමීටර 66ක දුර ප්‍රදේශයක් පුරාවට ශ්‍රී ලංකා දුම්රිය සඳහා අවශ්‍ය සංඥා පද්ධතිය සැලසුම් කිරීම, ස්ථාපනය කිරීම හා පරීක්ෂා කිරීම සඳහා වන ගිවිසුමකට අද (21) මෙරටදී අත්සන් තබා ඇත. 

ශ්‍රී ලංකාවේ ප්‍රවාහන අමාත්‍ය – ආචාර්ය බන්දුල ගුණවර්ධන සහ ශ්‍රී ලංකාවේ සිටින ඉන්දීය මහ කොමසාරිස් – ගෝපාල් බාග්ලේ මහතා ඉදිරියේ දී මෙම ගිවිසුමට අත්සන් තබා ඇත්තේ මෙරට ප්‍රවාහන අමාත්‍යංශය හා IRCON Ltd සමාගමයි.

මෙම අවස්ථාවට මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය – සිරිපාල ගමලත් මහතා, නැගෙනහිර පළාතේ ආණ්ඩුකාර – සෙන්තිල් තොණ්ඩමන් මහතා මෙන්ම ප්‍රවාහන අමාත්‍යංශයේ හා IRCON සමාගමේ නිලධාරීන්ද එක්විය.

ඇමෙරිකානු ඩොලර් මිලියන 14.90ක වියදමෙන් සිදුකෙරෙන මෙම ව්‍යාපෘතිය, ඇමෙරිකානු ඩොලර් මිලියන 318 ක ඉන්දීය ණය පහසුකමක් යටතේ සිදුකෙරේ. 

මෙම ව්‍යාපෘතිය යටතේ මහව සිට අනුරාධපුරය දක්වා දුම්රිය මාර්ගයේ අලුත්වැඩියා වැඩකටයුතු ජනවාරි 2024 සිට ඇරඹීමට නියමිතය.

පුවත්

අප්‍රේල් 26 ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරයි

Published

on

By

2025 අප්‍රේල් මස 26 වන දිනය ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කර තිබේ.

ඒ, අතිඋතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථවීම හේතුවෙන් එතුමන්ගේ අවසන් කටයුතු එදිනට යෙදී තිබීම හේතුවෙනි.

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු නිලධාරීන්ට දැනුම්දෙන්නේ  2025 අප්‍රේල් මස 26 දින සියලුම රජයේ කාර්යාලවල ජාතික කොඩිය අඩකුඹු කර තැබීමට කටයුතු කරන ලෙසය.

Continue Reading

පුවත්

නෙවිල් සිල්වා අධිකරණයට භාරවෙයි

Published

on

By

කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වා මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට භාරවී තිබේ.

අද (24) ඔහු මෙලෙස අධිකරණයට භාරවී ඇති බව සඳහන් ය.

2023 වසරේදී මාතර වැලිගම W15 හෝටලය ඉදිරිපිට වෙඩිතැබීමේ සිද්ධියට අදාළව හිටපු සහකාර පොලිස් අධිකාරීවරයා මෙලෙස භාරවී තිබේ.

අදාළ සිද්ධියට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු සැකකරුවන් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මාතර මහෙස්ත්‍රාත්වරයා පසුගියදා නියෝග කර තිබුණි.

හිටපු සහකාර පොලිස් අධිකාරීවරයා අදාළ නඩුවේ 9වන සැකකරු වෙයි.

Continue Reading

පුවත්

ප්‍රබල අකුණු ගැන අනතුරු ඇඟවීම්

Published

on

By

නැගෙනහිර, ඌව, මධ්‍යම සහ උතුරු-මැද පළාත් සහ මුලතිව් සහ වවුනියා දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක.

අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved