Connect with us

විදෙස්

අධික නියඟය හමුවේ “ඇමසන් ඩොල්ෆින්ලා“ 120ක් මියයයි

Published

on

මේ දින වල බ්‍රසීලයේ ඇමසන් නදිය ආශ්‍රිතව පවතින උග්‍ර නියං කාලගුණය හමුවේ එම කලාපයට  ආවේණික සත්ත්ව විශේෂයක් වන “ඇමසන් ඩොල්ෆින්“ සතුන් 120ක පමණ මියගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

මෙම මරණ වාර්තා වන්නේ බ්‍රසීලයේ ඇමසන් නදිය ආශ්‍රිතව ඇති ටෙෆේ විලෙනි.

පර්යේෂකයෝ විශ්වාස කරන්නේ දැඩි නියං හමුවේ ගංඟා වල ජල මට්ටම් අඩු වීම නිසා, ඇතැම් ජලාශ කොටස් වල උෂ්ණත්වය ඩොල්ෆින් සතුන්ට දරාගත නොහැකි ලෙස වැඩි වන බවයි. ජලයේ ඔක්සිජන් නොමැතිකම හේතුවෙන් ඇමසන් ගංගාවේ මසුන් දහස් ගණනක් පසුගියදා මියගොස් තිබුණි.

සුදු ආරක්ෂිත ඇඳුම් කට්ටල වලින් සැරසුනු සත්ත්ව විද්‍යාඥයින්, ඊයේ දිනයේදී දැඩි දුර්ගන්ධය මධ්‍යයේ, මෙලෙස මියගිය ඩොල්ෆින් සතුන් ගේ මළසිරුරු රැස් කර මරණ පරීක්ෂණ සිදුකර ඇත.

බොහෝ විට රෝස පැහැයෙන් යුත් ඇමසන් ඩොල්ෆින් සතුන් දකුණු ඇමරිකාවේ ගංගාවල පමණක් දක්නට ලැබෙන අද්විතීය මිරිදිය ක්ෂීරපායි විශේෂයකි. මන්දගාමී ප්‍රජනක චක්‍රයක් හා පරිසර දූෂණය වැනි හේතු රැසක් හේතුවෙන් මෙම විශේෂයේ සතුන් ලෝකයේ ඉතිරිවඇත්තේ අතලොස්සක් පමණි.

පසුගිය දින වල ටෙෆේ විල් ජලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 39ක් දක්වා වැඩි වූ අතර, එය සාමාන්‍යයෙන් මේ කාලයේ පවතින උෂ්ණත්වයට වඩා අංශක 10ක් වැඩි බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.
(මුලාශ්‍රය – රොයිටර්)

විදෙස්

ඉන්දියාවේ කම්හලක ඇති වූ ගින්නෙන් 34කට දිවි අහිමිවේ

Published

on

By

ඉන්දියාවේ තෙලන්ගානා ප්‍රාන්තයේ ඖෂධ කම්හලක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 34 දෙනෙක් මියගොස් තිබේ.

මළ සිරුරු 31 ක් පමණ සුන්බුන් වලින් ගොඩගෙන ඇති අතර, ප්‍රතිකාර ලබමින් සිටියදී තිදෙනෙකු රෝහලේදී මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පිපිරීමත් සමග මෙම ගින්න හටගන්නා අවස්ථාවේ එම ගොඩනැගිල්ලේ පුද්ගලයින් 60 දෙනෙකු සිට ඇති බව සඳහන්ය.

ගින්නෙන් ගොඩනැගිල්ල සම්පූර්ණයෙන්ම කඩා වැටී ඇති බව ඉන්දීය බලධාරීන් වැඩිදුරටත් ප්‍රකාශ කරයි

Continue Reading

විදෙස්

පාකිස්ථානයේ වැස්සෙන් ජීවිත 45ක් අහිමි වේ

Published

on

By

පාකිස්තානයට බලපා ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් මේ වනවිට පුද්ගලයින් 45 දෙනෙකු මියගොස් ඇතැයි එරට ආපදා කළමනාකරණ නිලධාරීන් පවසයි.

මියගිය අය අතර දරුවන් 10 දෙනෙකු වන බව වාර්තා වේ. මේ අතර, තවත් පුද්ගලයින් 63 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

වර්ෂාවත් සමඟ ඇතිවු ගංවතුර තත්වය හේතුවෙන් ප්‍රදේශ රැසක ගමනා ගමනයට ද බාධා එල්ල වී ඇති බව සඳහන්ය.

කෙසේවෙතත් පාකිස්තානයට බලපා ඇති වර්ෂාපතන තත්වය ඉදිරි දින කිහිපයදීත් බලාපොරොත්තු විය හැකි බව එරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත.

Continue Reading

විදෙස්

කැනඩාව සමග වෙළෙඳ සාකච්ඡා ට්‍රම්ප් වහාම අත්හිටුවයි

Published

on

By

කැනඩාව සමග ඇති වෙළෙඳ සාකච්ඡා වහාම අත්හිටුවන බවත් ඉදිරි සතිය තුළ කැනේඩියානු භාණ්ඩ සඳහා නව තීරුබදු අනුපාතයක් නියම කරන බවත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ.

ජූලි මැද භාගය වන විට අමෙරිකාව සහ කැනඩාව වෙළෙඳ ගිවිසුමකට එකඟ වීමට කටයුතු කරමින් සිටියදී ට්‍රම්ප් විසින් මෙම හදිසි තීරණය ගෙන තිබේ.

අමෙරිකානු ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇත්තේ ඇමසන් ඇතුළු අමෙරිකානු සමාගම් සඳහා කලින් පනවන ලද ඩිජිටල් සේවා බද්දක් කැනඩාව විසින් එළැඹෙන සඳුදා දින සිට නැවත ආරම්භ කිරීමට සැලසුම් කිරීමට පෙරය.

සිය Truth Social  ගිණුමේ සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ කැනඩාව විසින් අමෙරිකානු තාක්ෂණ සමාගම් සඳහා ඩිජිටල් සේවා බද්ධක් පනවන බවට නිවේදනය කර ඇති බවත් එය අමෙරිකාවට සෘජු හා පැහැදිළි ප්‍රහාරයක් වන බවය.

එමෙන්ම වසර ගණනාවක් පුරාවට කිරි නිෂ්පාදන සඳහා ගොවීන්ගෙන් 400%ක තීරුබදු කැනඩාව විසින් අයකරගෙන ඇති බවත් කැනඩාව යනු වෙළෙඳාම් කිරීමට ඉතා අපහසු රටක් බවත් අමෙරිකානු ජනාධිපතිවරයා සිය සටහන මගින් කැනඩාවට චෝදනා කර තිබේ.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදී කැනඩාව සමග වෙළඳ සාකච්ඡා අවසන් කරන බවත් ඉදිරි දින 7 තුළ අමෙරිකා එක්සත් ජනපදය සමග ව්‍යාපාර කිරීමට ඔවුන් ගෙවන තීරුබදු සම්බන්ධව කැනඩාව දැනුවත් කරන බවත් සිය සටහන මගින් අමෙරිකානු ජනාධිපතිවරයා පවසා තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved