Connect with us

පුවත්

AI තාක්ෂණය සමග සුවසැරිය දැවැන්ත පිම්මක් පනී (වීඩියෝ)

Published

on

මෙරට ජනතාව දැවැන්ත සේවයක් සිදුකරන 1990 සුවසැරිය ගිලන් රථ සේවය සුවිශේෂී සංධිස්ථානයකට පැමිණ තිබේ.

ඒ, Mixed reality සහ AI තාක්ෂණය සමග එක්ව සිය සේවය ශක්තිමත් කරමිනි.

මීට කලින් ගිලන්රථය තම වෛද්‍යවරයා සමග සම්බන්ධ වූයේ දුරකතනය මගින් වුවත්, Mixed reality සහ AI තාක්ෂණය ඔස්සේ දැන් ඔවුන්ට සම්බන්ධ විය හැකි වනු ඇත.

මෙවැන්නක් ලංකාවේ පමණක් නොව ආසියානු කලාපයේම ක්‍රියාත්මක වන්නේ පළමු වතාවට බව 1990 සුවසැරිය ගිලන් රථ සේවය පවසයි.

මේ සඳහා තාක්ෂණික දායකත්වය ලබාදෙන්නේ Wavenet හා මයික්‍රොසොෆ්ට් සමාගම් ය.

මුලින් නියමු ව්‍යාපෘතියක් ලෙස මුලින්ම කොළඹ සහ යාපනය දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක කර පසුව දිවයිනේම ව්‍යාප්ත කිරීමට නියමිතය.

මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ 1990 සුවසැරිය නිර්මාතෘ – පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා, මෙම සේවයට ස්⁣වේච්ඡාවෙන් නායකත්වය ලබාදෙන දුමින්ද්‍ර රත්නායක මහතාටත්, සුවසැරිය ප්‍රධාන විධායක නිලධාරී සොහාන් ද සිල්වා මහතාටත්, කාර්ය මණ්ඩලයටත්, අධ්‍යක්ෂ මණ්ඩලයටත් සිය ප්‍රණාමය පුද කළේය.

තවද, සුවසැරිය සේවකයින්ටත් රු. 10,000/= ජීවන වියදම් දීමනාව ලබාදෙන්නැයි හර්ෂ ද සිල්වා මහතා සිදුකළ ඉල්ලීමට අවධානය යොමු කර එය ඉටුකිරීමට කටයුතු කරන බව මෙහිදී අදහස් දැක්වූ  සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතාද සඳහන් කළේය.

පුවත්

කුලියාපිටිය නවකවධ සිද්ධියට ඇල්ලූ 4ම රිමාන්ඩ්

Published

on

By

කුලියාපිටිය කාර්මික විද්‍යාලයේ පළමු වසරේ සිසුවියක් නවකවධය හේතුවෙන් වැවකට පැන සියදිවි හානිකර ගැනීමට උත්සහ දැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එහි ජ්‍යේෂ්ඨ සිසුන් තිදෙනා සහ සිසුවිය ලබන 16දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.

මෙම නියෝගය ලබාදී ඇත්තේ ඔවුන්ව අද (04) කුලියාපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

අදාල සිසුවිය පසුගිය 02දා විද්‍යාලය ආසන්නයේ පිහිටි වැවකට පැන සියදිවි හානිකර ගැනීමට උත්සහ කර තිබුණු අතර, අසල සිටි පිරිසක් විසින් ඇයව බේරාගෙන කඩිනමින් කුලියාපිටිය රෝහල වෙත ඇතුලත් කර තිබුණි.

පසුව රෝහල් පොලීසිය විසින් අදාළ ශිෂ්‍යාවගෙන් ප්‍රකාශයක් සටහන් කර ගෙන ඇති අතර, එහිදී අනාවරණය වී ඇත්තේ, විද්‍යාලයේ ජ්‍යේෂ්ඨ සිසුන් කිහිපදෙනෙකු විසින් තමන්ට නවකවධය ලබාදීම හේතුවෙන් මෙලෙස සියදිවි හානිකර ගැනීමට උත්සහ ගත් බවයි.

Continue Reading

පුවත්

මුඛ ආවරණ පැළඳීමේ උපදෙස් ලිපිය ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් පැහැදිලි කිරීමක්

Published

on

By

කාර්යාල පරිශ්‍ර තුළ මුඛ ආවරණ පැළඳීම සම්බන්ධයෙන් උපදෙස් ඇතුළත් ජුනි 02දා බස්නාහිර පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පාලන) ගේ අත්සනින් යුතුව ලිපිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය පැහැදිලි කිරීමක් සිදුකොට ඇත.

එහි දැක්වෙන්නේ මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් – විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් වෙත ලිපියක් යොමු කරමින් අදාල ලිපියේ නිකුත් කර ඇති උපදෙස් යළි සලකා බලා කටයුතු කරන මෙන් ඉල්ලා ඇති බවයි.

කාර්යාල තුළ මුඛ ආවරණ පැළඳීමට කටයුතු කරන ලෙස පොදුවේ ආයතන වෙත උපදෙස් දීමට අවශ්‍යතාවයක් පැන නොනගින බවද ජාසිංහ මහතා පවසා තිබේ.

මේ වන විට එම උපදෙස් මාලාව ඉවත් කර ඇතැයි වාර්තා වේ. 

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් මේ සම්බන්ධයෙන් සිදුකළ පැහැදිලි කිරීම මෙසේය :

Continue Reading

පුවත්

RCB ජය සැමරුම අතර තෙරපීමකින් 11ක් මරුට

Published

on

By

මෙවර IPL ශූරයන් ලෙස කිරුළ පැළඳි රෝයල් චැලෙන්ජර්ස් බෙංගලූරු (RCB) කණ්ඩායමේ ජය සැමරුම සඳහා බෙගලූරුහිදී අද (04) සංවිධානය කර තිබූ සැමරුම් උත්සවයේ ඇති වූ තෙරපීමකින් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් තිබේ.

මෙම අනතුරෙන් තවත් 50කට අධික පිරිසක් තුවාල ලබා ඇති බව ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved