Connect with us

පුවත්

ඉන්දියාවෙන් ගේන්න ගිය පොන්නි සම්බාවල බැර ලෝහ; ඒකත් මගඩියක්!

Published

on

ඉන්දියාවෙන්  “පොන්නි සම්බා” සහල් මෙට්‍රික් ටොන් 50,000 ක් ගෙන්වීමට අදාළව මෙරටට ගෙන්වන ලද සහල් සාම්පල හයක් පරීක්ෂා කිරීමේදී ඉන් පහකම බැර ලෝහ අඩංගු බවට අනාවරණයවී තිබේ.

මේ සහල් සාම්පල් ඉන්දියාවෙන් ගෙන්වාගෙන ඇත්තේ මෙරට වෙළෙදපොළේ පවතින කීරි සම්බා හිඟයට විසඳුමක් ලෙස “පොන්නි සම්බා” සහල් මෙට්‍රික් ටොන් 50,000 ක් ඉන්දියාවෙන් අපනයනය කිරීමට ලබාදී තිබූ කැබිනට් මණ්ඩල අනුමැතියට අනුවය.

මෙසේ ‌ෆේල්වී ඇත්තේ රජයේ ආයතනයක් හරහා මෙරටට ගෙන්වීමට සැලැසුම් කළ සහල් සාම්පල පහකි.

මෙයත් මඟඩියක් ද යන්න පිළිබඳව මේවන විට සැකයක් මතුව ඇතැයි කෘෂිකර්ම අමාත්‍යංශයේ ප්‍රධානියකු ශ්‍රී ලංකා මිරර් සමඟ කියා සිටියේය.

ඒ අදාළ පොන්නි සම්බා සාම්පල් පරීක්ෂණවලින් ප්‍රතික්ෂ‌ේප වීමත් සමඟ එම කැබිනට් තීන්දුව පෞද්ගලික අංශය හරහා ක්‍රියාත්මක කිරීමට වෙළෙඳ ඇමැතිවරයා ප්‍රමුඛ වෙළඳ අමාත්‍යංශය උත්සාහ ගනිමින් සිටින නිසාය.

අදාළ පොන්නි සම්බා සාම්පල්වල බැර ලෝහ ඇති බවත්, ඒ නිසා වෙනත් පාර්ශවයක් හරහා මෙම සහල් තොගය ගෙන්වීමට ද කැබිනට් මණ්ඩලයේදී කතා බහට ලක්ව ඇතැයි මේ අතර වාර්තා වේ.

කෙසේවුවද, පොන්නි සම්බා මෙට්‍රික් ටොන් ලක්ෂ 03 ක් ආනයනය කිරීමට වෙළෙඳ ඇමැතිවරයා කැබිනට් මණ්ඩලයෙන් අවසරය ඉල්ලා සිටියද, ආනයනය කරන සහල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 50,000 ක් වියයුතු බවට කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා දැඩි මතයක සිටීම නිසා පොන්නි සම්බා මෙට්‍රික් ටොන් 50,000 ක් පමණක් ආනයනය කිරීමට කැබිනට් මණ්ඩලය අවසරය හිමිව තිබූ බවද පැවසේ.

උත්සව සමයේදී මහා පරිමාණ සහල් වෙළෙඳුන් කීරි සම්බා තොග සඟවා වෙළෙදපොළට නිකුත් නොකිරීම නිසා මේ දිනවල රට තුළ කීරි සම්බා හිඟයක් පවතී.

මේ හේතුව නිසා කීරි සම්බාවලට ආදේශකයක් ලෙස ඉන්දියාවෙන් පොන්නි සම්බා ගෙන්වීමට කැබිනට්ටුව තීන්දු කර තිබිණි.

මේ අතර, බිත්තර මිල ඉහලයාම, ලොකු ලූනු මිල ඉහළ යාම පිටුපසද වෙළඳ අමාත්‍යංශය සිටින බවට චෝදනා එල්ල වෙමින් තිබේ.

මේ ඒ සම්බන්ධයෙන් නිවුස් ෆස්ට් තබා තිබූ වාර්තාවකි.

සබැඳි පුවත්
බිත්තර හැංගුවේ මිල නැග්ගුවේ ඇමති හා ඥාතියාද? 

ලොකු ලූනු නහුතෙට නගියි 

පුවත්

ජාතික ජනමාධ්‍ය ප්‍රතිපත්තිය ගැන ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන් නිවේදනයක්

Published

on

By

ජාතික ජනමාධ්‍ය ප්‍රතිපත්තියක් සකස් කිරීමේ වගකීම ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයින්, විද්වතුන් හා මාධ්‍ය සංවිධාන වෙත පැවරෙන බව ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

ඊට පහසුකම් සැලසීම පමණක් ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සිදු කරන බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.

Continue Reading

පුවත්

ශ්‍රී ලංකාව BRICS වලට උනන්දුවක් තියෙනවද? මට නම් දැනෙන්නෙ නැහැ – රුසියානු තානාපති

Published

on

By

BRICS සම්මුතිය සමග එක්වීමට උනන්දුවක් දක්වන්නේ නම් රටක් ලෙස ශ්‍රී ලංකාව ඊට ප්‍රායෝගිකව පියවර ගත යුතු බව ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් ජගර්යාන් මහතා පවසයි.

කොළඹදී ඊයේ පැවති විශේෂ සමුළුවක ප්‍රශ්නෝත්තර වටයේදී ඔහු මේ බව කියා සිටියේය.

“ජාත්‍යන්තර නීතීය තුළ බලය යෙදවීම රුසියානු කෝණයෙන්” යන විශේෂ සම්මන්ත්‍රණයක් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානයේදී ඊයේ පැවැත්වුණි.

එහිදී  මාධ්‍යවේදීයෙකු විසින් ශ්‍රී ලංකාව BRICS සමග සම්බන්ධ වෙන්නේ කවදාදැයි විමසා සිටියේය.

ශ්‍රී ලංකාවේ රුසියානු තනාපති ලෙවාන් ජගර්යාන් මහතා – “මේ ප්‍රශ්නය මගෙන් කිහිප සැරයක්ම අහලා තියෙනවා.මම පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ 01 වැනිදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවෙන්න ගියා රුසියානු ජනාධිපතිතුමාගේ ආරාධනා පත්‍රයකුත් අරගෙන BRICS සමුළුවට සහභාගී වෙන්න කියලා. මම භාෂා පරිවර්තක සමඟ තමයි කතා කළේ. මම දන්නේ නෑ එයා හරියට පරිවර්තනය කළාද කියලා.ජනාධිපතිවරයා මට කිව්වා මහ මැතිවරණය පැවැත්වෙන නිසා ඔහුට රුසියාවට එන්න වෙන්නේ නැහැ කියලා. BRICS සමඟ සම්බන්ධ වෙනවා නම් රුසියාවෙන් විතරක් නෙවෙයි සාමාජික රටවල් සියලුදෙනාගේ සම්මුතියක් තියෙන්න ඕනේ සහ ඒකට පියවර ගණනාවක් තියෙනවා.”

“රුසියාව,චීනය ශ්‍රී ලංකාවට සහයෝගය දෙනවා නමුත් ඒක කරන්න ඉතින් ඔබගේ පැත්තෙනුත් උනන්දුවක් තියෙන්නේ ඕනේ.එහෙම උනන්දුවක් තියෙනවාද? මට නම් දැනෙන්නේ නැහැ.කරුණාකරලා ප්‍රායෝගික පියවර ටිකක් ගන්න. තව දෙයක් ෂැංහයි සහයෝගිතා සංවිධානය ගැනත් ටිකක් අවධානය දෙන්න කියලා ඔබේ රටට කියනවා.”

මාධ්‍යවේදියා – වසර 3ක පමණ සිට යුක්‍රේනයේ කලාප කිහිපයක රුසියාව සිය අණසක පැතිරවූවා. ඒ කලාපවල අනාගතය කුමක්ද?

“ශ්‍රී ලංකාවේ රුසියානු තනාපති – රුසියානු ව්‍යවස්ථාවට අනුව ඩොනෙස්ක්,ලොහාන්ස්ක්,කර්ෂෝන් සහ සපොරෂියා කලාපය අයිති වෙන්නේ රුසියාවට. යුක්‍රේන හමුදාව සමහර තැන්වල ඉන්නවා ඒ අය ඉවත්විය යුතුයි. ඒ කලාප පිළිබඳ අපි සාකච්ඡා කරන්නේ නැහැ, විශේෂයෙන් ඒවා යළි ලබාදීම පිළිබඳව සාකච්ඡා කරන්නේ නැහැ.”

මූලාශ්‍රය  – අද දෙරණ

Continue Reading

පුවත්

පළාත් පාලන සභාපතිලාගේ නම් අතුළත් ගැසට්ටුව නිකුත් කරයි

Published

on

By

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 21ක් සඳහා පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතුරින් අදාළ තනතුරු සඳහා වූ නම් ගැසට් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර ඇත.

එම ගැසට් නිවේදනය පහතින්,

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ by poornima

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved