Connect with us

පුවත්

ලොකු ලූනු නහුතෙට නගියි

Published

on

ඉන්දියාවේ ලොකු ලූනු ආනයනය කිරීම අත්හිටුවන බවට පුවතක් පළ වීමත් සමඟ දේශීය ගබඩාවල විදේශ රටවලින් ගෙන්වා ගබඩා කර තිබූ ලොකු ලූනු කිලෝව රුපියල් 250ත් – 300ත් අතර ඉහළ දමා අලෙවි කිරීමේ ජාවාරම පිළිබඳව වහා රජය මැදිහත්ව සොයා බලන්නැයි දඹුල්ල ප්‍රදේශයේ ලොකු ලූනු තොග අලෙවි කරන වෙළෙන්දෝ ඉල්ලා සිටිති.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට යාබදව විදේශීය ලොකු ලූනු ගෙන්වා බෙදාහරින වෙළෙඳ ව්‍යාපාරිකයන් වෙනුවෙන් ව්‍යාපාරිකයෙකු වූ ජේ.එම්. ෆසිල් මහතා ඇතුළු කණ්ඩායමක් ඊයේ (12) කියා සිටියේ ඉන්දියාවේ ලොකු ලූනු වෙනත් රටවලට යැවීම තහනම් කිරීමට පෙර ලොකු ලූනු කිලෝව අලෙවි වූයේ රුපියල් 190ත් – 230ත් අතර මිලකට බවයි.

එකවරම ඊයේ (12) උදෑසන වන විට ලොකු ලූනු කිලෝව රුපියල් 450ත් 500ත් අතර ඉහළ මිලකට ආනයනකරුවන් අලෙවි කිරීම නිසා ජනතාව ව්‍යාපාරිකයන් අසරණ තත්ත්වයට පත්ව සිටින බව ඔවුහු පවසති.

මෙම ලොකු ලූනු අ‍ෙලවි මිල ඉහළ දැමීම පිටුපස ලූනු මාෆියාවක් ජාවාරමක් ක්‍රියාත්මක වන බවත් පෙන්වා දෙන  එම වෙළඳුන්  ලොකු ලූනු ආනයනය නොකර මේ පිරිස ගබඩා කළ ලොකු ලූනු වලින් විශාල ලාභයක් ලබමින් සිටින බවයි.

උත්සව සමය ආරම්භ වීමත් සමඟ මෙම ජාවාරම සිදු කරන බවද පෙන්වා දෙන ඔවුන්, රජය වහාම මැදිහත්ව වෙනත් රටවල්වලින් හෝ අඩු මුදලට ජනතාවට අවශ්‍ය ලොකු ලූනු ගෙන්වා ගැනීම සඳහා පහසුකම් සැපයීම සිදු කළ යුතු බවත් කීය.

මේ අතර,  සංවිධානාත්මක ලෙස දේශීය ලොකු ලූනු ගොවියා විනාශ කිරීමේ සැලැසුමක් ක්‍රියාත්මත බවත්, වෙනත් වසරවල දෙසැම්බර් ජනවාරි, පෙබරවාරි හා මාර්තු වන තුරු දේශීය ලොකු ලූනු වෙ‍ෙළඳපොළේ පැවැතිය ද මෙවර එසේ ලොකු ලූනු නොවීම ගැටලුවක් යැයිද ඔවුහු කියති.

එහෙත් මෙවර දේශීය ගොවීන් ලොකු ලූනු වගාවෙන් ඉවත්වීම නිසා විදේශීය රටවලට විශාල වශයෙන් ඩොලර් යවා අතරමැදි කණ්ඩායමක් ලූනු මාෆියාවක නිරතව සිටින බවද ඔවුහු චෝදනා කරති.

මේ වන විට දඹුල්ලේ ලොකු ලූනු තොග අලෙවි කරන වෙ‍ෙළඳසැල්වලින් විදේශීය ලොකු ලූනු කිලෝවක තොග මිල රුපියල් 400 සිට 500 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

ආනයන පාලකට JPP එකෙන් අභියෝගයක්

මේ අතර, ජාතික පාරිභෝගික පෙරමුණේ සභාපති අසේල සම්පත් මහතා කියා සිටින්නේ ලොකු ලූනු වලට රුපියල් 10ක බද්දක් පැනවීමෙන් පසුව ඉන්දියාවෙන් ලොකු ලූනු විශාල වශයෙන් ආනයනය කර ඇති බවයි.

හැකිනම් ආනයන පාලකවරයාට හා රේගුවට මේ සංඛ්‍යා හෙළිකරන ලෙසත් ඔහු ඉල්ලීමක් කර තිබේ.

📸 Watch this video on Facebook 

ක්‍රීඩා

ඩිලන්ත, GT4 යුරෝපියානු මෝටර් රථ තරගාවලියේ ඉසව්වකින් 2වැනි තැනට

Published

on

By

ඉතාලියේ මිසානෝ ජාත්‍යන්තර මෝටර් රථ ධාවන පථයේ පැවැති GT4 යුරෝපියානු තරගාවලියේ ඒ.කැන්ටු සමග යුගල ධාවනයක නිරත වූ ඩිලන්ත මාලගමුව එහි දෙවෙනි ස්ථානය දිනා ගැනීමට සමත් විය.

මෙහි දෙවෙනි තරගයට සහභාගි වූ ඩිලන්තගේ මෝටර් රථය අනතුරකට ලක්වීම නිසා විනාඩි 15 කට තරගයෙන් ඉවත්ව සිටීමට සිදුවුණද යළි තරගයට එක්ව තරගය අවසන් කිරීමට ඩිලන්ත හා සහායක රියදුරුට හැකි විය.

මෙම තරගාවලියේ මීළඟ තරගය ජූනි 28 දා ස්පාහිදී පැවැත්වේ.

Continue Reading

පුවත්

බන්ධනාගාර නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගයක

Published

on

By

බන්ධනාගාර නිලධාරීන් අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර ඇති බව සමස්ත ලංකා බන්ධනාගාර නිලධාරීන්ගේ එකමුතුව පවසයි.

ඔවුන් සඳහන් කළේ අද (20) සිට ලබන බදාදා (22) දක්වා එම වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත වන බවයි.

රුපියල් 25,000ක වැටුප් වැඩිවීමක් ඉල්ලමින් බන්ධනාගාර නිලධාරීන් අදාළ වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත වන බව සඳහන්ය.

Continue Reading

පුවත්

ඩයනා ගැන විමර්ශනයට නීතිපතිගෙන් CIDයට උපදෙස්

Published

on

By

හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට එරෙහිව එල්ල වී ඇති අපරාධමය කරුණු සම්බන්ධයෙන් විමර්ශනය කරන ලෙසත් ඇයට එරෙහිව අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබේ.

බ්‍රිතාන්‍ය පුරවැසියකුව සිටියදී මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීම සම්බන්ධව විභාග වූ නඩුකරවල දී සහ විමර්ශනවල දී අනාවරණය වූ අපරාධමය කරුණු සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා ආකාරය පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා විසින් නීතිපතිවරයාගෙන් උපදෙස් විමසා සිටින ලදී.

ඩයනා ගමගේ මහත්මිය සම්බන්ධයෙන් අපරාධමය කරුණු කීපයක් අනාවරණයවී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා විසින් නීතිපතිවරයා වෙත දන්වා තිබුණි.

ව්‍යාජ ලේඛන ඉදිරිපත් කිරීම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම, මැතිවරණ නීති උල්ලංඝනය කරමින් කටයුතු කිරීම, ව්‍යාජ ලේඛන මුල් ලේඛන ලෙස ඉදිරිපත් කිරීම ඒ අතර විය.

ඩයනා ගමගේ මහත්මියට එරෙහිව විමර්ශනයක් සිදුකරන ලෙසත් ලැබෙන සාක්ෂි මත අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ චෝදනා ගොනු කරමින් ඇය අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved