නැගෙනහිර ටිමෝරයේ ජනාධිපති රාමෝස් හොර්ටා මහතා විසින් වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති ෆ්‍රෙඩී ගමගේ මහතාට විශේෂ ගෞරව පදක්කමක් හෙට (27) නැගෙනහිර ටිමෝරයේ අගනුවරදී පිරිනැමීමට නියමිතය.
ඒ නැගෙනහිර ටිමෝරයේ නිදහස වෙනුවෙන් කරන ලද අරගලයට වෙනත් රටක සිවිල් සමාජ සහ මානව හිමිකම් ආරක්ෂා කිරිමේ ක්‍රියාධරයකු සහ මාධ්‍යවේදියකු ලෙස ලබා දෙන ලද අසීමීත සහයෝගයට ගෞරව දැක්වීමක් ලෙසය.
ඔහු අදාළ සම්මානය ලබා ගැනීම සඳහා මේවන විට නැගෙනහිර ටිමෝරය වෙත යමින් සිටින අතර ශ්‍රී ලංකා මිරර් කළ විමසීමකදී ගමගේ මහතා කියා සිටියේ ඔහු මේවන විට සිංගප්පූරු ගුවන් තොටුපලේ සිටින බවයි.
ගමගේ මහතා සිංගප්පූරු ගුවන්තොටේදී…
මීගමුව ශාන්ත මරියා මහා විදුහලෙන් උසස් අධ්‍යාපනය ලැබූ ගමගේ මහතා උසස් පෙළ සිසුවකු ලෙස කටයුතු කරන කාලයේදීම මීගමුව ජනාවබෝධ කේන්ද්‍රය ස්ථාපිත කර එය ඉදිරියට ගෙන යාමට ප්‍රධාන වශයෙන් කටයුතු කළ අයෙකි.
එසේම, ඔහු තරුණ කාලයේදී සරත් ඉද්දමල්ගොඩ පියතුමා සමඟ කටයුතු කරමින් පොඩි මිනිසා වෙනුවෙන් වීදියේ සටන් වැඳි අයෙකි.
උපාධිධාරියකු ද වන ඒ මහතා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අධ්‍යයන ආයතනයෙන් ජාත්‍යන්තර සබඳතා පිළිබඳව උසස් ඩිප්ලෝමාවක්ද හදාරා තිබේ.
ෆ්‍රෙඩී ගමගේට නැගෙනහිර ටීමෝරයෙන් ගෞරව සම්මානයක් ලැබෙන බව සැලැවීමත් සමඟ සමාජ මාධ්‍ය ඔස්සේ ඔහුගේ සසටන් සගයන්, මිතුරන් මෙන්ම සමකාලීනයන් කිහිපදෙනෙකු විවිධ සටහන් තබා තිබිණි.
ඉන් කිහිපයක් පහත දැක්වේ.