Connect with us

පුවත්

අද විරෝධතාවය පැවැත්වීමට අවසර නොදෙන බව පොලිසිය කියයි

Published

on

දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති සහ බහුජන සංවිධානය ඒකාබද්ධව අද (2) පස්වරුවේ කොළඹදී පැවැත්වීමට සූදානම් විරෝධතාව කොටුව දුම්රියපොළ ඉදිරිපිට හෝ ඒ ආසන්නයේ පැවැත්වීමට අවසර නොදෙන බව ඊට සහභාගීවන පාර්ශ්වවලට දැනුම් දෙමින් පොලිසිය ලිපියක් නිකුත් කර තිබේ.

කොළඹ මධ්‍යම 2 කොට්ඨාසය භාර සහකාර පොලිස් අධිකාරි කේ.ඒ.ඊ.එන් දිල්රුක් මහතාගේ අත්සනින් යුතුව මෙම ලිපිය එහි සංවිධායකයන්ට යැවීමට පොලිසිය කටයුතු කර ඇත.

එම ලිපියේ සඳහන් වන්නේ, මෙම විරෝධතාව පැවැත්වෙන කාල සීමාවේ මාර්ග අවහිර වීම නිසා රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල සේවය අවසන් කර යන ජනතාවට මෙන්ම කොටුව සහ පිටකොටුව තොග වෙළඳාමට ද අවහිරතා ඇති විය හැකි බවයි.

විරෝධතාව නිසා ඇතිවන වාහන තදබදයෙන් ප්‍රවාහන කටයුතු අඩාල වීම නිසා කටුනායක , බියගම , වතුපිටිවල හා මහනුවර ආදි ආර්ථික කලාපවල සිට කොළඹ වරායට බහාලුම් රැගෙන ඒමේදී , නියමිත කාලයට නැව් ගතකර නොහැකි වීමෙන් ආර්ථික බලපෑමක් ඇතිවන බව ද මෙම ලිපියේ සඳහන් ය.

ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ, විරෝධතාවය නිසා මාර්ග අවහිර වීමෙන් සංචාරකයින්ට ද පීඩාවක් හා අවහිරයක් සිදුවන බවයි.

පොලිස් අඥා පනතේ 80 වැනි වගන්තිය යටතේ ග්‍රැමෆෝනයක්, ශබ්ධ විකාශන යන්ත්‍රයක් හෝ මෙගාෆෝනයක් හෝ ඇම්ප්ලිෆියරයක් හෝ යන්ත්‍රාණුසාරයෙන් හෝ ශබ්ධය නිපදවන හෝ නැවත නිපදවන හෝ විශාලකරන වෙනත් උපකරණයක් භාවිත කිරීමට සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ අවසරය ගත යුතු උවත් එවැනි අවසරයක් ද ලබා ගෙන නැතැයි මෙම ලිපියේ සඳහන් ය.

එහි වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, මාර්ග අවහිර වීමක් හෝ බාධා වීමක් සිදු වුවහොත් ජනතාවට වන පීඩා ඉවත් කිරීමට පොලිස් අඥා පනතේ සහ වෙනත් නීති යටතේ ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බවයි.

පුවත්

ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වෙයි

Published

on

By

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වී තිබේ.

88 හැවිරිදි වියේ පසුවූ පාප්වහන්සේ ස්වර්ගස්ථ වී ඇත්තේ, වතිකානයේ කාසා සැන්ටා මාර්තා හි පිහිටි උන්වහන්සේගේ නිවසේදීය.

ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙන් මාසයකට වැඩි කාලයක් රෝහල්ගතව සිටි ෆැන්සිස් පාප්වහන්සේ ඉන් අනතුරුව සුවය ලබා ආපසු පැමිණියේය.

ඊයේ (20) දිනයේ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ පැවැති පාස්කු දේව මෙහෙයටත් උන්වහන්සේ එක්වුණි.

Continue Reading

පුවත්

නොරොච්චෝලේ නවතා තිබූ ජනන යන්ත්‍රය යළි ක්‍රියාත්මකයි

Published

on

By

අවුරුදු උත්සව සමයේ පැවති අඩු ඉල්ලුම හේතුවෙන් නොරොච්චෝලේ විදුලි බලාගාරයේ අක්‍රීය කර තිබූ ජනන යන්ත්‍රය අද (21) උදෑසන 11ට නැවත ක්‍රියාත්මක කළ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

වර්තමානයේ පවතින ඉහළ බල ඉල්ලුමට අනුගතව ඒකක තුනම ක්‍රියාත්මක වෙමින් පවතින බව වැඩිදුරටත් දැනුම් දී තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා මේ බව දැනුම් දී ඇත.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාවේ වෙනසක්

Published

on

By

සිරි දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාව සංශෝධනය කර ඇති බව ශ්‍රී දළදා මාලිගාව මහජනතාව වෙත නිවේදනය ක‍රයි.

එම කාලවේලාව පැයකින් දීර්ඝ කර ඇති අතර සංශෝධිත නව කාල සීමාව වන්නේ පෙරවරු 11.00 සිට සවස 5.30 දක්වා ය.

දිවයිනේ නන්දෙසින් මහනුවරට පැමිණෙන බැතිමතුන්ගේ සංඛ්‍යාව වැඩි වී තිබීම මෙම කාල දිගුවට හේතුවයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved